EPF-ETF බද්දට ශ‍්‍රීලනිප විරුද්ද බව දැනුම් දේ…

February 13, 2022 at 1:20 pm | lanka C news
EPF-ETF බද්දට ශ‍්‍රීලනිප විරුද්ද බව දැනුම් දේ…

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් 25% ක අධිභාර බද්දක් අය කිරීෙම් යෝජනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ දැනට විදෙස්ගතව සිටින පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවා ඒ ගැන සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු කළ ආකාරය ගැන තීරණයක් ගන්නා බවයි.

අදාළ යෝජනාවට විෂය භාර අමාත්‍යවරයා ද විරුද්ධත්වය පළ කර ඇතැයි කී ශාන්ත බණ්ඩාර මහතා එනිසා මෙම බදු අය කිරි ගැනීම සාර්ථක වනු ඇතැයි තමන් නොසිතන බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

8,476 views

2 Comments to “EPF-ETF බද්දට ශ‍්‍රීලනිප විරුද්ද බව දැනුම් දේ…”

  1. බයිසන් says:

    මෛත්‍රී දෙපිටකාට්ටුවා ආණ්ඩුවට වැටෙන්න දෙන්න බෑ කියලා ඕකට අත් උස්සන්න කියයි.

  2. Gamarala says:

    මහා බැංකු හොරා මුන්ට වඩා හොදයි වගේ පේන්නේ.

Main News