darazට නඩු…

March 25, 2022 at 8:40 am | lanka C news
darazට නඩු…

2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත ට අනුව සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියේදී අවම මාස 6කට නොඅඩු වගකීම් කාලසීමාවක් ලබාදිය යුතුය.

නමුත් මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් වන daraz ආයතනය විසින් වගකීම් කාලසීමාවක් ලබා දීමකින් තොරව සහ මාස හයකට අඩු කාලසීමාවක් සඳහා වගකීම් ලබාදෙමින් විවිධ විදුලි උපකරණ අලෙවි කරනු ලැබ ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය මාර්තු මස 23 වන අද දින daraz සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත.

මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

– විපුල ඒකනායක

77,015 views

14 Comments to “darazට නඩු…”

  1. Mahesh says:

    ඒකේ විතරක් නෙවේ වටලනවා නම් ඔක්කොම electronic කඩ වටලන්න වෙවී. ගොඩක් ඒවට මාස හය නෙමේ දවස් 7ක්වත් දෙන්නේ නෑනේ. වාහන electronic බඩු මන් කීප සැරේ සාමාන්‍ය කඩ වලින් අරන් තියෙනවා, dvd player එකට හැර කිසිම දේකට නම් warranty නෑ. එක සැරයක් alternator diode plate එකක් ගත්තා. ගනිද්දී කඩේ එකා කියලමයි දුන්නේ electronic නිසා no warranty කියලා.

    • Mel says:

      ඔය නීතිය අර හන්දි ගානෙ වොරන්ටි නැති ෆෝන් විකුනන ෆෝන් කඩවල්ටත් වලන්ගුද?

    • Ruhdtug says:

      Ow eka maara wedak.. mama abs controller ekak gaththa 7000 y kaalekata issella.. meka spare parts thenakin gaththe.. sumana dekai giye badu banis.. sallith ne baduth ne.. ithin electronic nisa return karanna be.. mara keliyak thamai.. warranty neththan puluwan tharam badu nogena inna

  2. The Funeral Director says:

    නඩු පවරයි.නඩුව අහල චෝදනා ඔප්පු කරන්න අවුරැදු 12යි, මාස 11යි, දින 10යි, ලෝයර් ගාස්තු මිලියන 3යි, නිලධාරි ටුැවලින් බටා ලක්ෂ 9 යි, මෙකී නොකී අවශේෂ වියදමි ලක්ෂ 12යි…..
    මෙි ඔක්කොම මහජන මුදල්…..
    අවසානයේ ටෙලිපෝන් කෝල් 1 යි, නිදොස් කොට නිදහස්…. මෙි අපි ජීවත්වන රටෙි අපිට තියෙන අත්දැකීමි….

  3. King Bull says:

    ඩඩ්ලිට බයයි නෙහ්.

  4. Daraz P says:

    වැඩි ගානට කිසිම කොලිටියක් නැති බඩු විකුනනවට ඕකුන්ට ඔහොම වෙලා මදි.

  5. Kdtv says:

    කරන්ට් යනනිසා පියො සයින් වේව් Inverter ගෙන්නගත්තා දැන් සතියයක් ඇති(15ක් උනා) .
    ඊයෙ බලද්දි බල්බ් ගැස්සෙනවා.
    ඊයෙ රෑම රිටන් එකක් ඇප්ලයිකරද්දි මැසෙජ් එකක් ආවා, කොන්දේසි අනුව රිටන් කරන කාලය ඉවරයි කියලා.
    ඇත්තටම මෙහෙම , රටකට ප්‍රමිති හදන්න ඔනා.
    මොන ප්‍රමිතිද දේශපාලකයන්ට ඊටවඩා වැඩ තියනවනේ.
    අධිකරනය මිනිස්සුන්ට සාධාරනය කරා.
    මම හිතන්නෙ ඩරාස් එකෙන් බඩුගත්ත සැලකියයුතු පිරිසක් තමුන්ගෙ මුදල් නාස්තිකරගන ඉන්නවා.
    කඩවල් වලට ගියාට තමුන්ට ඔනා අයිටම් එක ගන්න නැතිනිසා(කොලබ හැර ) තමයි ඔන්ලයින් ගෙන්නන්නෙ මිනිස්සු.

  6. Sam Fernando says:

    Not only Daraz but also all the other sellers of electronics must be prosecuted. Why not Daraz ? This looks like a revenge.

  7. නිශ්නිගොරොද් says:

    දරාස් කියන්නෙ අන්තිම බාල කොලිටි බඩු හොර ගනන් වලට විකුනන එවුන් සෙට් එකක් .මොනව,හරි බයිලාවක් කියලා වොරන්ටි නොදී ඉන්න තමයි බලන්නෙ ඒවගේම නිශ්පාදිත සමාගම වසරක් දෙන වොරන්ටියට මුන් දෙන්නෙ මාස තුනයි .මුන්ට වොරන්ටි කරදරයක් මුන්ට,ඔනා බඩුව විකුනලා සල්ලි අරන් පෙනල අතපිහදාගන්න

  8. නුවනින් says:

    මතක තබාගන්න රටේ නීතිය අනුව කිසිම ආයතනයකට,බෙහෙ තමුන්ගේ ලදුපතේ “විකිනූ බඩු නෙවත බාරගනු නොලෙබේ “කියල ගහන්න .ඒක,නීති විරෝදීයි ඒ වගේම භාණ්ඩය රිටර්න් කලාම ඒ භාන්ඩය වෙනුවට වෙනත් බාන්ඩයක් ගන්න කියන්න බේ .මුදල් ආපසු දෙන්න ඔනා ගනදෙනු කාරයාට වෙන බාන්ඩ එපානම් .මතක අතිව සල්ලි ඉල්ල ගන්න .කඩ සාප්පු කාරයන්ට ඔබව හූරාකන්න දෙන්න,එපා

  9. Power says:

    මාත් ඕකෙන් ගොඩක් ජාතී ගෙන්වගෙන තියනවා. මට නම් අද වෙනකම් කිසිම අවුලක් වෙලා නෑ.

  10. citizen says:

    Guarantee or no I have found most Daraz items to be of good quality. They are polite and deliver to door step which is a great convenience and safe due to covid travel risks/restrictions in these times

Main News