EPF-ETF සදහා පළමුවැනිදා සිට බද්දක්.

February 11, 2017 at 2:10 pm | lanka C news
EPF-ETF සදහා පළමුවැනිදා සිට බද්දක්.

එළැඹෙන අප්‍රෙල් මස පළමුවැනිදා සිට සේවක අර්ථසාධක අරමුදල හා පාරිතෝෂික දීමනාවටද බදු අයකිරීමට රජය සැලසුම් කර ඇති බව හිටපු ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

මේ සදහා දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ඉන් පසු බදු එකතු කිරිම ඇමෙරිකානු සමාගමක් විසින් සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

මේ වන තෙක් මෙම කටයුතු සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කර නැතැයිද ඔහු සදහන් කරයි.

43 views
Main News