CORONA : ලංකාවේ නගරත් වහන්න වෙයි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනතුරු අගවයි..

March 10, 2020 at 2:10 pm | lanka C news
CORONA : ලංකාවේ නගරත් වහන්න වෙයි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනතුරු අගවයි..

සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් අනිකුත් රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු හැඟවීය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එමෙන්ම දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මඩකලපුවේ සහ කන්දකාඩුව පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යාමේ කටයුතු අද (10 වැනිදා) සිට ආරම්භ කරන බවද හෙතෙම කීවේය.

එලෙස පැමිණෙන මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී පෘශ්ඨීය විෂබීජ හරණයකට ලක්කෙරෙනු ඇත.

ඉන් අනතුරුව විශේෂිත බස්රථ මගින් ඔවුන් එම නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවත් එහිදී දින දාහතරක් නේවාසිකව නිරෝධායනයකට ලක්කර ඉන් පිටව යාමට හැකි වෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර දකුණු කොරියාව, ඉරාන සහ ඉතාලියේ සිට පැමිණෙන මගීන්ට අමතරව වෙනත් රටවලින් මෙරටට පැමිණි පුද්ගලයන් තුන්දහස් නවසියයක් මේ වනවිටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායන කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

– aruna

205 views

12 Comments to “CORONA : ලංකාවේ නගරත් වහන්න වෙයි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනතුරු අගවයි..”

  1. Dev says:

    වෙන රටවල කරාට මෙහේ ඕවා බෑ. උද්ගෝශනේ කරයි.

    • Araliya says:

      Aniwaryayenama picketing karavi. Ada hesiruna heti dekka neda? Thamanta hedunoth ank ayata Bo karala thamai me wage minisun katayuthu karanne. INNO kadala kasiye thawarala anek ayata Bo karana uthsaha kala purudda pera indala a thiyenawane.

  2. හාරත බූරුවා says:

    මමත් ඉතාලියේ මිලානෝ වල රැකියාව කරන කෙනෙක් . දැන් ඉන්නෙ ලංකාවෙ නමුත් මම දැක්ක අද දහවල් news වලට පෙන්වනව නිරෝධායනයට ගෙනියන ලංකාවට පැමිනි පිරිස් නංවාගෙන යන බස් රථ. එයාල ඒවයේ වීදුරු ඇරල, බෙල්ල එලියට දාගෙන අත වනනව, කතාකරනව, බෑග් හුවමාරු කරගන්නව. හරිම මෝඩ පිරිසක්. කිසිම සැලකිල්ලක් නැහැ. මම හොදට දන්නව ඉතාලියෙන් එන හුඟ දෙනෙක්ට බරලතලකම තවම තේරෙන්නෙ නැහැ. හරියට ඉතාලි ජාතිකයන්ට වගේ. මේක අපේ රටට ආවොත් මොනවගේ විනාශයක් වෙයිද කියල මටනම් හිතාගන්නවත් බැහැ. මෙයාල හිතන්න ඕනැ රජය මේ වැඩපිලිවෙල පවත්වාගෙන යන්න කොච්චර මුදලක් වියදම් කරනවද කියල . ඒ ඒ අංශ වල නිලධාරීන් මොනතරම් කැපවීමෙන් වැඩකරනවද කියල. අඩුම තරමින් කොරෝනා වෛරසය පැතිරයන්න වෙලා මාස දෙකකටත් වඩා වැඩි කාලයක් වෙලා තවම අපේ රටේ කිසිම ආසාදිතයකු නැතිවීමම ලොකුම ජයග්‍රහනයක්. ඒවගේම පෝසත් හා දියුණු රටවල් ඉදිරියේ අපිට මේ සිද්ධියෙදි අහිංසක ආඩම්බරයක් තියනව. මේතත්වය දිගටම රැකගැනීමට හැමෝම උනන්දු වෙමු. අඩුම තරමින් දිනකට එක අයෙක්වත් දැනුවත් කරන්න පෙළඹෙමු. නිරෝධායනයට ගෙනයන බස් රථ වල වීදුරු අරින්න් බැරිවනසේ ඇණ දමා හෝ අගුලු ලන්නට බලධාරීන් දැනුවත් කරමු.

