Corona : වක‍්‍රය එක තැන ඉහල නගී.. අද වාර්තාව මෙන්න..

April 27, 2020 at 1:22 pm | lanka C news
Corona : වක‍්‍රය එක තැන ඉහල නගී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වනවිට රට තුල කොරෝනා ආසාදිතයන් 523 දෙනෙක් වාර්තා වන අතර ඉන් 390 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 126 දෙනකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොරෝනා ආසාදිත යයි සැක සහිතව 295 රෝහල්ගතව සිටින බවද අද වාර්තාවේ දැක්වෙයිග.

පෙරවරු 10.00 න් අවසන් පැය 24 තුළ අලුත් රෝගීන් 63 වාර්තා වී ඇති අතර සුව වී නිවෙස් බලා ගිය ප්‍රමාණය 06කිග

අද නිකුත් කළ සම්පූර්ණ වාර්තාව මෙසේය.

276 views

34 Comments to “Corona : වක‍්‍රය එක තැන ඉහල නගී.. අද වාර්තාව මෙන්න..”

  1. කුමාරදේව says:

    Copied from FB post

    නූලෙන් අතපසු වුණ ජයග්‍රහණය අපායක් වී නතරවෙයිද?

    මේ වෙනකොට ලංකාව කොවිඩ් වසංගතයෙන් අපූරුවට මිදෙන්න තිබ්බ අවස්ථාව නැති කරගත්තේ කෙසෙල් වත්ත හා වැලිසර නාවික හමුදා කදවුරට අදාලව සිදුවුන අතපසු වීම් නිසා. කෙසෙල් වත්ත මේ වෙනකොට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කොට අවසන්. දැන් ඉතුරු වී තිබෙන්නේ වැලිසර නාවික හමුදා කදවුර ඇතුලෙත්, එයින් නිවාඩු ගොස් සිටි සෙබලුන් 25 දෙනා ගිය ප්‍රදේශ වලත් තත්වය පාලනය කිරීම. මෙතෙක් කල් ත්‍රිවිද හමුදාව හා බුද්දි අංශය ලෙඩේ පසු පස හබා ගිය ආකාරය දෙස බලන කල නිවාඩු ගිය 25 දෙනා නිසා ඇතිවූ අලුත් ජාලය හා පොකුර මේ වෙනකොටත් හොයාගෙන තිබිය හැකියි. මේක GMOA එක කියන ආකාරයේ ඔව්න් මුලින් සදහන් කල රෝග ව්‍යාප්තියක් නොවේ. මේක අලුතින්ම ඇතිවූ තත්වයක්. ඔව්න් මුලදි සදහන් කල මැයි මාසයේ අවදානම් සති දෙක ගණන් බැලුවේ මේ කියන කාරණය සලකා නොවේ. ඔව්න් බොහෝ වෙලාවට අනුගමනය කරන්නේ ජෝන් හොප්කින්ස් ප්‍රක්ෂේපණය. ඒ ප්‍රක්ෂේපණයට අනුව ලෙඩ්ඩු නැත්තේ ඇයි කියන එක තමා ඔව්න්ගේ හිතේ සැකයක් මතුකරන කාරණය. පසුගිය දවස් තුනේම ලෙඩ්ඩු ගොඩක් වැඩි උනේ කෙසෙල් වත්ත සිද්දියටත් වඩා නාවික හමුදා කදවුරෙන්. ඒ සිදුවීම කොමියුනිටි ට්‍රාන්ස්මිෂන් එකක් හැටියට කිසිසේත් සිතන්න බෑ. GMOA එක කියලා තිබ්බා ලංකාවත් ඉතාලියේ වගේ J shape වක්‍රයකද ඉන්නේ කියලා සැකයි කියලා. වක්‍රයේ හැඩ දෙක සමාන නමුත් සලකලා තියෙන නියැදියන් අවස්ථා දෙකේදි ගොඩක් වෙනස්. උදාහරණයක් ලෙස වැලිසර හමුදා කදවුරට අදාලව වක්‍රයක් ඇන්දොත් ඒක එක තැන ඉස්සෙන වක්‍රයක්. ඉතාලියේ හදුනා