Etisalat බංකොලොත් යයි නිවේදනය කරන්න සූදානම්..? සේවකයන් මහපාරට..??

August 6, 2018 at 12:02 am | lanka C news
Etisalat බංකොලොත් යයි නිවේදනය කරන්න සූදානම්..? සේවකයන් මහපාරට..??

එටිසලාට් සමාගම බංකොලොත් යයි නිවේදනය කිරීම කටයුතු සිදුවෙමින් ඇති බවට සම්බන්ධයෙන් වන වාර්තාවක් අන්තර්ජාල මාධ්‍යයන්හි පලව ඇත.

****

එටිසලාට් සමාගන තව දුරටත් තනි ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාහැකිද? සේවකයින්ටත් ඔවුන්ගේ පවුල් වලටත් කුමක් සිදුවේද? අද වන විට ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය මත ඉහත ගැටලු දෙකට ඇත්තේ ඉතාම පැහැදිලි පිලිතුරකි. එනම් තරඟකාරී දේශීය වෙලඳපොලේ තවදුරත් රැඳී සිටීමට කිසිදු සැලැස්මක් (Marketing Plan) නොමැති සමාගමට තවදුරටත් ඉදිරි ගමනක් ඇත්තේම නැත. අප එසේ කියන්නේ ඇයි? එමිරේට්ස් ටෙලිකොම් සමාගම සියලු ආයෝජනයන් ඉවත් කලපසු සහ විකිනීම හෝ වෙනත් සමාගමක් සමග ඒකාබද්ධ වීම කලනොහැකි වන්නේනම් එටිසලාට් ලංකා බුන්වත් (Bankruptcy) බව නිවේදනය කිරීමට සියල්ල සූදානම් කර ඇත.

ඔවුන් මේසඳහා සූදානම් වූයේ පසුගිය වසරේ එනම් 2017 අග භාගෙයේදියි. ඒ හච් සමග ඒකාබද්ධ වීමේ (Merger Plan) පලමු උත්සාහය එවකට තිබුනු කලමනාකාරිත්වයේ කඩාකප්පල් කිරීමේ ක්‍රියාමාර්ග නිසයි. ඔවුන් ජාත්‍යන්තර වෙලඳපොලේ ඒ වනවිටත් දැවැන්ත කඩාවැටීම් දෙකකට මුහුනදී තම එටිසලාට් සන්නාමයට දැවැන්ත හානියක් සිදුකරගෙනයි සිටියෙ. මෙම අවාසිදායක තත්වය මත ඔවුන් නැවතත් හච් සමග ඒකාබද්ධවීම ආරම්භ කරන්නේ හිටපු කලමනාකාරිත්වය සම්පූර්නයෙන් ඉවත්කරමින් ඔවුන්ගේ ඇෆ්ගනිස්තාන ප්‍රධාන විධායකවරයා තාවකාලිකව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා යොමුකරමින්.

වැදගත්ම දෙවැනි කරුන වන්නේ මව් සමාගම වසර එකහමාරක් පුරාවට මෙරට මෙහෙයුම් සඳහා ප්‍රධාන වෙලඳ නිලදාරියකු පත්කරන්නට ඉඩලබා දෙන්නේ නැහැ. සමාගමකට CCO කෙනෙකු නොමැතිව කිසිදු වෙලඳ උපාය මාර්ගික සැලැස්මක් (Marketing Strategy Plan) ක්‍රියාත්මක කරන්නට පුලුවන් වන්නේ නැහැ.

සියල්ල එසේ මව් සමාගම සූදානම් වෙද්දී වත්මන් කලමනාකාරීත්වය වෙනමම සැලැස්මක් යොදවනවා. එනම් යම් හෙයකින් ඒකාබද්ධ වීම දිනෙන් දින කල් දමාගනු ලැබුවහොත් එම ගතවන සෑම දිනකම, සතියකම, මාසයකම වාසිය අත්වන්නේ ඇෆ්ගනිස්තාන ප්‍රධාන විධායකයාටත් ඔහු පත් කල ඔහුගේ මිතුරන් සිව්දෙනාටත්ය. එනම් ඔවුන් සියලු උත්සාහයන් දරනු ඇත්තේ Hutch ඒකාබද්ධවීම කඩාකප්පල් කිරීමටයි.

සියලු උත්සාහයන් අසාර්තක වුවහොත් මව් සමාගම අවසාන පියවර ලෙස බුන්වත් බව (Bankruptcy Filing) නිවේදනය කරනු ලබනවා ඇත. ඇල්ජීරියානුවන් උපයාගත් මුදල් සමග ඔවුන්ගේ ගමනත් සියලු සේවකයින්ට මහපාරත් අත්වන ඉරනම එසේ විසඳෙනු ඇත. එසේ නොවීමටනම් වගකිවයුතු රජයකට නිකම්ම බලාගෙන සිටිය නොහැකිවනවා ඇත

– gossiplankatelecos.wordpress.com

266 views
Main News