COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළට….

May 9, 2020 at 2:09 am | lanka C news
COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළට….

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8ක පරිත්‍යාගයක් COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පසුගියදා පිළිගැන්වීය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ඊට එක් විය.

සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රීක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5ක් සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක.

– ජනාධිපති මාධ්‍ය අංශය

252 views

4 Comments to “COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළට….”

  1. nimalsiri says:

    ehenam rajapaksha pavule inna 100ka pamana saamaajikayanta me wesak sathiya dadamas ekka ithaa ujaaru
    wen samaranna puluwanwewineda?ithuruwechcha salli eka ekaage banku ginumwala thenpath korathi.

  2. aru says:

    Rupiyal miliyana 900k thiyeddi ei rajaye sevakayinge vetupata thattu karanna hadanne? Me salli madida ohelata paramparaa gananaawak kaala beela joliye inna?

  3. Sri Lankans in London UK says:

    අතිගරු ජනාධිපතිතුමනි,

    අප අතර පසුගිය ජනාධිපතිවරණයේදි ඔබතුමන්ට ජන්දය දුන් මෙන්ම නොදුන් පිරිස් ද සිටි. අපි සියළු දෙනාට පොදුවේ ඒත්තු ගිය කාරණය නම් ඔබතුමා නොවන්නට අපි පමණක් නොව වසර ගණනාවක් දුක්විද විශාල මුදලක් ද වැය කර මෙලොව එලිය ලබන්නට වරම් ලද ඒ දරුවන්ද කොරෝනා මාරයාගේ ගොදුරක්ව මියැදෙන්නට සිදුවන බවත් අපේ මෘත දේහයක් වත් අපේ මව් රටට නොලැබෙන බවත්ය.

    ඔබතුමන්ටත් ඔබතුමන්ගේ නිළධාරි කන්ඩායමටත් අපගේ ගෞරවය ස්තුතිය පිරිනමන අතර නිදුක් නිරෝගි දීර්ඝාහුෂ පතමු.

    සමස්ත රටවැසියා වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලත් සිටින ලාංකිකයන් කෙරෙහි සැලකිල්ලක් නැති නිළධාරින් වෙනුවට ජනතාවට ද ඇහුම්කන්දෙන කාර්යශුර පිරිසක් පත්කරන ලෙසයි.

    Sri Lankan Team London UK

  4. Parakum says:

    BASIL & MARA must be SALIVATING!