Corona : 33කට සුව වී රෝහල්වලින් පිටවේ..

June 6, 2020 at 4:40 pm | lanka C news
Corona : 33කට සුව වී රෝහල්වලින් පිටවේ..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත ව සිටි රෝගීන් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

එම කාලය තුලදී නව රෝගීන් වාර්තා වී ඇති හතර දෙනෙක් පමණි.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 899ක් දක්වා පහල ගොස් ඇත.

මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1801ක්.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වේ.

70 views
Main News