Corona : 584කට සුව වෙයි.. අද වාර්තාව මෙන්න..

May 20, 2020 at 3:00 pm | lanka C news
Corona : 584කට සුව වෙයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය විසි හතරක කාලයේ දී පුද්ගලයන් 35 දෙනෙකු කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගත කර තිබේ.

එසේ රෝහල්ගත කරන ලද සියලු දෙනා වැලිසර කදවුරේ නාවික හමුදා සෙබළුන්ය.

එමෙන්ම එම කාලයේදී තවත් 15 දෙනෙකු පූර්ණ ලෙස සුව ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 434කි.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 1027 මේ වන විට වාර්තා වන අතර ඉන් 584 දෙනෙකු පූර්ණ ලෙස සුව ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

311 views
Main News