ETCA අවසන් අදියරේ.. ළිං මැඩියන් කොතරම් කෑගහුවත් අපි ගිවිසුම ගහනවා..
October 24, 2016 at 3:50 pm | lanka C news
ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා හෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත්, ගිවිසුම අවසන් කෙටුම් පතක් ලෙස මෙතෙක් ප්‍රකාශට පත් වී නොමැති බවත්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
එට්කා ගිවිසුම සකස් කර, පුළුල් සංවාදයකට ලක් කිරීමට පෙර ඒ පිලිබඳ විවේචන ඉදිරිපත් කිරීම, දරුවෙකු මෙළොව එළිය දැකීමට පෙර උප්පැන්න සහතිකයක් දීම වැනි අර්ථවිරහිත ක්‍රියාවක් බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
මෙවැනි ගිවිසුමක් සකස් කිරීමේදී එහි මුලික කෙටුම්පත සකස් කර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට සහ අනෙකුත් පාර්ශවයන්ට ඉදිරිපත් කර පුළුල් සංවාදයකට බඳුන් කිරීමෙන් අනතුරුව අඩුපාඩු සකස් කරගනු ලබන අතර ගිවිසුම අත්සන් කිරීම සිදුවන්නේ ඉන් අනතුරුව බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, වැඩිදුරටත් මෙසේද පැවසීය,
‘එට්කා ගිවිසුම සකස් කිරීමේදී ජාත්‍යනතර වෙළඳ කටයුතු අමාත්‍යංශය, වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශව වල අදහස් ලබාගෙන අවබෝධයෙන් යුතුව ඉන්දියාව සමඟ මෙම සාකච්ඡා සිදුකරමින් සිටිනවා.ලොව ජන ගහනය අතින් දෙවැනි තැන පසුවන ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය බවට පත් වීම තුලින් ලබා ගත හැකි ආර්ථික ප්රතිලාභ වෙත යොමු වීමට ශ්‍රී ලංකාවට දැන්කාලය එළඹී තිබෙනවා. ඉන්දියාව වැනි විශාල ආර්ථිකයක දොරටුව බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ වගකීම රජය මැනවින් අවබෝධ කරගෙනයි තිබෙන්නේ, අපි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සහ ආර්ථික අභියෝග එකිනෙකට පටලවා ගත යුතු නැහැ. ලෝකයේ දේශපාලන වෙනස්කම් පැවතුණු බොහෝ රටවල් ආර්ථික කටයුතු වලදී එක්ව කටයුතු කර ස්ථාවරත්වය ළඟා කරගෙන තිබෙනවා. වියට්නාමය සහ ඇමරිකාව අතර දරුණු යුද්ධයක් පැවතුනා පසුව එම රටවල් ආර්ථික කරුණු වල දී එකඟතාවයෙන් යුතුව කටයුතු කිරීම හේතුවෙන් අද වන විට වියට්නාමය ශක්තිමත් ආර්ථිකයක් හිමිකරගෙන තිබෙනවා. අද වනවිට ඉන්දියාවේ ආයෝජනය කිරීමට ජාත්‍යන්තර සමාගම් ඍජුවම පෙළඹී තිබෙනවා. ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ආර්ථික දොරටුවක් ලෙස ක්‍රියා කල හැකි නම් මෙවැනි සුවිශාල ආර්ථික ආයෝජන වල ප්රතිලාභ අපේ රටටත් ලබාගත හැකි වෙනවා.
පසුගිය දිනවල අපේ රටේ පුද්ගලික ආයතනක ප්‍රධානියෙක් එට්කා ගිවිසුමට විරුද්ධව විවිධ වැරදි ප්‍රචාර පතුරුවා හරින්න කටයුතු කළා. ඒ සඳහා හේතු උණේ එම ආයතන ඉන්දියාවේ පෞද්ගලිකව ආයෝජනය කිරීමට ගොස් ලැබූ අසාර්ථක අත්දැකීම්. එහෙත් රටවල් අතර ගිවිසුම් මගින් ඉන්දියාව තුල විශාල ලෙස ජාත්‍යන්තර ඍජු ආයෝජන පසුගිය වසර කිහිපයේම ස්ථාපිත වී තිබෙනවා. එමනිසා රටවල් දෙකක් අතර සිදුවන වෙළඳ ගිවිසුමකදී පෞද්ගලික අත්දැකීම් ඊට සම්භන්ධ කිරීමේදී වගකීමෙන් කටයුතු කිරීම වැදගත්. ඇතැම් වෘත්තිකයන්ද ළිංමැඩි මානසිකත්වයක සිට මෙවැනි ජාත්‍යන්තර ගිවිසුම් වලට විරුද්ධව කටයුතු කිරීම කණගාටුදායකයි. මෙම වෘත්තිකයන් පෞද්ගලික අංශයේද සේවය කරමින් රුපියල් කෝටි ගණන් උපයන අතරතුර මෙවැනි චෝදනා එල්ල කිරීම විහිළුවට කරුණක්. ඔවුන් ඇත්තටම කටයුතු කරන්නේ දේශපාලන න්‍යාය පත්රයන්ට අනුව බව සඳහන් කල යුතුයි. අපිට අහන්න