COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්..

April 24, 2020 at 2:33 am | lanka C news
COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්..ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් අවධානයෙන් පසුවන්න

COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙ.

සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් තර්ජන වල ඉහල යාමක් දැකගත හැකි අතර සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින මුහුණු ආවරණ, Sanitizer වැනි භාණ්ඩ නොමිලේ ලබාදෙනවා යැයි පවසා පෞද්ගලික දත්ත රැස් කිරීමේ වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇත.

තවද “free COVID-19 testing” නම් ඊමේල් පණිවිඩයක් මුවාවෙන් Trickbot වැනි අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගනයකයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක්ද මේ දිනවල ක්‍රියාත්මක වන අතර මෙවැනි ආකාරයේ පණිවිඩයක් ඔබට ලැබුනුහොත් එය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

203 views

2 Comments to “COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්..”

  1. AK47 says:

    සමාජවාදී චීනේ වයිරස් ලැබ් තියෙන්නේ දුප්පතුන් අතර නොමිලේ වයිරස් බෙදා දෙන්න කියලා ජෙප්පෙක් කිවුවා. අන්තිමට සමාජවාදී රටෙන් ආව වයිරස් එකට වැකසින් බෙහෙත් හදන්න ඉදිරිපත් උනේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල සයන්ටිස්ට් ලා.

  2. gamarala says:

    පොල්ගෙඩියක් ගසා මේ අයට දඩුවම් දෙමු

Main News