Corona : සියළු සිනමාහල් දින නියමයක් නැතිව වසා දැමේ..

March 14, 2020 at 12:00 pm | lanka C news
Corona : සියළු සිනමාහල් දින නියමයක් නැතිව වසා දැමේ..

රටපුරා පිහිටි සියළු සිනමා ශාලාවන් දින නියමයක් නොමැතිව වසා දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් සියලු සිනමාහල් වෙත ඒ බව දැනුම් දී තිබේ.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණෙන් රජය විසින් මෙම තීන්දුව ගෙන තිබේ.

විෂය භාර ඇමැති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

68 views

2 Comments to “Corona : සියළු සිනමාහල් දින නියමයක් නැතිව වසා දැමේ..”

  1. Love nature says:

    කොතැන වුණත් නැත මරු හට
    බාදා
    විඳින මෙසැප පින් ඇති තෙක්
    වේදා
    ගෙවෙන සසර දුක් බුදු බණ
    නාදා
    කුමන නැටුම් කෙළි කවට සි
    නාදා

  2. සූකිරි බංඩියා says:

    සීට් වල ඉන්න මකුණන් මර්ධනය කරන්න හොඳ අවස්ථාවක්…
    සිනමා ශාලා හිමිකරුවන් මේ ගැන හිතුවොත් හොඳා