තියෙන්නේ 2005 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනය දළජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 33 සිට 12 දක්වා සියයට 50කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් බරපතල ලෙස කඩා වැටෙන විට සහ ජාත්‍යන්තරයෙන් රටට එරෙහි සම්බාධක දැමීමේ වාතාවරණයක් ක්‍රියාත්මක වන කාලය තුල මෙම වෘත්තිකයන් කොතනද හිටියේ කියලා අපට අහන්න වෙනවා. එට්කා හෙවත් ඉන්දු ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම මගින් ඉන්දියානු වෘත්තිකයන්ට ස්වාධීනව මෙරටට පැමිණ අපේ වෘත්තිකයන්ට බලපෑමක් කරන්න බැහැ’
ඒක ව්‍යාජ බිල්ලෙක් මවා පෑමක් බවත්, මොවුන් ජනතාව පාගා දමමින් තමන්ගේ වෘත්තියේ ඒකාධිපතිත්වය ආරක්ෂා කර ගැනීමට වෙර දරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මාධ්‍ය ඒකකය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය
umbatath ummbaa kiyanna weewi idiriyata!!!…
Quote: “ළිං මැඩි මානසිකත්වයක….” Unquote:
කවුද යකෝ ළිං මැඩියෝ? මම ඔප්පු කරලා පෙන්නන්නම් ළිං මැඩියා කවුද කියලා.
Quote: “..එට්කා ගිවිසුම සකස් කර, පුළුල් සංවාදයකට ලක් කිරීමට පෙර ඒ පිලිබඳ විවේචන ඉදිරිපත් කිරීම, දරුවෙකු මෙළොව එළිය දැකීමට පෙර උප්පැන්න සහතිකයක් දීම වැනි අර්ථවිරහිත ක්‍රියාවක් බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය…” Unquote:
අන්තිම මෝඩ ළිං මැඩියෙකුගේ කතාවක්. මෙයාලු ජාතික ප්‍රතිපත්ති නියෝජ්‍ය ඇමති! නෙද්දකින්.
ඉන්දියාව එක්ක අත්සන් කරන්න යන ETCA ගිවිසුමේ ප්‍රතිවිපාක ගැන කතා කරන්න, සමාජය දැනුවත් කරන්න, ගිවිසුම දකින්න ඕනේ නැහැ.
යකා එක්ක නිදා ගත්තම හම්බ වෙන “එකා යකාගේ” ගති ගුණ ගැන කියන්න යක් පැටියා ඉපදෙනකම්ම ඉන්න ඕනේ නැහැ, යකෝ.
යකා එක්ක නිදා ගත්තම හම්බ වෙන යක් පැටියාගේ ගති ලක්ෂණ හැමවිටම දෙමව්පියන් දෙන්නගෙන් වැඩියෙම්ම ප්රමුඛ සහ බලවත් ජානයේ ලක්ෂණ අනුව (dominant traits) තීරණය වෙනවා කියලා මේ ළිං මැඩියා දන්නේ නැහැ.
Between two genes, when one gene is completely dominant (ප්රමුඛ ජානය), while the other is recessive (නිලීන ජානය), the gene for the dominant trait will be prominent in the offspring. Example:
blue + blue = blue
blue + yellow = blue
yellow + yellow = yellow
ඒ කියන්නේ මේ ETCA නමැති ගිවිසුම නිසා ඉපදෙන යක් පැටියා නිසා ඉන්දියාව කියන යකා අතින් ලංකාව කියන සුකොමල කාන්තාව විනාශ වෙනවා කියන එක.
මේ යකා UNP කාරයෙක් නේද? This country is governed by buffaloes and toads living in the wells. නෙද්දකින්, මෙවුන් ඔක්කොම අයින් කරන්න ඕනේ.
Mun iskole giya ewun newe. maalu allala wikunala jeewathwena ewun . munta wadi deyak therum ganna be.
It is not decrease of exports but increase of service sector due to rapid expansion of tourism by 6 folds.
ETCA .දකුණු ඉන්දියානු කම්කරු පි ලිලය
.එට්කා නිසා අනාගතයේ මෙරටට එන තවත් ඉන්දියානුවෝ මුළු ලංකාවම ගිලගනු ඇත කෘෂිකර්මය ධීවරකර්මාන්තය භුගතජාලය විදුලිය අධ්‍යාපනය වය්ද්‍යා වුර්තිය . ආදී මෙකී නොකී තව සියගණකඅපේ කර්තව්‍යයන් සියල්ල ඉන්දියානුවන් ගේ බලපෑමට යටත් වනු ඇත .මුළු සිංහල ජන ජීවිතයම දැන් අනතුරෙය
Mr, Perera Don’t talk bullshit ..ETCA dangerous NO NEED ‘ETCA ‘ STOP ….IT
EU එකට ගිහින් එංගලන්තේ කෙලව ගත්ත වගේ අපිත් ඇරගන්න යන්නේ