Corona : සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලයි..

March 16, 2020 at 10:40 am | lanka C news
Corona : සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලයි..

සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කරන්නයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බව සංගමය පවසයි.

මේ වන විටත් බන්ධනාගාරවල රඳවා ගැනීමට හැකියාව තිබෙන පිරිසට වඩා විශාල පිරිසක් රඳවා සිටින බව සංගමයේ සභාපති සේනක පෙරේරා මහතා පෙන්වා දෙයි.

මේ වන විටත් අනුරාධපුර බන්ධනාගාර සැක සහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙකු හඳුනා ගෙන ඇති නිසා යම් හෙයකින් කොරෝනා තත්ත්වය සිරකරුවන් අතර පැතිර ගියහොත් පාලනය කිරීමට නොහැකි වනු ඇති බවද ඔහු කියා සිටී.

126 views

3 Comments to “Corona : සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලයි..”

  1. මේ කතාව ඇත්ත.. ඉරානයේ දහස් ගනනක් සිරකරුවන් (සුලු වැරදි) තාවකාලිකව නිදහස් කළා..සිර මැදිරි තුළ බෝවීම වලක්වා ගත නොහැකිව..

  2. Boo says:

    හා හොඳයි, සුදු පිරැවට ඇඳගෙන දත් මැදගෙන ලෑස්ති වෙලා ඉන්න හෙට උදේට සියලු වැරදි වලින් නිදොස් කර නිදහස් කර අරිනවා. ඒ වෙනුවට මේ අය නිසා යම් යම් කරදර වලට පත්වූ වින්දිතයින් සිරගෙට දානවා.

  3. Love nature says:

    අඩුම ගානේ මාසෙකට වරක් හෝ සිරමැදිරි විසබිජ නාසක මගින් පිරිසුදු කල යුතුය

Main News