ගත් පොකුරු නිසා නෙවේ වක්‍රය ඉහලට එසවුනේ. ලෙඩ්ඩු කොහෙන්ද එන්නේ කොහොමද රෝගය ව්‍යාප්ත වෙන්නේ කියලා ඔව්න් ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. නමුත් ලංකාවේ ඒ තත්වය වෙනස්. වැලිසර කදවුරේ රෝගීන් තිදෙනෙක් හදුනා ගන්නකොටම අවශ්‍ය ක්‍රියා මාර්ග අරන් තිබෙනවා ඒ හරහා ඇතිවුන ජාලය මැඩලීමට. මෙතන හෝදලා මඩේ දානවා වගේ තත්වයක් සිදුවෙලා තිබෙනවා. නමුත් අවාසනාවකට අනපේක්ෂිත නමුත් වාසනාවට පාලනය කරගත හැකි මට්ටමේ තත්වයක්. අනික් ප්‍රදානතම කාරනය තමා චයිනීස් ටෙස්ට් කිට් වලින් පරීක්ෂණ කිරීම වහාම නවතා ඇමරිකන් හෝ යුරෝපියන් ටෙස්ට් කිට්ස් වලින් පරීක්ෂණ කරන්න වීම අනිවාර්යයි. චයිනීස් ටෙස්ට් කිට් වල නිර්වද්‍ය තාවය තිබෙන්නේ 30-50% අතරේ මට්ටමේ. ඒකෙ තේරුම 1000ක් දෙනා පරීක්ෂා කලොත් එයින් 500ක්ම වැරදි සහගත ප්‍රතිපල අනිවාර්යෙන්ම ලැබෙන්නේ. සමහර රටවල් ඔව්න්ගේ නොමිලේ දෙන ටෙස්ට් කිට්ස් ප්‍රතික්ෂේප කලේ ගොඩක් මේ හේතුව නිසා. චීනය විසින් ලංකාවට දීර්ග කාලයක සිට විකුණන කිසිම වෛද්‍ය උපකරනයක් හෝ රසායනික ද්‍රව්‍යක් ඉහල තත්වයේ ඒවා නොවේ. එහෙම තත්වයක් තුල මේ වගේ වෙලාවක ඔව්න්ගේ වෛද්‍ය උපකරන හා රසායනික ද්‍රව්‍ය ගැනීම ප්‍රශ්නය විසදීම වෙනුවට තවත් නොසිතූ දෙසකට යාම සිදුවිය හැක. චයිනීස් ටෙස්ට් කිට් වලින් දෙන්නේ වැරදි නෙගටිව් රිසල්ට් පමණක්ම නොවේ වැරදි පොසිටිව් රිසල්ට් ද ලබා දෙයි. මේ ප්‍රශ්නේදි GMOA එකට වඩා වෛද්‍ය අනිල් ජාසිංහගේ පුරෝකථන හා ඔහු වැඩසටහන මෙහෙයවන විදිය ප්‍රශංසනීයයි. අතිශෝක්තියෙන් තොරව ප්‍රශ්නය නිවරදිව හදුනාගෙන ඔහු මෙතෙක් කල් යෙදූ සියලු පිලියම් සාර්ථක විය. ඔහු කරන ටෙස්ට් සංඛ්‍යාව වැඩි කලේ හේතුවක් ඇති නියැදි සදහා පමණි. වෛරසයේ ඉහල සමාජ ව්‍යාප්තියක් නොමැති බව හදුනාගෙන එනිසාම තිබෙන සීමිත සම්පත් අවශ්‍යම තැනට නිවරදිව යොදවන්න ඔහු හරියටම ක්‍රියා කරලා තිබෙනවා. ඉහල සමාජ ව්‍යාප්තියක් නොමැති විට අහබු පරීක්ෂණ කිරීම කිසිම ඵල දායි දෙයක් නොවේ. ඒ බව හොදටම ඔප්පූඋනා පෑලියගොඩ මාලු මාර්කට් එකේ සිද්දියෙන්.

    • manoj says:

      ABSOLUTELY CORRECT

      • රටට වින කරන මොඩ රැල says:

        මම හිතන්නෙ යු එන් පි යට ඔන කරලා තිබුණ විදියට දත් දොස්තර වැඩේ දුන්නා . කවුරු හො එක මොඩ මනුස්සයෙක් ලව්වා මැන්ට ඔන කරන දේ කරගත්තා මොකද ව්දේශ රටවලින් ප්රශංසා ලැබේන කොට මුට ඉන්න බැරිව දගලපු හැටි අපි දැක්කානේ කාලකන්නි ගුඑන්පි මොඩ හැතිකේ රටත් කැවා උනුත් කා ගෙනම

    • රසිත says:

