ECT ගැන හිතුවක්කාර තීන්දු ගන්න එපා.. ඉන්දියාව රාජතාන්ත‍්‍රික භාෂාවෙන් ලංකාවට අනතුරු අගවයි..

February 2, 2021 at 10:29 pm | lanka C news
ECT ගැන හිතුවක්කාර තීන්දු ගන්න එපා.. ඉන්දියාව රාජතාන්ත‍්‍රික භාෂාවෙන් ලංකාවට අනතුරු අගවයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

නැගෙනහිර වරාය පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගෙන බටහිර පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය නම් කරන පාර්ශව සමඟ එක්ව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රාජය ගත් තීරණයෙන් පසු එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව පවසා ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රති නැව්ගත කිරීම්වලින් 70% කට සම්බන්ධ වන්නේ ඉන්දියාව යැයි ද ‘ද හින්දු’ පුවත් වාර්තාවේ දැක්වේ.

උපායමාර්ගික වැදගත්කමකින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාව ඉහළ ප්‍රමුඛතාවක් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.

ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ද මේ සම්බන්ධයෙන් ඉහළ වැදගත්කමක් ලබාදෙමින් සාකච්ඡාවට ලක් කර ඇත.

එම සංචාරයෙන් සතියක පසු නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය රජය අදානී සමාගම නම් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය සේවකයන්ට ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.

‘ද හින්දු’ වාර්තාවට අනුව වරාය පර්යන්තය කිසිදු විදේශීය පාර්ශවයකට විකිණීමකින් හෝ බදු දීමකින් තොරව පවත්වාගෙන යන බවත් 2019 වසරේ අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යෑමට සිය ආණ්ඩුව පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

අදාළ අවබෝධතා ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තයේ සියයට 51 ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන අතර ඉන්දියාවට සහ ජපානයට සියයට 49 ක අයිතිය හිමි වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පාලනය සමයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

– lankadeepa

68,747 views

26 Comments to “ECT ගැන හිතුවක්කාර තීන්දු ගන්න එපා.. ඉන්දියාව රාජතාන්ත‍්‍රික භාෂාවෙන් ලංකාවට අනතුරු අගවයි..”

  1. Sarath Bulathsinghala says:

    ඉංදියාව සහ අනෙකුත් රටවල් දැනගන්න ඕනි රටක ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දේශපාලකයින්
    සමඟ ගිවිසුම් ගැසීම සදාචාරාත්මක නැතිබව!

    • මටහරි චුන් මෙන්න වෙන්න යන දේය නැගෙනහිර ජැටියට සහා බටහිර ජැටියට ටෝයි,බයියෝයි 69 ලක්ෂයේ ගොන් බයියෝයි හොඳට කන්දේකේ ටින්කිරි සුද්දකරගෙන මෙන්න මේ ටික අසාගනිල්ලා,දැන් උබළා දවස් ගණනක් යුද්දය ප්‍රකාෂ කරළා නැගෙනහිර ජැටිය බේරාගත්තා කියා නේද සිතා ඉන්නේ? එසේනම් උබළා පැරදුන් බං රාජපක්ෂ ගැන්සිය එතරම්ම මෝඩ නැහැ කියා තෝපිළා දන්නේ නැද්ද?? එසේනම් දැනගනිල්ලා මුන්ට අවශ්‍යය නැගෙනහිර ජැටිය දෙන්න නෝවේ බටහිර ජැටිය ඉන්දීයාවේ  අදානිලාට දීලා නැගෙනහිරටත් වඩා දියුණු කරන්නයි ජපානයටත් නොදී අන්න එකේ එක ප්‍රථිපලයක් තමයි 85% තනිකරම ඉංදියාවටදීම.දැන්වෙන්නේ මෙන්න මෙහේමයි තෝපිළා කට්ටිය නැගෙනහිර ජැටියේ අතල්ගන්නාවිට මේ රාජපක්ෂලා ගැන්සිය නැගෙනහිර ජැටිය  දියුණු කරණවා වෙණුවට බටහිර ජැටිය ඉක්මණින්ම දියුනුකරනවා ඉතාමත් අතිසාර්ථක විදියටම ගැඹුරු අතින්ද එයටපසු එන සියලුම බහාලුම් ගණනාවක් රැගෙන එන සියලුම නැවු උබළා බලාගේන සිටිදීම ලස්සණට බටහිර ජැටියට berth වැඩ යනවා දීඩි,දීඩි ගාලා උබළාගේ ඇස් කන්වලින් තරු පෙනෙන්න අන්න එවිට තොපිළට වෙන්නේ අර මම කියාපු අමුඩ කේටිය ඇඳගෙන බටහිර ජැටියේ කාර්යක්ෂමය බලාගෙන අතේ ගසන්නැයි කොහොමද රාජපක්ෂලාගේ ටින්කිරි මොළේ?බොළාට නොතේරුණාට ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.දැන්වත් ඉක්මණට තවත් උද්ගෝෂණයක් කරපල්ලා ගැසට් එකක් මගින් වියවස්තාව සංශෝදනය කරන්න මෙන්න මේ විදියට නැවත කිසිදවසක ශ්‍රිලංකාවේ කිසිමදෙයක් පිට රටුවන්ට විකුනන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ කියා,ඒවගේම ඉක්මණට දොඹකර සහා අනෙකුත් උපාංග ගෙනත් සවිකරන්න නැගෙනහිර ජැටියේ  එය නොකොළොහොත් උබළාසැමදාම අඳුරේ අන්න එක හොඳට මතක තියා ගනිල්ලා ඔය ටෝයි,බයි සෙල්ලම දැන්වත් නවතා.  

