DIG නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක්..?
October 1, 2018 at 10:17 pm | lanka C news
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක් තිබේ ද?
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ තවත් එක් මිනීමැරීමේ උත්සාහයක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම. 1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය ආරංචි වුණු වහාම එහි සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත්තා. නියෝජ්‍ය පොලිස්පතිවරු වගේම හමුදාවේ කර්නල්වරු ඒ අතරේ හිටියා. රටේම ගෞරවයට පාත්‍ර වුණු පූජ්‍ය හේනපිටගෙදර ඥාණසීහ නායක හිමියන් තමයි රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක හිමියන්. 1966 දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට උන් වහන්සේ සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම උන් වහන්සේගේ ගෞරවණීය තත්වය නොබලා අත්අඩංගුවට ගත්තා.
ඒ වගේම 1971 දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම තමන්ගේ කෙනා කියලා බැලුවේ නෑ ආණ්ඩුව වහාම අත්අඩංගුවට අරන් සිර ගත කළා. ලංකාවේ විතරක් නොවේ. ලෝකය පුරාම තත්වය ඒකයි. නමුත් මේ ලෝක දහම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පමණක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
නාලක සිල්වා කට ඇරියොත් තව කී දෙනෙකු අත්අඩංගුවට ගන්න වේවි ද දන්නේ නෑ. ඒ නිසා මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි. නාලක සිල්වාගේ දේහය වල දාන කොට එයා දැන ගෙන සිටි රහස් සියල්ලත් සදහටම වැලලෙනවා. නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඔහු මරා දැමීමට ද යන සාධාරණ සැකය අපට දැන් තිබෙනවා.
ඔය අතරේ නාමල් කුමාර මානසික රෝගියෙක් බවට ප්‍රචාරයක් යවනවා. කිසිම මානසික රෝගයක් නැති අය තමන්ට තර්ජනයක් වන විට ඔහුට “පිස්සු“ කියන ලේබලය අලවා අංගොඩ නතර කිරීම පිළිබඳ මනා පලපුරුද්දක් සහ විශේෂඥ දැනුමක් තිබෙන ඇමතිවරයෙකු ආණ්ඩුවේ ඉන්න නිසා නාමල් කුමාරටත් සුකී තිලකසිරිට අත් වුණු ඉරණම අත් වෙන්න ඉඩ තිබෙනවා. අවසානයේ දී නාලක ඝාතනය වෙලා පස්යට වැලලී යාවි. නාමල් අංගොඩ යාවි. ඝාතන කුමන්ත්‍රණය ඝාතනය වේවි.
– අරවින්ද අතුකෝරල
මිනිස්සුන්ට දැන් මේවා වැඩක් නෑ…මිනිස්සු කියන්නේ උන් උන් කා කොටාගෙන ඉවර වෙලා යනඑක මේ රටට සෙතක් කියලයි.
මිනිස්සුන්ට දැන් මේවා වැඩක් නෑ…මිනිස්සු කියන්නේ උන් උන් කා කොටාගෙන ඉවර වෙලා යනඑක මේ රටට සෙතක්…නැත්නම් වෙන්නේ මේ හොරැ තක්කඩියෝ එකතු වෙලා අපව මරලා දාන එකයි වෙන්නේ කියලා.
Is that minister ” ALA PALU PACHAYA DA “
very very correct explanation as usual .
ඔබතුමා තරම් විනෝදය සපයන මන්ත්‍රී කෙනෙක් වෙන නැහැ. හැම එකක්ම සැකයි. කිසිම එකක් ස්ථිර නැහැ. සුද්දාගෙන් කොල්ලාකාපු නිසා මහා උළුගෙදර තපින්න බය නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්කරන මේ වගේ කුහකයන් හිතන්නේ නැහැ ආණ්ඩුවට ප්‍රශ්න අමතක කරන්න අවස්තාවක් දීමෙන් කෙලවෙන්නේ මහජනතාවට කියලා.
රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි
Namal Karapu widihata Maadya Genwala Ratatama News Eka Deema …Harida ?