ETCA මගින් ලංකාව හින්දු රාජ්‍යයක් වන හැටි ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ දෑසින් දැක ලියති..

October 12, 2016 at 8:40 am | lanka C news
ETCA මගින් ලංකාව හින්දු රාජ්‍යයක් වන හැටි ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ දෑසින් දැක ලියති..

ඉන්දීයාව “එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති සමානතා තුලනය කොට මනා නිරික්ෂණයකට එලබීම ශ්‍රී ලාංකික විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් හා දේශපාලකයින් තවදුරත් ප්‍රමාද විය යුතු නැති බව මගේ දැඩි විශ්වාසයයි, යන්න ඇමරිකාවේ ප්‍රධාන සoඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල ප්‍රියනන්ද හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

උන්වහන්සේ එම නිවේදනය මගින් තවදුරත් පවසා සිටින්නේ “1972- 76 දක්වා කල්කටා විශ්වවිද්‍යාලයේ ව්ද්‍යාර්ථියෙකු ලෙස පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කල සමයේ ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් වූ අතිගරු නෙලුවේ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පුද්ගලික ලේකම් හිමි ලෙස කටයුතු කලෙමි. එවකට මහාබෝධි සමාගමේ සභාපති වශයෙන් කටයුතු කලේ අසල්වැසි කුඩා රාජ්‍යයක් වූ සිකිම් රාජ්‍ය පාලනය කල PALEN THOND NAMGGA රජතුමාය. එතුමා පොදු ජනතාව විසින් CHOGYAL යන නමින් හඳුන්වනු ලැබු අතර එකල එහි වාසය ජනතාව අතරින් 95% ගේ ආගම වූයේ බුද්ධාගමයි.

එම වකවානුවේ ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය සිකිම් රටට උදව් උපකාර කිරීමට දැඩි හින්දු භක්තියිකයින් වූ වෛද්‍යවරු , ඉoජිනේරුවරු ,ගුරුවරු ආදි ඉහළ වෘත්තීකයින් පිටත් කරනු ලැබිය, එසේ ගිය එම පිරිස තත් කාර්යයට අමතරව හින්දු ආගම ප්‍රචලිත කිරීමේහිද නිරත වුයේ ඔහුන් තුල ස්වෙච්ඡාවෙන්ම ඇතිවු අදහස මත බව සිතීම උගහටය. මේ තත්ත්වය හේතුවෙන් බුද්ධාගම හා හින්දු ආගම් අතර අරගලයක් කෙමෙන් උද්ගත වූ අතර1974 අග භාගය වන විට ඉන්දීය හමුදාව යැවීමට තරම් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වුණි. ඉන්දීය හමුදාව විසින් අරගල මැඩ පවත්වා එහි රජතුමා ද අත් අඩංගුවට ගත් අතර අවසානයේ සිදුවුයේ එම සාමකාමී කුඩා බුද්ධාගම රාජ්‍යය ඉන්දීයාවේ ප්‍රාන්තයක් බවට පත්විමයි. සාමකාමී සීකිම් රජතුමා සිය රාජකාරි කටයුතු සඳහා මහාබෝධියට පැමිණියේ හිරකරුවෙක් වශයෙනනි. ඒ දුටු මා හට ඇති වූයේ මහත් කණගාටුවකි”.

උන්වහන්සේ එම ලිපිය මගින් තවදුරත් පවසා ඇත්තේ “අප හැමවිටම තිබ්බතය [ ටිබැටය] චීනය විසින් අල්ලා ගැනිම හෙලා දැකීමට නොපැකිලුනෙමු. එහෙත් සීකිම් රාජ්‍යය ඉන්දීයවා විසින් අල්ලා ගැනිම ගැන වචනයකුදු කථා නොකරනුයේ ඉන්දීයවා අපේ අසල්වැසි රට නිසාද නැතහොත් වෙනත් හේතුවක් නිසාදැයි විමසා බැලිය යුතුය යන්නයි.

72 views

46 Comments to “ETCA මගින් ලංකාව හින්දු රාජ්‍යයක් වන හැටි ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක හිමියෝ දෑසින් දැක ලියති..”

  1. Champa says:

    ඔබ වහන්සේ හරියටම හරි. මමත් ටික දවසකට ඉස්සෙල්ලා ඔය ගැන කෙටි වාක්‍යයක් ලිව්වා.

    “ඕකෙන් වෙන්නේ අපේ පන්සල් පාළු වෙලා හනුමාන් දෙයියෝ හන්දියක් හන්දියක් ගානේ වඩින්න පටන් ගන්න එකයි” කියලා.

  2. Champa says:

    ඔබ වහන්සේ හරියටම හරි. අනිත් රටවල හින්දු ආගම ප්‍රචාරය කරන්න උත්සාහ ගන්න ඕනේ වුනාට, “එට්කා” නිසා කිසි මහන්සියක් නැතුවම, ඇඟට නොදැනි අපේ රට පුරා හින්දු ආගම ප්‍රචාරය වෙනවා.

    “ඕකෙන් වෙන්නේ අපේ පන්සල් පාළු වෙලා හනුමාන් දෙයියෝ හන්දියක් හන්දියක් ගානේ වඩින්න පටන් ගන්න එකයි”.

  3. love nature says:

    Lord Buddha was born in Lumbini (PRESENT DAY NEPAL). Not india

  4. Sumane says:

    First budhist monks should talk about removing hindu kovils attached to temples. Why don’t they acknowledge that budhism is not about worshipping at kovil.

  5. love nature says:

    Lord Buddha, then Prince Siddhartha was born in the area called Rupandehi (Kapilvastu), Lumbini that belongs to the lovely country called Nepal.

  6. love nature says:

    It is reported some Indian government agencies are on a campaign to promote Orissa as the Prince Sudhdhartha’s birthplace. This simply spreading wrong information to attract millions of tourist interested in Buddhism to India experts say. India has always being the greatest external influence on Nepali politics. So is for their culture, religion and economy.

    It is the responsibility of our members on BBN to enlighten those who are unaware about the correct places in Buddhism’s history. Buddha’s birth place should be a primary correction that all of us have to make in discussing places mentioned in Buddhism. Buddha was born in Nepal, Not India.

  7. love nature says:

    Dr Babasaheb Ambedkar reviving Buddhism in India!

    https://www.youtube.com/watch?v=EgMKgEeNUMQ

  8. මල්වතු- අස්ගිරි හාමුදුරුවරු බදයන ආණ් ඩුවේ ගූ හෝදා හෝදා ඉන්න වෙලාවේ ….
    ඔබ වහන්සේ අපේ රටේ බඩජාරි කාලකන්නි දැනුවත් කරන්න …..
    කටයුතු කලාට බොහෝ පින්සිදු වේවා ..!
    තව තවත් දිරිමත් වන්න .

  9. lion says:

    ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාව ඉන්දියාවට සම්බන්ධ වී නොතිබි තිබුනත් විදේශ ආක්‍රමණ ගණනාවකට මුහුණ දුන් අපි මේ තරමින් වත් බේරී සිටින්නේ ඔය මුහුදු තිරයෙන් වෙන්වූ නිසා, දැන් සිදුවන්නේ හරියටම 30 වසරක යුද්ධයක් අවසාන වූ පසු දකුණු ඉන්දියාවේ මිනිසුන් මෙහි ගෙන්වාගෙන නැවත යුද්ධයක් පටන්ගනිමටයි.

Main News