ECT නොදුන් හේතුව මහින්ද ඉන්දියාවට කියයි..

February 6, 2021 at 2:10 pm | lanka C news
ECT නොදුන් හේතුව මහින්ද ඉන්දියාවට කියයි..

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දුන්නේය.

වරාය නැගෙනහිර ජැටිය පැවරීම අවලංගු කිරීම ගැන ඉන්දීය රජයේ මතය දැන්වීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා මුණගැසිණි. එම හමුවීම්වලදී මහ කොමසාරිස්වරයා කියා තිබුණේ දෙරට අත්සන් කළ ගිවිසුමක් ශ්‍රී ලංකාව ඒක පාර්ශ්විකව අවලංගු කිරීමට අදාළ සාධාරණ හේතු තමන්ට ඉන්දීය රජයට ඒත්තු ගැන්වීම පවා අසීරැ බවය. එසේම තම රජයට නොදුන් නැගෙනහිර ජැටිය වෙනත් බලවත් රටකට පවරන්නේ ද යන්න ගැනත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රශ්න කර ඇත.

මේ සියල්ලට පිළිතුරු ලෙස රජයේ ප්‍රධානීන් පවසා ඇත්තේ පවතින දැඩි විරෝධය හමුවේ ඉන්දියාවට ජැටිය ලබා දුන්නද එය නිසි පරිදි පවත්වාගෙන යාමට වෘත්තීය සමිති සහාය නොදෙන බවය. එබැවින් වරායේ බටහිර ජැටියෙන් 85%ක බහුතර කොටස් ලබාගෙන සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට යෝජනා කර ඇත.

– deshaya

104,532 views

14 Comments to “ECT නොදුන් හේතුව මහින්ද ඉන්දියාවට කියයි..”

  1. Nimal says:

    දැන් හරිනේ…………. මහින්ද මහත්තයා කොහොමත් වැඩිඩා

    • Ra says:

      Hail Mahinda /Gota. They have a spine against the spineless traitors of yahapalanaya. We should never never bring Ranil/Ruwan/Sajith clan again to power let us die in hunger. See the dead holes Gota has so far saved us 1.MCC 2. 30/1 resolution out 3.Got National anthem only in one language 4.Stood ground one country one law for cremations 5..Covid dealing 10th place in the world.6.Got ECT deal cancelled. What set of hard brave work. Anyone with a heart should appreciate. I can go on & on. Blessing to them ,these all to save our country & our Children ,isn’t it?Can you name a single, a single step Ranil?Sajith taken with a spine.Cowards & Traitors nothing else.Chase them out of our scene.The NGO goons, those working for traitors for little cash talk nonsense here.

  2. Game Changer says:

    ජනතාවගේ තදබල විරෝධය හා පිළිකුල සත 5කට මායිම් නොකර ඉවක් බවක් නැතිව ණය ගත් උදවියම ජනතා හඩට කන් දී නැගෙනහිර ජැටිය නොදී සිටීමට තීරණය කරලාලු.. ළගදි අහපු හොඳම විහිළුව!!

    • ක්‍රිමිනල් says:

      අපේ රතු සහෝදරවරු සිරිකොතේ කකුස්සි හෝදන කාලේ රටේ සම්පත් විකුනනකොට රතු සහෝදරවරු කකුස්සිවලේ ඔලුව ඔබාගෙන හිටියෙ.
      ඒ ආණ්ඩුව මහජනතාවගෙ විරෝධය සත පහකට ගනන් ගත්තෙ නෑ. හැබැයි දැන් රතු සහෝදරවරු සිරිකොතේ කකුස්සි වලෙන් කාපුවා වමාරගෙන කන ගමන් පුප දනවා වගේ කෑගාන්නේ. බෛයියො කොහෙද ඕව දන්නේ.

    • Debt Trap says:

      ජනතා හඩට ගරු කරලා ECT ඉන්දියාවට දුන්නේ නැහැ ලු.
      තව මිලියන 1500ක් අරගෙන රට ණය උගුලේ තවත් හිර කරන්න එපා කියලා ජනතාව උද්ඝෝෂණය කලා නම් ජනතා හඩට කන් දීලා චීනයෙන් මිලියන 1500 මේ ජාති මාමකයන් නොගෙන ඉන්න හැටි බලන්න තිබුනා.

    • Yal says:

      Yakoo nama nethuva borunam dagena liyan jeppanta karanna thiyenne lapayage ete suppu karana ekayi.

  3. ජනජය says:

    නියමයි අගමැතිතුමනි ..ඔය තියෙන්නෙ ..ඔහොම තව ටිකක් ඕකුන්ව කඩේ යවන්න…එදා රාජපක්ෂලට දීපු ගේම් එකට රිටර්න් එක තමයි මේ…

  4. අපි චිනය සමඟයි තොපිට අවුල්ද... says:

    මහින්ද දෙපිටකාට්ටු ගෙරිය.. ඡනාදපිතුමාට,රටට යටිඋගුල් ඇටවිම වහාම නවත්පං ..!
    ත්‍රිකුණාමල නිදහස්කරගනිං ගෙං ගෙරියෝ…!
    අපි චිනය සමඟයි තොපිට අවුල්ද…

  5. පොඩි එකා says:

    හම්බන්තොට විකුණන එකට කොළඹ වරාය සේවකයෝ එකා වගේ හිටියං හම්බන්තොටත් බේර ගන්න තිබුනා… ඇයි එතනදි නිකං උද්ඝෝණයක් කරලා විතරක් නැවතුනේ…?

  6. Jagath says:

    ආණ්ඩුව ඇනගත්ත කීවෙනි පාර ද??

  7. Piyadasa Yalagala says:

    Primer of Hon Mahinda Rajapaksa could Not that give an explanation to Indian Ambassador why we did not give Eastern Terminal to Indians.The hegemonist of Indian rules wanted to bully our People and Nation time to time since 1977? Our nation wealth is under ours Sovereignty as Democratic Country ?
    The Govt of India has NO Right asked ours asset to give them by force Indian companies . How they powerful is matters has to deal with First that Nation Consent is decisive factor of Politics Democracy by Island Republic. Well Indian development we all are almost welcome but Not that Cost of our assets and by bulling nation Island is not to acceptable.
    Which is new norms of Democratic World Order will supposed to come into being. @

    • Gamaraala says:

      A good position to take provided we can afford to do that. Why not we apply the same theory to China ?

Main News