ECT විකුණන්න නොදුන් නිසා කුමන්ත‍්‍රණයක්.. පොහොට්ටුවෙන් විමල්ට පහර දීම සදාචාර විරෝධීයි..- ඇල්ලේ හිමි

February 10, 2021 at 10:40 am | lanka C news
ECT විකුණන්න නොදුන් නිසා කුමන්ත‍්‍රණයක්.. පොහොට්ටුවෙන් විමල්ට පහර දීම සදාචාර විරෝධීයි..- ඇල්ලේ හිමි

වත්මන් රජය බලයට පත් කරනු ලද්දේ ජාතික බලවේග විසින් බවත් අදටද රජය හා ජාතික සම්පත් ආරක්ෂා කිරීමට එම බලවේග කටයුතු කරමින් ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

එනිසා ජාතික බලවේගයට නම්‍යශීලී දේශපාලන පක්ෂ ඇතුලේ කුමන්ත්‍රණ ඇතිකිරීමට විදෙස් බලවේග කටයුතු කරමින් ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

නැගෙනහිර ජැටිය විදේශයකට ලබා නොදී රජය යටතේ තබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් විදේශීය ඔත්තු සේවා මෙරට ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද පැවසූ උන්වහන්සේ මානව හිමිකම් කොමිසමේ මීලග සැසිය ද ඊට හේතු වී ඇතැයිද කීහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පහර ගැසීම සදාචාර විරෝධී එකක් ඒ ද උන්වහන්සේ පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණේ තබාගෙන අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇතැයි ද කී එහිමියෝ කිසිම පුද්ගලයකු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරන්නේ යයි තමන් නොසිතන බවද සදහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කර කිසිවකු වූ වෙනස් මතයක් ඇදීමට උත්සාහ කරන්නේ නම් එයට දැඩිව විරුද්ධ වන බව ද පැවසූ උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම පාවිච්චි කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන්නැයි අනෙක් අයගෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.

තමා විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් ඒ හිමියෝ මේ බව කියා සිටියහ.

47,901 views

10 Comments to “ECT විකුණන්න නොදුන් නිසා කුමන්ත‍්‍රණයක්.. පොහොට්ටුවෙන් විමල්ට පහර දීම සදාචාර විරෝධීයි..- ඇල්ලේ හිමි”

  1. kawinda says:

    pohottuwa aaraksha kireema wenuwen ehi lekam waraya thama yuthukama itu kala bawata mokekdo emathiyek maadyata prakaashayak karala thibuna. Wimal Weerawansa emathithuma koima welawakawath pohottuwa vivechanaya kale nethi bawa ethumage kathawen oppu wenawa. althutha mantree wechcha punnakku budinno Wimal emathithumata kapanna heduwata Mahinda Rajapaksha saha Gotabhaya Rajapaksha mahathwarun Wimal yanu kawarekdei hondn danna bawa me podi evunta therum kara deema wedagath.

  2. upsaka says:

    අනෙ සාදු තිස්ස රජ කලෙ ඕගොල්ලො හිටියනම් මිහිදු හිමිව හරවල යවලා, සන්ගමිතාට ද්බකොලපටුනට බහින්නවත් දෙන එකක් නැහැ. රුවන්වලිසැය හ්දන්න ගස් කැපුවෙනැද, කලා වැව හදන්න ගස් කැපුවෙ නද්ද. එකලෙ ඔය හිටියා නම් අද අපිට එවත් නැහැ.ගහ කපන්න එපා කියන එඋන් එකෙක් තව බිජයක් හිටවලා පැලයක් ගන්න උත්සහ කරලා තියෙනවද. නෑඈඇ. ලොකවිනසෙ වෙනකම්ම ඔය ගහ තියා ගන්න ද හිතා හිටියෙ. සාදු ඔයා වත් ඔය ගහෙන් අටයක් හිටවන්න.

    • Kavindu says:

      අනේ මේ.. දාගැබ් තිබ්බා කියලා මොකෝ අපිට කන්න ලැබෙනව යැ.. ගස්වල වටිනාකමයි.. ඔය ඔයා කියන දේවල් ගැනයි බුද්ධිමත්ව හිතන්න.

  3. Theeraka says:

    That tv guy now MP Sanjeeva went far beyond his limit. True he has to pay gratitude to Mahinda for being able go to Parliament but should not blow himself too much. You can lick but not to damage your tongue!

  4. gonja says:

    එක්තුවෙලා චන්දේ ඉල්ලිම පොහොට්ටුවට පමනක් නොවෙවිමල්ටත් වාසියි. විමල් තනියෙන් චන්දෙ ඉල්ලුවනම් අර සරත් ෆොන්සේකා එක පාරක් තනියේන් ඉල්ලලාචන්ඩ 5000 ක් ගත්ත වැඩේ තමයි විමල්ට වෙන්නෙ ,ඒ නිසා හැමොම සමබර විය යුතුයි. ඇල්ලෙ හදන්නෙ ඉලගට විමල්ව ජනපති කරන්ඩ වෙන්ඩ ඇති අර මොකෙක්වත් නැති වේලාවේ පුරන් අප්පුව රජකරන්ඩ ගියා වගෙ.

  5. MD says:

    අවසර ඔබ වහන්සේ දැන් දැන් තබාගෙන තිබු ගරුතරකම් දැනුවත්ව හෝ නොදැනුවත්ව මග හරිමින් සිටින බවක් පෙනේ.කනගාටුයි

  6. On The Spot says:

    ඊයෙ විමල්ට බැන්න​,අද ආණ්ඩුවෙ උන්ට බනිනව​,හෙට?

  7. විරවංශට ගහන්නෙ කොමිස් වල රහට අපෙ හාමුදුරැවනේ..! says:

    විරවංශට ගහන්නෙ කොමිස් වල රහට අපෙ හාමුදුරැවනේ..!
    මහීන්ද, බැසිල් වටේ ඉන්න බහුතරයක් පාහරයන්ට සවභාවධර්මය තියා රට ඡාතිය ගැන වත් වගේ වගක් නැත මිත්‍යාධුශ්ඨිකයන් හොරැ මංපහරන්නො ඉන්න තරමක් මල පෙරේතයො කුම්භාන්ඩයො..
    කමක් නෑකියමුකෝ..
    මුංට පලනයක් උවමනා නැද්ද..?

Main News