      කෙසෙල් වත්තට කොරොනා ආවේ මොන link එකකින්ද යන්න තාම දන්නෙ නැත, අද නාරහෙන්පිට රෝහලක ආසදිතයෙක් හමුවුනා කියලා post එකක් දැක්කා, එලපු ජාලයට අයිති කෙනෙක් නම් කමක් නෑ. හිටිහැටියෙ මතුවෙන එකතමා අතිභයනකම දේ, ඒ නිසා උණ තියෙන පුද්ගලයෙක් කොහේ හෝ සිටී නම් ඔහුව පරික්ශා කිරීමත් වැදගත් මේ වෙලාවේ

      • nirmal says:

        first victim coming from dambadiva

        • Nelum says:

          That lady arrived here from Dambadiwa on 12th March. She got symptoms after 32 days and she had no any sickness until then. But their front house people were suffering from some sort of runny nose and cough symtoms during that period according to the infected lady.

    • Hesh says:

      95%කට එකගයි. ඒ උනාට නිරෝධායන කටයුතු වලට සම්බන්ද උන හමුද නිලාධාරීන් සහ නිවාඩු යන හමුදා නිලධාරීන් අනිවාර්ය ටෙස්ට් කිරීමකට ලක් කරන්න තිබුනා. ඒක කරන්න බෑ දවසට 300ක් හෝ 1000ක් හෝ ටෙස්ට් කරලා. ටෙස්ට් කැපසිටි එක 5000ක්වත් කරන්න ඕනෙ. එහෙම කරන්න තාම ලෑස්තියක් නෑ.

    • PCR ඇලජික් says:

      ටෙස්ට් ටෙස්ට් ටෙස්ට් කියලා හෙමදාම මතුර මතුර ඉඳලා වැඩක් නැහැ. මේක වර්ධනය වන හැටියට දවසකට අවම 2500 වත් ටෙස්ට් කරන්න පහසුකම් තියෙන්න ඕන. මිට සති 6 කට විතර කලින් gmoa එක ලියුමක් ගැහැව්වා ටෙස්ට් කිරීමේ වැදගත් කම පෙන්නලා දීලා. කොරෝනා මර්ධන ලබ්බේ තොවිලේ ඉන්න එවුන්ට මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ, මොකෝ දොස්තරලා නෙමෙයි නේ. ටෙස්ට් ඕන නැහැ කුඩු කරලා සති 2 ක් තිබ්බම හරි කිව්වා. කොරෝන්ටයින් ඉවර වෙලා ටෙස්ට් නොකර යවන්න එපා, ලෙඩේ ඇගේ තියෙන්න පුළුවන් කිව්වා, ඇහැව්වේ නැහැ. අන්තිමට එකෙකුට හැදුනම නැට්ට ගිනි අරන් දැඟලුව. දැන් තේරෙනවා නේ මෙතන ඇග තිබ්බට මොලේ නැති අය තීරණ ගන්න ගියපුවහම වෙන්නේ මොකද කියලා. අකමැති උනත් මම ප්‍රර්ථනා කරන්නේ මේක තවත් උඩු දුවල පාලනය කර බැරි මට්ටමකට එන්න ඕන කියල. අන්න එතකොට ලොකු පුටුවල ඉන්න එවුන්ට තේරෙයි දොස්තරලා , gmoa එක, විශේෂඥයෝ මොනාද කිව්වේ කියල. හැබයි ඒ වෙනකොට රටක් නම් ඉතුරු වෙන එකක් නැහැ.

    • Madura says:

      Excellent explanantion Mr. Kumaradewa! You seem to be one of those rare educated&intelligent&unbiased&patriotic Sri Lankans.

    • Hiranthe says:

      Totally Agree. Hope these guys are not Sajith or Anura’s followers who will do it deleberately knowing that they will not die with the visus as they are physically fit soldiers. our Intel should see their background to find out if it is a genuine error or a planned act.

    • Wijebahu says:

      Yes keep telling Cinderella stories. 1000 is very near. Keep singing together ‘wada karana weeraya’ la… la… wada ala karana weerayala…or keep election mania a side and increased testing and recall parliament and take collective decision you idiots.

  2. උදාර says:

    සියලු දෙනාටම ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා
    ..! 🙏🙏🙏

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    සියළුම රෝගීන් ඉක්මනින්ම සුවපත් වෙත්වා !
    මේ කරදර අස්සේත් මහ හයියෙන් පීකර් දාන මෝඩ ආගමික උන්නාන්සේලා හැඳිගෑවෙත්වා !!!
    බුදුන් දෙසූ දහම සුරැකෙත්වා !!!

