Corona : රාජ්‍ය සේවා සීමා කෙරේ… 17 සිට බලාත්මකයි..

March 16, 2020 at 10:32 pm | lanka C news
Corona : රාජ්‍ය සේවා සීමා කෙරේ… 17 සිට බලාත්මකයි..

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ.
හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

අද (16) රැස් වූ අධිකරණ සේවා කොමිසන් සභාව මාර්තු 17 සිට 20 දක්වා දිනවල සිදුකිරීමට නියමිත අධිකරණ කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් විනිසුරුවරුන් වෙත යොමු කර ඇත. වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොකෙරේ.

එම නඩු කැඳවීම් අප්‍රේල් මස මුල් සතියේ දී අධිකරණ පරිශ්‍රයට පැමිණ දැන ගැනීමේ හැකියාව මහජනතාවට ඇත. අත්‍යාවශ්‍ය සහ හදිසි ප්‍රමුඛතාවයකින් ගත යුතු නඩු පමණක් ඒ ඒ විනිසුරුවරුන්ගේ අභිමතය පරිදි කැඳවන ලෙස චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් දී ඇත.

මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මෙය ක්‍රියාත්මක බව අධිකරණ සේවා කොමිසන් සභාව දැනුම් දෙයි.

බන්ධනාගාර ආශ්‍රිතව මහජන ගැවසීම් ද මේ යටතේ සීමා කෙරේ.

බැංකු ගනුදෙණු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සියලු පහසුකම් සපයා තිබේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ මෙහෙයුම් රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ, අංක 1090 දරණ ස්ථානයේ සිට සිදු කෙරේ.

දෛනික ජන ජිවිතය අඩාල නොවන පරිදි සියලු කටයුතු පවත්වාගෙන යාමට රජය හැකි උපරිම උත්සාහයක නිරත වේ.

උද්ගතව ඇති තත්ත්වය නිවැරදි ආකාරයෙන් තේරුම්ගෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ජනතා සහාය රජය අපේක්ෂා කරයි.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

73,061 Viewers

8 Comments to “Corona : රාජ්‍ය සේවා සීමා කෙරේ… 17 සිට බලාත්මකයි..”

  1. Saman says:

    Use more and more IT Field.. video conferring
    බැංකුවකින් ලිපි ඊමේල් වලට දාන්න අනෙක් රජයේ ආයතන ඒව පිලිගන්න අත්සන නෑ කියල reject කරන්න එපා සින්හල එවුන් අමු කුහක හරක් නෙ…
    Army navy air force මෝඩයන්ට hand held thermo meters දෙන්න…සිවිල් එවුන් වැද්දගන්න එක නතර කරන්න…..

    • Praneeth says:

      කවුද මෝඩයෝ කියන්නේ. තමුසෙලා එක්කෝ පිටරටක කුලීයට වැඩකරන එකෙක් හරී, 3% මජරයෙක් වෙන්න ඇති.
      ඔවු අපේ හමුදාව මානුශික වැඩියි. එකයි ඔය කොරියාවේ , ඉතලියේ කුලී වැඩකරලා එන එවුන්ගේ බලු කථා අහගෙන ඉන්නේ.

    • oneshot says:

      Thamuse kohomada hamudave aya modayo kiyanne..

    • 🥵🥵🥵 says:

      කොරෝනාවෙන් බේරෙන්න ඉන්දියානුවෝ ගවමුත්‍රා බොයි …..🥵🥵🥵

    • 1234 says:

      හරි සර්, කියපු විධියටම කරන්නම්.

    • බෙර හඬ says:

      හමුදාව නොහිටින්න සමනයාගෙ මහ එකා ඡන්ද රැස්වීම් වලට යයිද යාපනේ? මුං කිලිනොච්චිය මැදවච්චිය නොදන්න එවුන්, මොනවටද මෙවුන්ගෙ මහ උන්ට හමුදාවෙ ආරක්ෂා. රට ජාතිය ගැන කැක්කුමක් නැති පර ගැතියෝ.

  2. Chinthana says:

    Please consider those elderly people on vaccination process. Keep them away from the government departments. Employ more young people and give holidays for elderly people during this period .

    • COVID-19 says:

      Hello, there is no vaccination for this virus. If you know a “vaccination process” please immediately publish it internationally.

Main News