පරාජය ඉව වැටෙයි…. ජාතික රූපවාහිනියේ අධ්යක්ෂ ප්රවෘත්ති පැන දුවයි…. මඩ කප්පිත්තෙක් වැඩ බැලීමට පත් කරයි…
November 15, 2019 at 4:40 pm | lanka C news
ජාතික රූපවාහිනියේ වර්තමාන ප්රවෘත්ති අධ්යක්ෂ නිලාර් කාසිම් මහතා සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇත. ප්රවෘත්ති අධ්යක්ෂ ධූරයේ රාජකාරි සිදුකිරීමට නව අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇත.
එම පත්වීම සිදුකර ඇත්තේ සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය .
නව ප්රවෘත්ති අධ්යක්ෂවරයාට එම ධුරයේ රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට සේවකයෝ චෝදනා කරති .
සාමාන්‍ය පෙළවත් සමත් නොමැති අයෙකු 90% පමණ උපාධිධාරින් සිටින ප්රවෘත්ති අංශයේ සේවක මඩුල්ලට රාජකාරි කටයුතු සඳහා උපදෙස් ලබා දෙන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් වී ඇත.
නව අධ්‍යක්ෂක මඩ පුවත් ප්රචාරයට පමණක් සුදුසුකම් ලද්දේක් බව ජාතික රූපවාහිනි සේවකයෝ පවසති.
අවසන් පැය කිහිපය දී දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමේ අරමුණින් මෙම ධුරයට පත්කර ඇතැයි වාර්තා වේ.
නව අධ්‍යක්ෂක වසර දෙකක කාලයක් අමෙරිකාව බලා පිටත්ව යාමට අවසර ඉල්ලා තිබුණු අතර සංස්ථා සභාපතිනිය ඊට අනුමැතිය ලබා දී ඇත .
ඔක්තෝම්බර් 28 වැනිදා සිට නිවාඩු අනුමත ව තිබියදීත් මෙලෙස සේවයට වාර්තා කරන්නේ නීත්‍යානුකූල නොවන අයුරිනි.
මෙම නිලධාරියාගේ ඔක්තෝබර් වැටුපද අත්හිටුවන ලෙස නියෝග කර ඇත. විදේශ ගතවීමට ටිකට්පත් පවා සූදානම් කොට ,තමන් ලවා මඩ පුවත් නිෂ්පාදනය කිරීමට නව අධ්‍යක්ෂක දරන උත්සාහය ප්රවෘත්ති අංශ නිෂ්පාදකවරුන්ගේ විරෝධයට හේතුවී තිබේ .
– රූපවාහිනී වාර්ථාකරු
BATALANDE BANKU HORA RANILGE AWASAN HORAWA
LAST HOURS OF THE BATALANDE CENTRAL BANK ROBBER RANIL PONIL
oka mokakda . mechchara me degree thiyanaa doctorate eke kattiya pawa O/L wath pass nathi kenek President karanna dagalana degallilla dekkama adenawa ne. ehema eke me eka department ekakata mokatada mechchara katha.
sulan kirillee mona widiye nadagamak karanna yanawada danne. eth methiwarana neethiyata anuwa ewenide weradei neda? jada wedak kaloth meyalawa elawanna one raten,