    • Harindra says:

      Agree with you friend. “Ispeeker vedio bana”!!! Foolish monks

    • උපාලි says:

      මෙම භූමිය සියලුම ආගම්වල සියලුම ජාතීන්ට අයිතිය. ඔබවෙනි ජාතිවාදී අදහස් දක්වන අය බුදු දහමට නින්දාවකි. ඔබගේ ගෝත්‍රික අදහස්වලින් ඉවත්වී නියම බුදු මග යන්නේනම් ගමන සුභයි. බුදු සරනයි .

    • ඉශානි says:

      බුදු දහමට පිලිලයක් වෙන්නේ ඔබවන් පටු ජාතිවාදී සහ ද්වේශ සහගත පිපිරිසකගේ මන්දබුද්දික අදහස් තමයි. බුදුන්ට පූජාකල මෙම පුන්‍ය භූමිය සියලුම ආගම්වල මිනිසුන්ට ආශිර්වාදයකි.

    • Amda says:

      මේ කොමෙන්ට් එකෙන් පොඩි ඌරු ගදක් එනවා. ගොඩක්ම පස්ස අමාරුව වැඩිනම් බටර් ටිකකුත් අරගෙන ගිහින් ගොන්ජ හමුවෙයන්.

  4. Aurora says:

    කොරෝනා බෝවෙන එක වලක්වන්න වැදගත්ම දේ රෝගීන් හඳුනාගන්න එක. හමුදාවල්, බුද්ධි නිලධාරීන් සහ PHI වරු එකතුවෙලා ඒක හරියට කරනවා. ඊට පස්සේ රෝගීන්ව බටහිර වෛද්‍යවරු අත්අඩංගුවට අරන් රෝහල්වල හිරකරගන්නවා. අඩුම ගානේ දවස් 14 ක් වත් තියාගන්නවා. මේ බොරුකාරයෝ හෙලවෙදකමේ සහ අයුර්වේදේ තියන කොත්තමල්ලි, කැඳ, දුම් ඇල්ලිලි තමයි කරන්නේ. දොස්තරලා දන්නදෙයක් නැහැ ඒ ප්‍රතිකාර ක්‍රම ගැන. නමුත් ලෙඩ්ඩු මළොත්කියන බයට තමුන් නොදන්න ප්‍රතිකර්ම (ඒවා ප්‍රථමාධාර) දීල රටේ අවධානෙ වෙනතකට හරවන්න බොරු මාධ්‍ය සාකච්ජා තියල මිනිස්සු බය කරනවා. හෙලවෙදකමේ සහ අයුර්වේදේ වෙදවරු කියන්නේ දින 3 න් ඔවුන්ට සුවකළ හැකි බවයි. නමුත් බටහිර ඖෂධ කොම්පැනිවල මුදල් බලෙන් හෙලවෙදකමේ සහ අයුර්වේදේ යට ගහගෙන ඉන්නේ දොස්-තර වරු. හරිනම් මේක බුද්ධිමය දේපල කොල්ලකෑමක්. බටහිර වෙදුන් මේ කරන්නේ තම වෘතීය මාෆියාව ක්‍රියාත්මක කිරීමයි. අන්තිමට අමාරුවේ වැටෙන්නේ රජයත් අසරණ ජනතාවත්.

  5. Thilak says:

    Welisara kattiyagen gamwalta rogaya bo wunahama, gam wala lede bo wenawa.

  6. දුම්රිය සේවකයෙක් says:

    දුම්රිය සේවය නවතාදමා සේවකයන් මේ දවස්වල ගෙදරතබා නිකම්ම පඩි ගෙවනවා. නමුත් දුම්රිය රියදුරු,දුම්රිය නියාමක,දුම්රිය ස්ථානාධිපති වෘත්තීය සංගම්වලට ඕන වෙලා තියනවා දුම්රිය දුවවන්න. ඒකට හේතුව පඩියට අමතරව අතිකාල දීමනාත් ලබාගැනීමට එවිට හැකිවෙනවා.

    හැම වෘත්තීය සංගමයකටම පුද්ගලික අරමුණක් තියනවා මේ වෙලාවෙ. GMOA එකටත් එහෙමයි.

  7. Ranga says:

    දිස්ත්‍රික්ක මායිම පනින්න එපා කියපු නීතිය හමුදාවලට වලන්ගු නැද්ද?
    ඒක නිසා නේද මේ ?

