Corona : රෝගීන් 102යි.. සැක සහිත 255යි.. අද නිල වාර්තාව මෙන්න..

March 25, 2020 at 12:00 pm | lanka C news
Corona : රෝගීන් 102යි.. සැක සහිත 255යි.. අද නිල වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වන විට මෙරට තුළ කොරෝනා ආසාදිත රෝගීන් 102ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන වාර්තාව අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 99කි.

අවසන් පැය 24 තුල හමු වී ඇති නව ආසාදිත ප‍්‍රමාණය 05කි.

එමෙන්ම රට පුරා රෝහල් ගණනාවක සැක සහිත පුද්ගලයන් 255 රඳවා ගෙන සිටී.

අදාල සම්පූර්ණ වාර්තාව මෙසේය.

44,645 Viewers

9 Comments to “Corona : රෝගීන් 102යි.. සැක සහිත 255යි.. අද නිල වාර්තාව මෙන්න..”

  1. Aurora says:

    යුදහමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය හොඳින් සිදුවෙනබව මෙම ප්‍රස්ථාරය පෙන්නුම් කරනවා. ඒ සඳහා සුළු බාධා තියෙද්දිත් මහජනතාව සහය දෙන බවත් අසධිතයන් අඩුවීම පෙන්නුම් කරනවා. නමුත් වෛද්‍යවරුන්ගේ කාර්යභාරය වන රෝගීන් සුවපත් කිරීම ඉතාමත් පහළ මට්ටමක තියෙන බවයි පෙනෙන්නේ. පසුගිය මුළු කාලයටම වෛද්‍යවරුන්හට පුළුවන් වෙලා තියෙන්නේ රෝගීන් 2 දෙනෙක් එනම් 2% සුව කරන්න විතරයි. ඒ නිසා අපගේ හෙලවෙදකම සහ අනෙකුත් වෛද්‍යවරුන්ද මේ විනාශයෙන් රටත් ජනතාවත් බේරාගැනීමට යොමුකිරීම ජනාධිපතිතුමාගේ වගකීමක්. ඒ සඳහා සුදානම් දේශීය වෛද්‍යවරු ඉන්නබවයි දැනගන්න තියෙන්නේ. ඉතා ඉක්මණින් ඒ සඳහා කටයුතු කරන්න ඉල්ලා සිටිනවා.

    • Fernando says:

      Agree on your comment on the indigenous medication.
      But remember this virus cannot be removed by doctors. It takes its own time depending on the strength of the immune system. Now the recovery has started withth first two patients being cured. So this can be expected to increase gradually.

    • 3A says:

      Ane me gon katha nokiya idahan. Hela weda kamen issella lede bo wena nathara karanko.

    • U.N.J.V.P says:

      මම දන්න විදියට නම් මේ රෝගය සුව කරන්න පුළුවන බෙහෙතක් බටහිර වෛද්‍ය විද්‍යාවෙ නැහැ. දොස්තරල කරන්නෙ රෝගය බරපතල වෙලා මැරෙන්න යන අයට කෘතිම ස්වසනය ඇතුළු පහසුකම් බාහිරින් සපයල ශරීරය තව දුරටත් දුර්වල වෙන එක නවත්වල රෝගය ඉබේම සුවවන තෙක් රෝගියා ජීවත් කරවීමට උත්සහ කරන එක. මම වැරදි නම් දන්න කෙනෙක් මාව නිවැරදි කරන්න.

      මේ තත්වය මත දේශීය වෛද්‍ය පුතිකාර ගැන අවධානය යොමු කරන එකත හොදයි.

      • 77 UNP says:

        ඔබ හරි, කොහොමත් කොරෝනා රෝගීන් 3% විතර නිකම් ඒ කියන්නේ තමුන්ගේ ශරීරයේ තියන ප්‍රතිශක්තිය නිසා හොඳ වෙනවා. දැනට අපේ රටේ 2% රෝගීන් සනීපයි. GMOA එකට හෝ බටහිර වෛද්‍ය කර්මයට කොරෝනා රෝගීන් සනීප කරන්න බැහැ. ඒ සඳහා බටහිර වෛද්‍ය කර්මාන්තයේ ක්‍රමවේදයක් ඇත්තෙත් නැහැ බලන් ඉන්නවා ඇරෙන්න. වෙනත් දේශීය වෛද්‍ය වරුන්ට කොරෝනා රෝගීන් සනීප කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඕකට තමා කියන්නේ පිදුරු ගොඩේ ලැග්ග බල්ල වගේ කියල.

  2. Lanka says:

    So it’s a positive curve ? Less cases compared to last few days ? Let’s pray to my country is going to be safe soon. Common let’s fight this monster . We can win this war too. Follow simple rules properly. We will be victorious. Triple gem bless to my country.

  3. Please kindly do the maximum to save our Sri Lankans Life ASAP. To do this all kinds of Status to be forgotten.

    Kindly combined the western medicine and Local Specialist Medicine system (Which is not from India) and save the life of Sri Lanka ASAP.

    Kindly contact local specialist Doctor : 077 8185597

  4. Alapaluwa says:

    එට සිට බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මල්ලක් සහන මිලකට ප්‍රාදේශීය මට්ටමින් සෑම නිවසකට ලැබෙන්න සලස්වනබව දැනගැනීමට ලැබුණා. එය ඉතාමත් සත්ගුණවත් ක්‍රියාවකි ඒවගේම මෙයින් මුළු ගමේම සිටිනා ජනතාව එකතැනකට රැස්වී මේ අවදානම ගැන  නොතකා පොරකෑමෙන් වලක්වා ගතහැකියි .මෙවනිදෙවල් තුළින් මා සිතනවා අඩුතරමින් මේ වියසනය පැතිරීයාමේ උවදුර බොහෝදුරට මගහැරීමට හැකියාවක් ඇතිකියා.ඒවගේම ඒ නිවසවලට බඩු රැගෙන එනවිට නිවසහිමියන්ද  හික්මීමක් ඇතිව සන්සුන්ව මේ බඩුබාහිර ලබාගැනීමටත් තරයේ සිතට ගන්න.නැතිනම් මේ අවස්ථාවත් ඔබලාට නැතිවියාමට හැකියි!මේ අවස්ථාවේදී ඔබලා සියලුමදෙනා එක අදිෂ්ටානයක් සිටින්න එනම් මේ වියසනයෙන් රටේ මනුෂ්‍ය වර්ගායව බේරාගැනීමේ අරමුණබවත් සිතා ගන්න!

  5. Wije says:

    නිකමට කියන්නේ, ලගකදී රට ඉදලා ආවත් නාවත්, වැර්දිලා හරි උනක් හෝ උගුරේ අමාරුවක් තියාගෙන ගෙට වෙලා හැංගිලා ඉන්නවනම් අහු වෙයි කියලා, තමාගේත් තව සිය දහස් ගනනකගේත් ජීවිත අමාරුවේ වැටෙන්න පුලුවන්. එම නිසා, හැංගි මුත්තන් කරන්න හිතන්න එහෙම එපා. (පොඩි සැකයක් ආවා, එහෙම අයත් ඉන්න පුලුවන් කියලා)