Euro-4 ඉන්ධන ගැහුවාම වාහනවලට වෙන දේ..

June 15, 2018 at 8:40 am | lanka C news
Euro-4 ඉන්ධන ගැහුවාම වාහනවලට වෙන දේ..

සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ලබන මාසයේ සිට හඳුන්වා දීමට අපේක්ෂිත යූරෝ ෆෝ ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියේ සුපර් ඩීසල්වලද මිල වැඩිවීමක් සිදු නොවන බවයි.

දැනට භාවිත කරන ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ ලංකා සුපර් ඩීසල්වල මිල ගණන් යටතේම යූරෝ ෆෝ ප්‍රමිතියේ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යුරෝ ෆෝ ප්‍රමිතියේ සුපර් ඩීසල් පාරිභෝගියාට ලබා දෙන බවද උපාලි මාරසිංහ මහතා පවසයි.

“යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. එම ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා.

එහිදී අපි මුලින්ම හඳුන්වා දෙන්නේ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් ඔක්ට්‍රේන් 95 ප්‍රෙට්ටල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් සුපර් ඩීසල්. එම ඉන්ධන අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ යූරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ සුපර් ඩීසල් ලෙසින්. ඒ සමඟම අපි දැනට භාවිත කරන සාමාන්‍ය ඔක්ට්‍රේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් වෙනවා.

කෙසේනමුත් දැනට අපි භාවිත කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළද පොළේ වෙනදා විදියටම සුලබව තියෙනවා. ඒවා වෙළදපොලෙන් ඉවත් වන්නේ නැහැ. නමුත් ඉහළ ප්‍රමියෙන් යුත් ඉන්ධන නිතරම භාවිතා කරන ලෙස අපි පාරිභෝගිකයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. උපඑයින් තමගේ වාහනවලටත් පරිසරයටත් සුබදායි තත්ත්වයක් උදා කර දෙන්න පුළුවන්……” යැයිද අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා කියා සිටියේය.

– තමීර මංජු

80 views

5 Comments to “Euro-4 ඉන්ධන ගැහුවාම වාහනවලට වෙන දේ..”

  1. Nalaka says:

    සුද්ද කියනව නම් මොකක්ද?

  2. Kings says:

    ඔය වැඩි ගනන් දීල යුරෝ 4 . 95, වගේ පෙට්‍රොල් ගහල විතරක් පරිසරය ආරක්ෂා කරන්න බැහැ. මේ කැලෑ කපන විදිහට එහෙන් බද්දුදීන් පුත්තලමයි මුලතිව් කැලයයි කපනව. අනිත් පැත්තෙන් කබීර්, කිරිඇල්ල එකතුවෙල නකල්ස් වල අක්.20,000 ක් කැලැ එලි කරනවලු. පරිසර ඇමති නිදි. බොරුවට මිනිස්සුන්ට කියනව පරිසරය ආරක්ෂා කරන්නලු. දේශපාලුවො මේක කනකම් අනිත් අයට බ්න දෙසනව. රටේ හැම මිනිහෙක්ම මව්බිම ගැන හිතපු කාලෙ ඉවර කලේ දේශපාලුවො එකතු වෙලා. දැන් ඒක ආපසු හරවන එක ලේසි නැහැ. ඉස්සෙල්ල දේශපාලුවො ඒක කරල පෙන්න්වපල්ල.

  3. බුදධිමත් ඡන්ද දායකයා says:

    මුලින්ම අපි මේ බැදුම්කර පගාව ගත් දේශ පාලකයන් වර්ජනය කල යුතුයි.මිනිසුන් විසින්ම මොවුන්ව මාධ්‍ය වලින් පොදු උත්සව ආදියෙන් ඈත් කර සමාජයෙන් කොන් කල යුතුයි. ඒ සදහා මහජනයාට පරම වගකීමක්ද අයිතියක්ද ඇත.පුලුවන් නම් දුටු තැන හූ තැබිය යුතුය.

  4. Ruwan says:

    Mama hithanne meka compression ratio eka matha depend wenawa neda… 95 kiyana eka hema wahanakatama gahanna hoda ne … Japanen ena wahanawala mention karala nethnam 95 gahanna,,, ekata kohethma gahanan hoda ne 95. compression ratio matha.. burn wenna late wenawa 92 ekata 95 gewwama.

  5. Saradiel says:

    මේ යන්නේ තවත් ඉන්දියාවෙන් බාල තෙල් ගන්න සිංගප්පුරුව හරහා

Main News