Corona : සුව වීම් තව ඉහලට.. 16ක් ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

May 13, 2020 at 1:20 pm | lanka C news
Corona : සුව වීම් තව ඉහලට.. 16ක් ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 20 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වෛරසය ආසාදනය වී පූර්ණ වශයෙන් සුවය ලැබූ පුද්ගලයන් 16 දෙනෙකු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.00 වන විට රෝගීන් 498 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කොරෝනා ආසාදිතයන් 889 ක් වාර්තා වී ඇති අතර ඉන් 382 පූර්ණ වලින් සුවය ලබා තිබේ.

කොරෝනා යැයි සැක සහිතව රෝහල්ගත කරන සිටින සිටින පිරිස 105 දෙනෙකි.

වසංගත රෝග විද්‍යා අංශය විසිසන් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

192 views
Main News