  8. 77 UNP says:

    ආණ්ඩුවට කොන්ද පන නැද්ද 1800 ගනන්වල හදපු වසංගත පනතක එල්ලිලා හෙළ වෙදකම, ආයුර්වේද ප්‍රතිකාර වලට රෝගයට ප්‍රතිකාර කරන එක වලක්වන්න. සුද්දෝ පනත හැදුවේ අපේදේ යටගහන්න කියන එක අපිට තේරෙනවා. නමුත් අපි පත් කරගත්ත අපේ ජනාධිපති දේශීය වෙදකමට තියන බාධා දුරුකරන්න ඕන. ඒකට තමයි විධායක බලතල තියෙන්නේ.

    • සරත් says:

      මෙහි වැරැද්ද තියෙන්නේ ලංකාවේ ඉන්න බොහෝ බටහිර වෛද්‍යවරු ගවේෂණාත්මක නැහැ. බ්‍රිටිෂ් මෙඩිකල් ශබ්ද කෝෂය නැතිනම් ඔවුනට බෙහෙත් දෙන්න පුළුවන් කමක් නැහැ. මම මේක කියන්නේ මම අත්දැකපු සිංහල වෙදකමේ ආශ්චර්ය දක්ෂතාවයක් පෙන්නුම් කරන්න මිසක් වෙනත් දෙයකට කියල හිතන්න එපා.
      මගේ අත්තම්මා (අම්මා ගේ අම්මා) සිංහල ඇස් වෛද්‍ය වරියක්. මම කුඩා කාලයේදී එකදවසක් ගැමියෙක් ආවා, ඔහුගේ ඇහේ පුවක් කීරි කැබැල්ලක් ඇනිල තිබුනා, ඔහු අත්තම්මා ලගට එන්න කලින් ලංකාවේම ඉතා ප්‍රසිද්ධ බටහිර දොස්තර කෙනෙක් ලඟට ගිහිල්ලා තමයි ඇවිල්ල තිබුනේ. දොස්තර මහත්මයා කියලා තිබුනේ පුවක් කීර ඇහේ යටටම කිඳා බැහැලා තියනවා ඒනිසා මේ පුවක් කීර ගලවන්න සැත්කමක් කළහොත් ඇහේ පෙනීම නැතිවෙනවා කියල. එනිසා ඔහු එහෙනං එපා කියලා තමයි ඇවිත් තියෙන්නේ.
      නමුත් අත්තම්මා අපේ ගේ අසලින්ම එකතු කරගත් බෙහෙත් වර්ග කීපයක් අඹරා ඒවා රෝගියාගේ ඇහැ වටේට ගලවා රෙදිපටියකින් බැන්දා. තවත් බෙහෙතක් විරුද්ධ පාදයේ මහපට ඇඟිල්ලේ බැඳලා, පුවක් කීරි කැබැල්ල ගැලවුනහම එන්න කියලා උපදෙස් දුන්නා. හරියටම සිව්වන දිනයේදී ඒ පුද්ගලයා ගැලවුන පුවක් කීරි කැබැල්ලත් අරන් අපේ ගෙදර ආවා. මේ මම අත්දැකපු සත්ත්‍යයක්. නමුත් මේ බටහිර දොස්තරලා සිංහල බෙහෙත් වලට පුදුම අකමැත්තක් තියෙන්නේ.

      • SL says:

        ඒක තමයි මචන්, ඉන්දියාවේ මොදිත් ප්‍රසිද්දියේ අයුර්වේදයෙන් බොන්න කියප්පු බෙහෙත් උපදෙස් රුපවාහිනි නාලිකාවල දුන්න .ලංකාවේ සිංහල වෙදකම කීවම බයේ දුවනවා.

        වල්නාශක බීපු එකෙක් අවවහාම මැරෙන්න අරිනවා ඇරෙන්න ඉස්පිරිතාලෙට කරන්න දෙයක් නැහැ .හැබැයි සිංහල වෙද්දු ඉන්නවා 100% ගොඩ දාන.

        අපේ උන් හරිම ලැජ්ජයි සිංහල බෙහෙත් වලින් ගොඩ ගියා කියන්න.ඒකට චීනේ,බහුතර ලෙඩ්ඩුන්ට කලේ චීන වෙදකම් කියල ප්‍රසිද්දියේ ආඩම්බරයෙන් කියනවා .

        අපේ දේ අගයන්න අපිට අපේ කමක් නැහැ, මොකක් හරි වරදක් දකිනවා … .

  9. රාණි ගෙ මිනිහ says:

    කොරෝනා වක්‍රය විතරමද එක තැන ඉහල නගින්නේ ..ඇයි වෙන එව්වා ඇත්තෙම නැද්ද ?