අගමැති රනිල්ට ඇමතිවරුන් පහර දීලා..
September 21, 2019 at 10:12 pm | lanka C news
අගමැති රනිල් වික්රමසිංහ මහතා තම කැබිනට් ඇමතිවරුන්ගේ ගුටිකා ඇති බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
පසුගියදා පැවති හදිසි කැබිනට් හමුව කැදවූයේ තමාගේ උවමනාව අනුව නොව අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි බවද ඔහු සඳහන් කළේය.
ආන්දෝලනාත්මක කැබිනට් රැස්වීම කැඳවූයේ තමන් බවට අගමැතිවරයා විසින් කරන ලද ප්රකාශයකට ප්රතිචාර දක්වමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්රික් සමුළුව නාඋල නගරයේ දී අමතමිනි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වත්මන් කැබිනට් මණ්ඩලයේ ප්රධානියාය.