      • Nimal says:

        පවි කොටිටෝරැ පුරෝහිත ක්‍රිමිනලා පහුගිය දොහේ මැරෙන්ඩ හැදුවා දෙනවා කියලා දැං වැලපෙනවා දෙන්නේ නෑ කියලා. අයියෝ රෙදි නෑ ඔීයි පවි ඔීයි තමුසේ

  2. Nimal says:

    Yako thopida hithuwakkara apida

  3. B. Anthony says:

    ඉන්දියන් කාරයෝ හිතාගෙන ඉන්නෙ ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කියලද? දැන් තොපිත් මේ කඹුරන්නේ උන්ටම නේද? රාජ්‍ය තාන්ත්‍රිකව උන් තොහොමද? මේ රටේ ජනතාවගේ කැමැත්තටපිටින් මේ රටේ දේපළ කුළියට අවුරුදු 5කට ගත්තවුන්ගෙන් සින්නක්කර ළියා ගන්නෙ. දැන් රාජ්‍යතින්ත්‍රක භාෂාව පෙන්නළා දෙන්න ක්‍රමයක්ද? වේ හදන්නෙ.රටේ ගෞරවය පාගා වෙනවුන්ට පාවා දෙන මුන් කළයුත්තේ බැරිනම් හැකි එකෙකුට බාරදී පිටව යාම පමණි.

  4. MD says:

    වදපු අම්මා තාත්තා දරුවන් ගැන තීරණය කරන්න ඕන අල්ලපු ගෙදර මිනිසුන්ගෙ උවමනාවටද?ඵහෙම කලේ රනිල් සජිත් අනුර යමපාලනය කාලේ.ඵ්වා සුම්මා යාලුවේ දැන්

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අන්න ඒකයි රනිල් දෙන්න හිටපු සීයට 49 වෙනුවට දැන් බටහිර පර්යන්තයෙන් සීයට 85ක් දෙන්නෙ 😀 😀

  5. GAMINI SENANAYAKE says:

    හැම එකක්ම දේශපාලන මඩ කියලා රෝල් කරල අනිත් පැත්තට ගහන්න කටයුතු කරන්න එපා. එතකොට මේ ආණ්ඩුව 2020 ඔක්තෝබර් 22 පාස් කරපු කැබිනට් පේපර් එක මොකක්ද ?නැගෙනහිර ජැටියට අදාළව.

    ඉන්දියාව නැගෙනහිර ජැටිය ඉල්ලුවේ ඒක සංවර්ධනය කරන්න දෙයක් නැහැ, පොඩි ගානක් දාලා ආදායම පහුවදා ඉඳන්  incomeගන්න පුළුවන් තත්වයේ තිබිච්ච හින්දා. ඒකට හරි යන්ඩ ආණ්ඩුව  බටහිර jattya දීලා jaaම බේරගන්ඩ හදනවා. නමුත් ඒක නැගෙනහිර තත්ත්වය  ගන්ඩ විශාල වියදමක් දරන්නට වෙනවා. ඒක නිසා මේ ඩීල් එක ට indiawa සම්බන්ධ වෙන එකක් නැති වෙයි. ආණ්ඩුව අලුත් අර්බුදයකට යයි.
    බයියo ටිකක් ඇරුනහම, රටේ ජනතාව දැන් වෙනස් විදිහට හිතෙනවා.

    • Nimal says:

      පවි කොටිටෝරැ පුරෝහිත ක්‍රිමිනලා පහුගිය දොහේ මැරෙන්ඩ හැදුවා දෙනවා කියලා දැං වැලපෙනවා දෙන්නේ නෑ කියලා. අයියෝ රෙදි නෑ ඔීයි පවි ඔීයි තමුසේ

  6. kawinda says:

    meka rate wathman saha anaagatha naayakayinta honda paadamak. videsha naayakayo issaraha niwata kamin theendu gannawaata wada, thama rate janathaawage vurtheeya samithiwala niladhaalinge saha vishesangnyange vimaseemen pasu dedi selakillakin theendu ho theerana geneema kala yuthu bawa mehi aadarshayai.

  7. lotus says:

    න්දියන් කාරයෝ හිතාගෙන ඉන්නෙ ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කියල. If JVP wasn’t in 88/89 indean Army will not go back.

    • CITIZENS says:

      Donot let future generation curse the present day rulers for making them miserable slaves of foreign countries . Sri Lanka is a sovereign state . Though it is our duty to maintain friendly relations with our neighbours,it is foolish to go to please them at the expense of the future generation’s freedom and the sovereignty of the motherland

  8. Banda says:

    Imdia has no right to grab sl assets.

Main News