Corona : ලංකාවේ තත්වය භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න..- රජයේ වෛද්‍යවරුන් දැඩිව කියති..

March 19, 2020 at 10:32 pm | lanka C news
Corona : ලංකාවේ තත්වය භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න..- රජයේ වෛද්‍යවරුන් දැඩිව කියති..

පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු තවත් පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට පනවන ලද ඇඳිරි නීතිය අද පෙරවරුවේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති මොහොතක මෙහි වගකීම භාර ගන්නේ කවුදැයි සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

මෙය වසංගත රෝග මර්ධනයේ විද්‍යානුකුල ක‍්‍රමවේදය නොවන බවත් ඒ සදහා උපදෙස් දුන් සෞඛ්‍ය බලධාරීන් කවුරුන්දැයි ඔහු ප‍්‍රශ්ණ කලේය.

යම් හෙයකින් එසේ ඇදිරි නීතිය ඉවත් කරන්නේ නම් එම ප්‍රදේශය LockDown කළ යුතු බවද සඳහන් කළේය.

මේ වන විට ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවත් ඉදිරි සති දෙක තුනක කාලයේදී කුමක් වේදැයි කිව නොහැකි බවත් ඒ මහතා පැවසීය.

මෙම රෝගය වැලදෙන්නන්ගෙන් 4%ක් මිය යන බවත් අද අප ගන්නා තීරණය මත අලුත් අවුරුද්ද මළගමක් වන්නේද නොවන්නේද යන්න තීරණයක වනු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ මුල් සතිය ඉතාලියේ මුල් සතියටද වඩා දරුණු බවද සංගමය එහිදී පෙන්වා දුන්හ.

පුත්තලමේ සිටි පිරිස් රටේ වෙනත් ස්ථානවලට නොගිය බවට සහතිකයක් දෙන්න පුළුවන් කාට ද ?

පුත්තලමේ සිටි පිරිස් රටේ වෙනත් ස්ථානවලට නොගිය බවට සහතිකයක් දෙන්න පුළුවන් කාට ද ? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය#GMOA #lka #News1st #Coronavirus #Covid19 #COVID19SL #VC

Gepostet von Newsfirst.lk am Donnerstag, 19. März 2020

483 views

64 Comments to “Corona : ලංකාවේ තත්වය භායනකයි.. ඉතාලියේ ආරම්භයට වඩා දරුණුයි.. අලුත් අවුරුද්ද මලගමක් නොකර LockDown කරන්න..- රජයේ වෛද්‍යවරුන් දැඩිව කියති..”

  1. Dikman Aiyya says:

    ….what is this LOCK-DOWN seen,….i would never ever trust these fellows,..these are the guys who promote very expensive branded pharmaceuticals when there is enough good generics are there at very low cost ,…for what???….for money. Wonder who’s contract this is,..and the $$$ amount

  2. Sam Fernando says:

    The Prez taking right actions after consulting a board of specialists of the subject. Comparing with other developed countries ours has been fortunate not to have a single death. So we all will support him. We have been fortunate to live in our great country.

  3. Raja says:

    අපේ විරුවා කොරෝනා වැඩක්ද යුද්දේ නතර කරපු විදියට මේකත් නවත්වන්න පුලුවන් කියන්නේ. අපේ විරුවෝ රටේ ජනාධිපති වුනයි කියලා හැම මඟුලක්ම සිම්පල් ගන්න එපා ඔය යුද්ධයක් ඇදගෙන​. මේක මුලු ලෝකෙම භීතියයට පත් කරමින් ඉතාම සීග්‍රයෙන් පැතිරෙන වයිරසයක්. ඔය ප්‍රශ්ණේ ගැන සාකච්චා කරන්න ඒ ගැන දන්න අපේ දොස්තර මහත්වරුත් එක්ක​.

    • Mudiyanse says:

      However, the current president is acting much better than the old government that completely debaled the safety of nation from terrorist attack! We mush be honest when the real issues arrived.

  4. saranakumara says:

    පිරිත් නුල් පිරිත් පැන් බෙදිමටය කියා ශබ්ද විකාශන වලින් මහමග සෙනග රැස්කරවීමට ඇතැම් හිමිවරුන් දරන උත්සාහය ද රෝග නිවාරණය සේ ම පැතිරයාමට ද අනුබල දීමකි-සමහර තැනක එය මුදල් ඉපයීමේ ජාවාරමකි

Main News