ECT නොදෙන බව ලියා දෙන්නැයි වෘත්තීය සමිති කියති.. ‘මා කිවුවොත් කිවුවා, කිසිදා ලියා දී නෑ..’ අගමැති කියයි..

February 1, 2021 at 10:29 pm | lanka C news
ECT නොදෙන බව ලියා දෙන්නැයි වෘත්තීය සමිති කියති.. ‘මා කිවුවොත් කිවුවා, කිසිදා ලියා දී නෑ..’ අගමැති කියයි..

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත.

එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කළේය.

එම ප්‍රකාශය අනුව 02.01 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවයි. එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කැරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ  ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය.

මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයින් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි.

එහිදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසදා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවයි.

අගමැතිවරයා ලෙස මා පවත්වන රැස්වීම්වලදී ගන්නා තීරණ එසේම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටිනවා. මා ගන්නා තීරණ සාකච්ඡා වලට පමණක් සීමා නොවී ඒවා ක්‍රියාවට නංවනවා යැයි ද අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය තුමාගේ වෘත්තීය සම්ති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ යන මහත්වරුන් හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් රැසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

25,532 views

13 Comments to “ECT නොදෙන බව ලියා දෙන්නැයි වෘත්තීය සමිති කියති.. ‘මා කිවුවොත් කිවුවා, කිසිදා ලියා දී නෑ..’ අගමැති කියයි..”

  1. JayaShri says:

    👍👍👍Jaya Wewa!!!

  2. සිරා says:

    වරායේ කුමන කොටස ඉන්දියාවට දුන්නත් එය තමා ඉන්දියාවට අවශ්‍යව තිබූූ කොටස.
    13 ඒ ආකාරය‌ෙන්ම තිබිය යුතුයි පලාත්සභා ක්‍රියාත්මක විය යුතුයි කියාද ඉන්දියාව දන්වා අවසන්.
    ඉන්දියාව මොවුන්ට අණ කරන්නේ කුමක්ද එය ඉටුකල යුතුය.

  3. Asela says:

    Oww ithin kate nogaawenna ne Boru kiyanne….? Dan ara marapu nathuwa nawaththapu harak labana paara ayema munta chande denna polimee balan innawalu

  4. Analyst says:

    India asks Sri Lanka to abide by its commitments on ECT deal
    (PTI) India on Monday asked all sides to abide by the existing understandings and commitment of a trilateral agreement involving Sri Lanka and Japan to develop the strategic Colombo Port”s Eastern Container Terminal.(
    The state-owned Sri Lanka Ports Authority (SLPA) signed a memorandum of cooperation in May 2019 with India and Japan to develop the ECT during the previous Sirisena government. However, the Sri Lankan government said on Monday that the ECT will be operated 100 per cent by the SLPA.
    President Gotabaya Rajapaksa recently said that stopping the deal would endanger the 66 per cent of Indian transshipment cargo handled by the ECT. Therefore, in order to remain competitive the deal was needed.

  5. Choon paan says:

    Never trust that naaki myna who constantly asks Dan shapada, Dan shapada…🦊🦊🦊🤣🤣🤣He is born again I guess.🤣🤣😽😽🐍🐍

    • Nimal says:

      යුද්දෙ ඉවර කරපු ගෞරවය එදත් අදත් එහෙමයි respect sir🌷🌷🌷
      මහින්ද නාමෙන් ජය ඝෝෂා
      මවුබිම සුරකින වග සාදා
      නංවමු මහ සයුරද පරදා
      ඔබයි නායකත්වය සැමදා

    • opps says:

      එදාටත් අදටත් හෙටටත් මගෙ ආදරය මහින්ද සර්ටයි ගොටබය සර්ටයි …😍😍😍😍😍😍😍

    • Dikman Aiyya says:

      …funsi hates straits…funsi love funsi fellas…Lol

      • Jepi buster says:

        සිරිකොතේ පිරිමි බාග එක්ක හුරතල් වෙච්ච එවුන් දන්නවද රාජපක්ෂල වගේ නියම පිරිමින්ගෙන් විතරක් ලැබෙන සැප ගැන. ඩික්මන් අයියට නම හැදුනෙත් හැමතිස්සෙම නියම පිරිමි ඩික් එකක් පුකේ බස්සගෙන ඉන්න හින්ද. අන්න කොල්ලො.

  6. Ranga says:

    මහින්ද රාජපක්ෂ – 30 අවුරුදු යුද්ධය 5 වසරකින් නිම කර, අපේ මවුබිම ආසියාවේ ආශ්චර්යය ලෙස නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ සිංහයා…

  7. narada says:

    මහින්ද මහත්තයා හිටියෙ නැත්නම් මේ රටට මොනවා වෙලා තියෙයිද දන්නේ නැ

  8. හරක් මරන එක නවත්තන්න කිව්ව වගේද ?

Main News