ETI ගන්න බිලියන පහක් දාන බව කී අයෝජකයා ත‍්‍රීවිලයකින් පැන යයි.. තැන්පතුකරුවෝ හූ තියති..

July 19, 2018 at 12:01 am | lanka C news
ETI ගන්න බිලියන පහක් දාන බව කී අයෝජකයා ත‍්‍රීවිලයකින් පැන යයි.. තැන්පතුකරුවෝ හූ තියති..

ETI සමූහ ව්‍යාපාරය වෙනුවෙන් බිලියන පහක් ආයෝජනය කිරීමට සුදානම් වී සිටින ආයෝජකයා ත‍්‍රිවීල් රථයකින් පැන ගිය බව එහි මුදල් තැන්පතුකරුවන් කියති.

ETI ආයතනයට එරෙහිව මහ බැංකුව විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණ සිටි මෙම පුද්ගලයා ත‍්‍රිවීලයකින් පැන ගිය බවත් එවන් පුද්ගලයෙකු මෙතරම් විශාල මුදලක් ආයෝජනය කරන්නේ කෙසේදැයි කියාත් ඔවුන් ප‍්‍රශ්න කලහ.

250 views

8 Comments to “ETI ගන්න බිලියන පහක් දාන බව කී අයෝජකයා ත‍්‍රීවිලයකින් පැන යයි.. තැන්පතුකරුවෝ හූ තියති..”

  1. Ranmalee says:

    මේ අම්මණ්ඩිලා ටික අධික තන්හාවට පෙරේතකමට වැඩි පොලියක් ගන්න ඔවැනි ලොකු අවධානමක් තියෙන පවුද්ගලික ආයතන වල මුදල් දැම්මා. එම ආයතනයත් ඒ මුදල් හරියට පාලනය කරේ නැති නිසා කඩා වැටුනා. ඕනෑම බිස්නස් එකක අවධානමක් තියෙනවා. වැඩේ වැරදුනොත් තමුන්ට පාඩුයි. කැසිනෝ ගහන්න ගියත් ඔච්චරයි. දින්නොත් ගොඩ පැරදුනොත් ඉවරයි. පැරදුනා කියලා සෙල්ලම් කරපු සල්ලි ඉල්ලගන්න බැහැ. බුරු පොළකට ගියත් ඔච්චරයි. ඔය ආයතනයේ ලංකාවේ ප්‍රසිද්ධ පන්සල් වල නායකයන්ගේ මුදල් බිලියන ගණනක් දාලා තිබුනා. ඒ අයටත් පාඩුයි. දැන් මේ ප්‍රශ්නය නීති මාර්ගයෙන් විසදන්න උසාවි ගිහින් තියෙන්නේ. එහෙව් වෙලාවක මේ වගේ පිස්සු කෙලින එක වැරදියි. රටේ නීතියක් නැතිබව ඇත්ත. එත් තමුන් ඔය ආයතනයේ මුදල් තැන්පත් නොකර රජයේ ආයතනයක දැම්මනම් පොලිය අඩු වුනත් සල්ලි ටික ආරක්ෂා වෙනවා. අනෙක මිනිහෙක් ත්‍රී ව්හීල් එකක ආවා ගියා කියලා මිනිස්සු මනින්න එපා. ඔන්න ඔතන තමයි ගෝත්‍රික උඹලට වැරදුන තැන. උඹලා මිනිස්සු මනින්නේ උන් කනබොන හැටි සහ අඳින පළදින දිහා බලලයි. එම්ප්ටි පොකට් ක්ලීන් සුට් කියන්නේ ඕක තමයි. අනෙක සැප කාර් එකකින් ආවානම් උඹලා ගල් ගහයි. කැනඩාවේ මුදල් අමෙති බස් එකේ වැඩට යන වෙලාවනුත් තියෙනවා. ඇමෙරිකාවේ කැනඩාවේ දේශපාලකයන්ට වාහන පර්මිට් තියා සමහරුන්ට මොටර්සයිකලයක්වත් නැහැ. එකයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. චන්ද කාලෙට සුකොපබෝගී වාහනේක ඕනෑම පල හොරෙක් ආවොත් උඹලා චන්දෙ දෙනවා. ඊට පස්සේ උන් හොරකම් කරනකොට හුල්ලනවා. සුද්දා ගියාට පස්සේ අඩියක්වත් රේල් පාරක් දික්කරගෙන නැහැ. මිනිස්සු වැඩට යන්නේ එන්නේ බස්වල යාර දෙකක් විතර එළියේ එල්ලිලා. තිස්තුන් කෝටියක් දෙවිවරු වැඩ ඉන්නවලු හැබැයි හැටහතර කෝටියක් ලෙඩරෝග සහ උසාවි වල නඩු. උඹලගේ රට කවදා ගොඩ යයිද කියලා දන්නේ නැහැ. අඩුම තරමේ දරුවෙකුට තියා වයසක ගැහැණු කෙනෙකුටවත් පාරේ යන්න දෙන්නේ නැහැ රටේ මිනිස්සු අසහනෙන් ඉන්නේ. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු !!!

    • Lanka says:

      This is very true , the business was mismanaged where they invested long term with short term funds. They didnt do it right and its difficult job specially for a family run business like ETI . On the other hand this could happen to any bank / Institute if people go and demand money at once. ETI matter was different as they didn’t manage this issue properly. They are selling long term investments held and trying to settle these hooligans. They have got a determined investor who is going to invest 75 M USD to an empty shell and try to revive and pay these fools . But look what these fools do. If the investor backs away they have nothing but an empty hope that they will get their money upon liquidation and government is bound to pay . but what they don,t understand is it doesnt happen that way and liquidation payment take long time and they will get only part of their investment without any interest from the day its its liquidated and in a longer period. The people who robbed them are still going in luxury vehicles from the court the wise investor is resorting to use Three Wheeler and they judge him. No wonder that these are fools who go after any racketeer who promise one cent more than the other

    • Niyamai. Oka thama atgthama aththa.

    • යකා says:

      Can’t agree more

  2. Gomi says:

    අනේ මෝඩ රැල. ස්විස්ටර්ලන්තයෙ අගමැති දිවුරුම් දෙන්න ආවෙ ටැක්සියකින් . ෆින්ලඩ් අගමැති වැඩට යන්නෙ කෝච්චියෙ. පාවිච්චි කරන කාර් දිහා බලලා හකුරු ටික වක්කඩේ හංගපු.මේ වගේ හරක්,.

    • janaka says:

      ඒ ස්විට්සර්ලන්තෙ පින්ලන්තෙ වගෙ දුප්පත් රටවල් වල. අපි වගේ පෝසත් රටවල ඇමතිවරු එහෙම ගියොත් අපේ තත්වෙ මොකද්ද?

  3. sinha le says:

    මෙයට වගකියන්න ඕනේ දැනට ඉන්න මහබැංකුවේ දෙමළ අදිපති අනික් දෙමලා සිංගප්පුරුවේ

  4. මාතලේ බණ්ඩා says:

    මෙි EDIRISINGHE TRUST INVESTMENT (ETI) කාරයොත් හොඳම LIONS CLUB කාරයො නේද? බලාගෙන යනකොට මංගල සමරවීර කියපුව ඇත්ත වගේ.

Main News