    • Ajith says:

      කටුනායක ගුවන් තොටේ චීන ජාතිකයන්ට පිළිතුරු ලිවීමට ලබා දෙන පෝරමය ඉංග්‍රීසියෙන් සහ චීන බසින් යුක්තය. එහි ඇත්තේ කුමන රටේ, කුමන පළාතේ සංචාරය කළා ද, උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනාද ආදී ප්‍රශ්නාවලියකි. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියූ පෝරමය කියවන්නේ වත් නැතිව නිලධාරීහු ඒ අසල ඇති පෙට්ටියකට පෝරම එකතු කරති. අපූරු වැඩේ නම් මේ නිලධාරීන් දෙදෙනාගෙන් කිසිවෙකුට චීන බස තබා හරියට ඉංග්‍රීසි බසවත් නොහැකි වීමය. ඔවුන් චීන ජාතිකයන් සමග කතා කරන්නේ ගොළු භාෂාවෙනි. ඒකම මරු විහිළුවකි. චීන ජාතිකයන් සෑම දෙනෙකුම පාහේ එකී පෝරමට පුරවා ඇත්තේ චීන බසිනි. මොවුන්ට ඒවා කියැවීමට ද නොහැකිය. පෙට්ටියට එකතු කරනවා පමණි. මෙලෙස කොරෝනා රෝගියෙකු හඳුනා ගත හැකිනම් ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිට ය.

      මා මේ පිළිබඳ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කීවේ ඔවුන්ගේ වගකීම පෝරම එකතු කර බාර දීම පමණක් බවයි. ඒ එලෙස නම් කොරෝනා රෝගියෙකු ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනා ගන්නේ කටුනායකින් රට ඇතුලට ආවාට පසුවය.
      රටට අබ සරණයි..

      චීනය කොරෝනා රෝගයට එරෙහිව සටන් කරන්නේ වෛද්‍ය සේවා මගින් පමණක් නොවේ. ඉතා බිහිසුනු මානව මර්දනයක් ද සමග ය. ඒ බව අන්තර්ජාලයේ සැරිසරන අනන්තවත් වීඩියෝ පට මාර්ගෙයන් හෙළි වී තිබෙන බැවින් මා ඒ ගැන මෙහි සඳහන් කරන්නේ නැත. ඒ තත්ත්වය නිසාම විශාල චීන ජාතිකයන් පිරිසක් රට හැර වෙනත් රටවලට පැන යෑමේ ප්‍රවණතාවයක් තිබේ. දකුණු කොරියාවට කොරෝනා වැළඳුනේ ඒ අනුව බව දැන් හෙළි වී ඇත. ඒ තත්ත්වය මත හාර ලක්ෂයක් පමණ චීන ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවට අසාදිත රෝගීන් පවා පැන ඒමේ ප්‍රවණතාවයක් තිබිය හැකිය. ඔවුන් පෙර කී ප්‍රශ්න පත්‍රයට නිවැරදි පිළිතුරු සපයාවි යැයි සෞඛ්‍ය අමත්‍යාංශය කල්පනා කරන්නේ නම් රටට අබ සරණය.

      කටුනායක ගුවන් තොටේ මේ සිදුවීම වන ස්ථානයේ සිදුවන තවත් විකාර සහගත සහ අශීලාචාර සිද්ධිය නම් මගීන් සියළු දෙනා එකිනෙකා පසුපස පෝලිමකින් බාර ගන්නවා වෙනුවට සියල්ලෝම පොදිය පිටින් බාර ගැනීමයි. එතැන පොර කෑමකි. යමෙකුට කොරෝනා තිබෙන්නේ නම් ඒ ස්ථානයේ දීම තවත් රාශියකට නිකම්ම බෝවෙනු ඇත. මේ තත්ත්වය හෙළි කර සිටියේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කටුනායක නටන ජෝගිය ගැන අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම පිණිස ය. තැන තැන් වලට කඩා පනින ජනාධිපතිවරයාට අවශ්‍ය නම් වෙස් වලාගෙන එහි ගියහොත් මේ බව තමන්ගේ දෑසටම දැක ගත හැකිය.

      • Lokka says:

        Elama Ela comment ekak ……. I never seen truth find out …. Will see after happen ……>

  3. Araliya says:

    Mamath news dekkama hithuwa. Eth e apu aya chandi tikakne. Pita ratadi nam pooso wage inna ethi

  4. Saradiel says:

    අනුබල නොසලකා හරින අයට දඩ මුදලක්

  5. අමිල says:

    දුස්සීල පාලකයෝ ආවම රටට මෙහෙම වෙනවා කියලා අර නර්ස් සාදු කිව්වේ මේකට වෙන්නැති.

  6. jonana says:

    ඔය පාර්ලිමේන්තුව නිරෝදන කරන්න ලෑස්ති කරානම් ඉවරයි, ලොකු පිනක් වෙයි. අර ගොත හරක් ටික කෑගහන්න ගන්න වෙලාවට වඩා

  7. CN says:

    The government needs to calm down. Coronavirus cannot survive under high-temperature environments such as Sri-Lanka. New York mayor refused to shut down the city on the account of coronavirus. It is a flue with a strong strain. There are many who have got it and now out of it. There are many who were with the coronavirus infected people and never got it. People are panicking and no need to panic. The government needs to slow down unless there is a hidden agenda or a business mafia behind the Health Minister and the Ministry to sell some products. Please don’t panic, but take precautions such as washing your hands often, self-quarantining yourself when you are sick, avoiding sick people, etc.

Main News