Corona : හමුදාවෙන් ආසාදිතයන් 404යි.. රෝහල්ගතව 575යි.. අද වාර්තාව මෙන්න…

May 8, 2020 at 3:00 pm | lanka C news
Corona : හමුදාවෙන් ආසාදිතයන් 404යි.. රෝහල්ගතව 575යි.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම කාලයේදී තවත් 08 දෙනකු සුවපත් වී රෝහල් වලින් බැහැර ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාවේ මේ බව දැක්වෙයි.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 575කි.

තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 824ක් වන අතර ඉන් 240ක් පූර්ණ ලෙස සුවපත් වී රෝහලෙන් බැහැරව ගොස් ඇත.

කොරෝනා යැයි සැක සහිතව රෝහල් කිහිපයක ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 135ක් වෙයි.

නාවික හමුදාවෙන් ආසාදිතයන් 393ක් සහ අනෙක් හමුදාවන්ගේ ආසාදිතයන් 11ක්ද රෝගී එකතුවට ඇතුලත්ය.

අද නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තා මෙසේය.

242 views

4 Comments to “Corona : හමුදාවෙන් ආසාදිතයන් 404යි.. රෝහල්ගතව 575යි.. අද වාර්තාව මෙන්න…”

  1. nim says:

    what is the meaning of the bar chat if we can t see the figures

  2. Rata Wenuwen says:

    ලඟදී දෙරනේ චතුර සමග කොරෝනා හැදී සුවවූ අයිඩීඑච් රොහලේ දොස්තර මහාතා සමග, , එහිදී ඔහු ප්‍රකාශකලා ඔහුට දුන් බෙහෙත හයිඩ්‍රොක්ලොරෝ කුයිනයින් බෙහෙත කියල, උදෙ සවස දින 10ක්, ඊට අමතරව ස්ටීම් ඇල්ලීමත් උනුවතුරට ලුනු දමා උගුර උදේ සවස සෙදීමත් කලබව ප්‍රකාශවුනා , ඒ කියන්නෙ ඒ බෙහෙතේ සර්තකත්වයක් තියෙන බව නේද, ඇයි එය ලෝකායාට කියන්න බැරි.

    • alapaluwa says:

      හයිඩ්‍රොක්ලොරෝ කුයිනයින් කියන බෙහෙත කොරෝනා රෝගයට යම්කිසි මට්ටමකට ක්‍රියාත්මක වෙනවා නමුත් ඒය පැනඩෝල් ගන්නවා වගේ ගන්න බෑ. රෝහලක අදීක්ෂණය යටතේ දෙන බෙහෙතක් එසේම එමගින් යම් යම් අතුරු ආබාධ ඇතිවන්න පුළුවන් .නමුත් පෑඩ්සජියා කිව්වේ ඒ බෙහෙතට වඩා හොඳයි ප්ලැකනිල් කියල ඉතිං මේකෙන් මිනිහට ලකුණු දාගන්න බෑ සහෝ මොකද මිනිහා දැනගෙන හිටියේ නෑ හයිඩ්‍රොක්ලොරෝ කුයිනයින් කියන බෙහෙතේ වෙළඳ නම තමයි ප්ලැකනිල් කියන්නේ කියල .පෑඩ්පුතානෝ තෙල් බෙහෙත් වට්ටෝරු වෙළෙන්දෙක් මිසක් දොස්තර කෙනෙක් නෙවෙයි අපේ ට්‍රම්ප් වගේම තමයි .ඇමරිකාවේ මීළඟ උපජනාදිපති කමට ට්‍රම්ප් එක්ක යන්නේ සජිත්

    • Gmoa එකෙන් says:

      ඔයාට පිස්සුද බොරු කියන්න එපා. එයා කිව්වේ gmoa එක අනුමත කළ කැඳ හැලිය සහ දුම් මුට්ටිය නිසා තමයි ඔලුව ඉස්සුවේ කියලා. ඔයා ච්තුරට එහානේ..එයාගේ ගමේද ?