Exclusive : අක්කර හාරසීයක මහකුඩුගල රජයේ වතුයාය බැදුම්කර අප්පච්චීට රුපියල් අටදාහකට දෙයි..

November 5, 2017 at 1:20 pm | lanka C news
Exclusive : අක්කර හාරසීයක මහකුඩුගල රජයේ වතුයාය බැදුම්කර අප්පච්චීට රුපියල් අටදාහකට දෙයි..

රජයට අයත් නුවරඑළිය, කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය මසකට රුපියල් 8000ක් වැනි අඩු මුදලකට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතාට වර්තමාන ආණ්ඩුවේ පාලන කාලය තුළදී ලබාදීමේ අප්‍රකට ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු තිබේ.

එම ප්‍රසාදජනක ආර්ථික වාසිය ලබා ඇති ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා බවද සඳහන් කළ යුතුය. බරපතළ රාජ්‍ය දේපළ අපහරණයක් ලෙස සැලකිය හැකි මෙම ගනුදෙනුව සිදුකර තිබෙන්නේ 2016 සැප්තැම්බර් 26 වැනි දිනය. ජෙෆ්රි ඇලෝසියස් විසින් මෙම ගනුදෙනුව සඳහා සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගම නමින් නව සමාගමක්ද ලියාපදිංචි කොට තිබේ.

බි්‍රතාන්‍ය රන් පවුම් වතු රජයට පවරා ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ වතු 440ක් පසුව පෞද්ගලික සමාගම් 22කට බදු පදනමින් පවරා දෙනු ලැබීය. ප්‍රථමයෙන් වසර 5කට බදුදෙනු ලැබූ අතර එය පසුව වසර 50ක් දක්වා දීර්ඝ කරන ලදී. ඉහත සඳහන් කඳපොළ මහකුඩුගල වතුයාය පාලනය කරන ලද්දේ මතුරට ප්ලාන්ටේෂන් ලිමිටඩ් (ර්ඒඊඩ්ධ්අඒඊඒ ර්ථීඹ්ඒව්ඊඒඊධ්ර්ණීව් (ර්ථීඅධ්ඍඒඊඡ් ඹ්ධ්ර්ධ්ඊඡ්ච්) නමැති සමාගම විසිනි. මහකුඩුගල වතුයාය ජෙෆ්රි ඇලෝසියස්ලාට පවරාදී තිබෙන්නේ එම සමාගම විසිනි.

එලෙස අතුරු බදු ගිවිසුමක් හෝ ඒකාබද්ධ ව්‍යාපාරයක් ස¼දහා ගිවිසුමකට එළැඹීමට මතුරට වැවිලි සමාගමට නීතිමය ප්‍රතිපාදන නැත. නමුත් 2016 ඔක්තෝබර් 01 දින සිට මහකුඩුගල පාලනය කරන්නේ ඇලොසියස්ලාගේ සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන් සමාගම මඟිනි. එකී ගිවිසුමට (බ්ර්ණීධ්ව්ඊ ඍඡ්ව්ඊඋඅඡ් ඒට්අඡ්ර්ඡ්ව්ඊ) මතුරට වැවිලි සමාගම වෙනුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඩී.එස්.කේ. අමරසේකර මහතා සහ සංජීවනී කොටකදෙණිය මහත්මිය අස්සන් තබා ඇත. සෙරන්ඩිපිටි වැවිලි සමාගම වෙනුවෙන් ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් සහ ජේමිස් ඔලිවර් වෙයිට් මහත්වරුන් අස්සන් තබා තිබේ.

මෙම ගිවිසුමෙහි කොන්දේසි විස්මය දනවනසුලුය. ඉන් සමහරක් මෙසේය. මහකුඩුගල වතුයාය හෙක්ටයාර් 219.75කි. ප්‍රධාන අයිතිකරු වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි. බදු අයිතිකරුවන් වන්නේ මතුරට වැවිලි සමාගමයි. එකී බදු අයිතිය මෙම ගිවිසුමෙන් 2016 ඔක්තෝබර් පළමු වැනි දා සිට 2045 ජුනි මස 21 වැනි දින දක්වා සෙරන්ඩිපිටි වැවිලි සමාගමට පැවරේ.

2016 ඔක්තෝබර් 01දා සිට 2017 මාර්තු මස 31 දක්වා ගෙවිය යුතු බදු මුදල රු. 52,073කි. ඒ අනුව මහකුඩුගල වතුයාය වෙනුවෙන් ඇලෝසියස්ලා ගෙවන මාසික බද්ද රු. 8000කට අඩුය. ඊටත් වඩා සුවිශේෂී කරුණක් වන්නේ අදාළ ගිවිසුමෙහි 5.2(4) අංකය යටතේ මහකුඩුගල වතු යායේ සේවක අර්ථසාධක මුදල් සහ පාරිතෝෂික මුදල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක්ද සෙරන්ඩිපිටි සමාගමට හිමිවීමය.

මෙම ඊනියා ගිවිසුමට අනුව රුපියල් 8000කට අඩු මාසික බද්දකට 2045 වසර දක්වා හිමිවන මහකුඩුගල වතුයාය පහත සඳහන් අංගයන්ගෙන් සමන්විතය.

තේ කර්මාන්තශාලාව, ගබඩා, පෙට්රල් පිරවුම් හල, පුස්තකාලය, වෛද්‍ය මධ්‍යස්ථානය, පාසල, හින්දු කෝවිල, මාතෘ රෝහල් වාට්ටුව, ළදරු නිවාසය, කාර්යාලය ප්‍රජා ශාලාව සහ සුපිරි, බංගලා දෙකකින් යුක්තය.

මහකුඩුගල වතුයාය තේ අක්කර 400කින් පමණ සමන්විත වන අතර තේ අක්කරයක වර්තමාන බදු කුලිය රු. 10,000ක් විය යුතුයි. තේ වගාවට අමතරව වතුයාය සතුව ඇති වටිනා දැව සහිත ගස් සංඛ්‍යාව 19,320කි. ඒවා මේ වන විට වතුයායේ තිබේද නැද්ද යන්න නොදනී.

උදේනි සමන් කුමාර
– mawbima

11,621 Viewers

3 Comments to “Exclusive : අක්කර හාරසීයක මහකුඩුගල රජයේ වතුයාය බැදුම්කර අප්පච්චීට රුපියල් අටදාහකට දෙයි..”

  1. Omar says:

    Ranil must be hanged to death if this is true. Now Bond issue and this will erase Ranil from SL politics.

  2. Kumar says:

    I fully agree with you I have no party politics any one doing harm to the country there wealth should take over by the government and punishment should be severe

  3. Kings says:

    අනේ යහපාලන මහත්වරුනි,මටත් දෙන්නකො ඔය වගේ වත්තක් රු. 10,000 ක් උනත් කමක් නැහැ මාසෙකට. මොනවහරි කරල 10,000 ගෙවා ගන්න බැරියැ. මට කොම්පැණියකුත් තියෙනව බංකොලොත් වෙච්ච. ඒකෙ නමට ගත්තෑකි.

Main News