ETCAට විරෝධය පා අන්තර්ජාල කලූ විරෝධයේ…

October 19, 2016 at 5:30 pm | lanka C news
ETCAට විරෝධය පා අන්තර්ජාල කලූ විරෝධයේ…

ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුමට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ විරෝධතා ව්‍යාපාරයක් ඇරඹී ඇත.

ඉතාම අත්තනෝමතික ලෙස කතයුතු කරමින් විශේෂඥයන්ගේ මතයන් වෘත්තීයවේදීන්ගේ මතයන් සහ මහජන මතයන් පසෙකලා හුදු ඉන්දියානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට සැරසෙන බව පවසන විරෝධතා සංවිධායකයින්මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සදහා “කළු බදාදා” දිනය නම්කර ඇත.

ඔක්තෝබර් 19 වන බදාදා එනම් අද දින ශ්‍රී ලාංකික වෘතිකයන්, තොරතුරු තාක්ෂණ වෘතිය රැකගැනීම වෙනුවෙන් පෙනීසිටින සියලු දෙනා සිය පෞද්ගලික Facebook, Twitter, Instagram, Google Plus, LinkedIn යනාදී සමාජ ජාල ගිණුම්වල සහ ඔවුන්ගේ සංගමයේ | රැකියා ආයතනයේ සියළු සමාජජාල ගිණුම් වල ප්‍රොෆයිල් පික්චර් (Profile Picture) සහ කවර් ෆොටෝ (Cover Photo) කළු වර්ණයෙන් සරසා “කළු බදාදා” විරෝධතා ව්‍යාපාරය සමග එකතුවෙමින් සිටින බවද පවසන සංවිධායකයින් මේ වනවිට කළු බදාදා ව්‍යාපාරය ෆේස්බූක් සහ අනෙකුත් සමාජ මාද්‍ය ජාල අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වන අතර, බොහෝ දෙනා මෙයට සහයෝගය දක්වමින් ඔවුන්ගේ ප්‍රොෆයිල් පින්තූර කළු වර්ණයට හරවා ඇතැයිද කියයි.

– no ETCA

oo hhkkkh

0 views

5 Comments to “ETCAට විරෝධය පා අන්තර්ජාල කලූ විරෝධයේ…”

  1. love nature says:

    මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් පසුව ඇති වන වාණිජ අර්බුද විසදාගැනීමට අපට දේශීය අධිකරණ පද්ධතියේ පිහිට පැතිය නොහැකි අතර, ඒ සදහා විදේශ වල ස්ථාපිත කර ඇති අධික වියදම්කාරී වූ ක්‍රමවේදයක් වන ‘බේරුම්කරණය’ (Arbitration) සදහා ඉදිරිපත් විය යුතුය. එමගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයයට වන බලපෑම් ඉමහත්ය. මෑතදී අත්සන් කල හෙජින් ගිවිසුමෙන් වූ වියවුල මේ සඳහා හොඳම උදාහරණයකි.

  2. lion says:

    ලෝක බැංකු දත්ත අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ජනගහනය, ජනගහන වර්ධනය, සාක්ෂරතාව, ශ්‍රම බලකාය හා විරැකියාව අතර වෙනස මෙසේය.

    ඉන්දියාව ලංකාව
    ජනගහනය 1.267 (බිලියන) 20.3 (මිලියන)
    ජනගහන වර්ධන වේගය 1.25% 0.86%
    සාක්ෂරතාව 74.04% 98.1%
    ශ්‍රම බලකාය 532 (මිලියන) 8.5 (මිලියන)
    රැකියා විරහිතභාවය 37.2 (මිලියන)(@7.1%) 0.35 (මිලියන) (@4.1%)

  3. sinha le says:

    යෝජිත ඉන්දු-ලංකා “ETCA” ගිවිසුම වහා අත්හිටුවනු !

  4. rupe says:

    යෝජිත ඉන්දු-ලංකා “ETCA” ගිවිසුම වහා අත්හිටුවනු !

Main News