Corona : 20ක් සුව වී ගෙදර යයි.. අලුත් රෝගීන් එකයි.. අද වාර්තාව මෙන්න…

May 21, 2020 at 12:40 pm | lanka C news
Corona : 20ක් සුව වී ගෙදර යයි.. අලුත් රෝගීන් එකයි.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 අවසන් වූ පැය විසි හතරක කාලයේදී කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 20 දෙනකු පූර්ණ සුව ලබා රෝහලින් බැහැරව ගොස් තිබේ.

එම කාලය තුළදී අළුතෙන් ආසාදනය වූවන් රෝහල් ගත කර ඇති එක් අයෙකි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1028 ක් වන අතර එම පිරිසෙයින් 604 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

මේ වන විට රෝහල් ගතකර සිටින රෝගීන් සංඛ්‍යාව 415 කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

278 views
Main News