ETCA අවසන් ගිවිසුම සකසන්න අගමැති රනිල් ඉන්දියාවට..
April 8, 2017 at 7:06 am | lanka C news
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත එට්කා (ETCA) ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් කටයුතු සැකසිම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිතය.
අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය සිදුවීමට නියමිතව ඇත්තේ ඉදිරියේදී සිදුවන ජපාන හා වියට්නාම් සංචාර අවසන් කිරීමෙන් පසුය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු මැති ඇමැතිවරු හමුවී ගිවිසුම සම්බන්ධයෙන් සියලූ කටයුතු සකස් කිරීමට නියමිත බවද සදහන්ය.
My Loard, Please save my country from this idiot before making further mess
Go to hell traitor
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ලක්ෂ පණස් දාහක් උපාධිධාරීන්. පශ්චාත් උපාධිධාරීන් 24969 දෙනෙක් හිටියා. පී.එච්.ඩී කාරයෝ 250ක් හිටියා. මේ රස්සාවට ඉල්ලල තිබුණු සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ හා බයිසිකල් පැදීමේ හැකියාව.
පසුගිය යුධ සමයේ අපේ රටට පළාත් සභා බලෙන් පටවන ලද්දේ රජීව් ගාන්ධි විසිනි. ඉන්දියානු සාම සාධක හමුදාව බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ නැවතී සිටියහ. ජනපති ප්‍රේමදාස ඔවුන් රටෙන් පිටමං කළේ බලවත් අසීරුතා මැද්දේය. ඉන්දියානු ධීවරයින් අපේ මුහුදු සිමාවේ මාළු ඇල්ලීම පසුගිය රජයට හෝ මේ රජයට නැවැත්වීමට නොහැකි වී තිබේ. ඉන්දියානු ධීවර ආක්‍රමණය බොහෝ දෙනා සිතනවාට වඩා බලවත් අකාරයෙන් සිදුවෙයි. ලංකා මුහුදේ අපට අයත් මාළු සම්පත මුළුමනින්ම ඉන්දියාවට නතු වන ආකාරය බියජනකය.
දැනටමත් සංචාරක වීසා වලින් ලංකාවට පැමිණෙන ඉන්දියානු ජාතිකයින් වෙළඳාමට අමතරව විවිධ රැකියාවල නිරත වෙති. මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන්ට කටුනායකදී වීසා ලබා ගත හැකිය (Visa on arrival). සමහර ඉන්දියානු ජාතිකයින් ත්‍රි රෝද රථ රියැදුරන් ලෙස කටයුතු කරන බව ත්‍රි රෝද රථ රියැදුරන්ගේ සංගමය ප්‍රකාශ කරයි. අම්පාර වැනි ප්‍රදේශවල කුඹුරු වැඩ වල යෙදෙන කුලී ඉන්දියානුවන් ගැන ද වාර්තා වේ.