Corona : සැක සහිත පුද්ගලයන් අඩු වෙයි.. තහවුරු වූ රෝගීන් 28යි.. අලුත්ම වාර්තාව මෙන්න..

March 17, 2020 at 12:40 pm | lanka C news
Corona : සැක සහිත පුද්ගලයන් අඩු වෙයි.. තහවුරු වූ රෝගීන් 28යි.. අලුත්ම වාර්තාව මෙන්න..

රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් අද වන විට 204 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

ඒ අනුව කොරෝනා ආසාදිත යයි තහවුරු වූ රෝගීන් 28 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ දිනය වන විට සැක සහිත පුද්ගලයන් 212 දෙනකු රෝහල්ගතව සිටියේය.

අද දිනයේ සම්පුර්ණ වාර්තාව මෙසේය.

1,246 views

6 Comments to “Corona : සැක සහිත පුද්ගලයන් අඩු වෙයි.. තහවුරු වූ රෝගීන් 28යි.. අලුත්ම වාර්තාව මෙන්න..”

  1. Araliya says:

    May triple gems bless for our country 🙏

  2. ජනක says:

    මේ පළමුවෙනි විවේක කාලය එහෙමත් නැතිනම් කොරෝනා වයිරසය අපිව රවටන කාලය .
    දැන් මුලින්ම කොරෝනා වැළඳී සොයාගත් අයවලුන් ඇසුර හෝ ඔවුන්ගේ හැසිරීම නිසා මේ වයිරසය බෝවුණු දෙවන පරම්පරාවේ අය සමාජයේ අතන මෙතන යන කාලයයි මොවුන් තව සති දෙකකින් මතුවන අතර ඔවුන් සමාජයේ හැසිරීම නිසා බෝවන අය මතුවන්නේ අද දින සිට හරියටම මසකිනි .
    මෙය සමාජය ගොදුරුකරගන්නේ හරියටම අර පිරමිඩ ක්‍රමයේ වංචාවක් මෙනි .

    අද දිනද නගරාශ්‍රිතව ජනතාව රැස්වූ බව ආරංචියි පිළියන්දල නගරයේද ජනතාව පිරි සිටියා . ඔබට ඔබේ ජීවිතය ගැන සහ පවුලේ අයගේ ජීවිතය ගැන වගකීමක් ඇතිනම් කරුණාකර විවද තැන්වලට යාමෙන් වලකින්න

    • සුදේශ් says:

      කරුණාකර මෙන්න මේ තත්වය මාද්‍ය මගින් පෙන්වා දෙන්න .දැන් අපේ මෝඩ මිනිසුන් මේ රෝගීන් අඩුවූ බව අහපු ගමන් හෙට ආණ්ඩුවෙන් නොමිලේ ලැබුණු නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න විවිද ෆන් වැඩවලට ගෙදර ඉවරකරගන්න බැරිවූ වැඩවලට ෂොපින් කරගන්න බැරිවූ දේවලට රටපුරා සංචාරය කරන්න හදනවා .
      මේ නිවාඩුව දුන්නේ ෆන් ගන්න නෙවෙයි .චීනයේ කලේ කෙලින්ම හමුදා නිතිය දැමීම එලියට ගියොත් වෙඩි .ලංකාවේ මෝඩයන්ට බුද්දිය අඩුනිසා කලයුත්තේ ඇඳිරිනීතිය දැමීම .මෙහෙම නිවාඩු දීලා මදි .
      අද දින රෝගීන් අඩු උනත් නිහඩ වාහකයන් සමාජය පුරාම ඉන්න බව අමතක කරන්න එපා .ඔවුන්ව හදුනාගන්න තව සති දෙකක් යනවා .

  3. Ravana Parapura says:

    අපේ හෙළබිම ලෝකයට හොද ආදර්ශයක් අපි කිසිම දෙයකින් පැරදෙන ජාතියක් නොවේ ජය ශ්‍රී

    • ජනක says:

      ඔහොම කියල උඹල හෙට ෆැමිලි එක එක්ක ගෝල් ෆේස් ගිහිල්ලා හවස රෙස්ටුරන්ට් එකකින් කාල එන්න හිතන්න එපා ගෙදරට වෙලා ඉඳපල්ලා