Corona : 50ක් එකවර සුව වී ගෙදර යයි.. සියළු වක‍්‍ර පහල බසී.. අද වාර්තාව මෙන්න..

June 7, 2020 at 2:10 pm | lanka C news
Corona : 50ක් එකවර සුව වී ගෙදර යයි.. සියළු වක‍්‍ර පහල බසී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිත ව සිට පූර්ණ සුවපත් වූ පුද්ගලයන් 50 දෙනෙකු රෝහල් වලින් බැහැරව නිවෙස බලා ගොස් ඇත.

එමෙන්ම එම කාලයේ දී තවත් පුද්ගලයන් 13 දෙනකු කොරෝනා ආසාදිත වී රෝහල් ගත කර තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිත ව රෝහල් ගත කර සිටින පිරිස 862 දක්වා පහළ බැස ඇත.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ ආසාදිතයන් ප්‍රමාණය 1814 කි.

ඉන් 942ක් පූර්ණ වශයෙන් සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කල වාර්තාවේ මේ බව දැක්වෙයි.

91 views