Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..

October 20, 2019 at 6:49 pm | lanka C news
Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..

ණය සහ හර කාඩ්පත් මගින් (ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ) මෙරට සිට විදේශ රටකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගනුදෙනුකරු අය බද්දකට යටත් කිරීමට රජය තීරණය කර ඇත.මුදල් පනත සංශෝධනය කරමින් රජය විසින් මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත. මෙරට සිට විදේශ රටවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතින් ගනුදෙනු කරන සෑම කෙනකුගෙන්ම මෙම අය බද්ද අය කෙරේ.

භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත හරහා ශ්‍රී ලංකාවෙන් යවන මුදල මත සියයට 3.5 ක බද්දක් අය කරන බව පනත් කෙටුම්පතේ දැක්වේ. භාණ්ඩ හා සේවාව මිලට ගන්නා මුදල මෙරටින් ප්‍රේෂණය කරන අවස්ථාවේදීම ඊට අදාළ බදු මුදල එම කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනය විසින් එකතුකර ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ලබා දියයුතු බව පනත් කෙටුම්පතේ දැක්වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකර ගැනීමට නියමිතය.

අජිත් අලහකෝන්
– aruna

47 views

10 Comments to “Credit-Debit කාඩ්වලින් මිලට ගැනීමේදී 3.5%ක බද්දක්..”

  1. nimal says:

    Another Election Result for UNPers

  2. මේඝවර්ණ අභය says:

    මේවා දකින්න දකින්න වෙන්නේ ගෝඨාභය මහත්තයට එක චන්දයක් හරි වැඩි වෙන එකයි..
    ඔහොම යමු… ඔහොම යමු…

  3. Watchman says:

    නොවැම්බර් 17 ලංකාවෙන් පිට වී ඇමෙරිකාව බලා යාමට ටිකට් වෙන්කර ගන්නට යන දේශපාලකයෝ දෙදෙනා කවුද ?

  4. පරණ යූඇන්පීකාරයෙක් says:

    පුතාණෝ ජනාධිපති කළොත් අන්තිමේ දී **** **ණෝ .තමයි.

  5. හිරාන් says:

    හොඳ වැඩේ ධනපතියන්ට…. අපි කවද පිටරට ගිහින් බඩු ගන්නේ… අපිට ටැක්ස් එක වදින්නේ නෑ

  6. David Milli-banda says:

    What they are hiding here is that when a person draw money from his debit /credit card when overseas, will it be 3.5% Tax?
    OR
    An opportunity for Money laundering?????????????
    ” Kolay Wahala”

  7. Mangala says:

    ලිඳේ ඉන්න ජෙප්පෝ දන්නේ නැති වුනාට , දැන් ගොඩක් දෙනෙක් online බඩු ගේනවා .

Main News