අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ.. ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..
November 29, 2018 at 10:21 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත.
කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව දැන්වූ බව ජනාධිපති කාර්යාලයේ සමීප ආරංචි මාර්ග කියා සිටී.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය අධිකරණයෙන් විසඳුමක් දෙනතෙක් ලබන දෙසැම්බර් 10 වන දින දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසයි.
ඉන් පසුව අධිකරණ නියෝගයෙන් පසු තත්වයන් ගැන සලකා බැලිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම මේ මොහොතේ නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා අගමැති ධුරය පුරප්පාඩු වී නැති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
19 සංශෝධනයෙන් වූ පසු තමනට අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වූයේ ජාතික ආණ්ඩුවෙන් සන්ධානයට ඉවත්වීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වීම නිසා බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස අගමැතිවරයා ඉවත් කිරීමට විශ්වාස භංගයක් සම්මත කල හැකි බවත් ජනාධිපතිවරයා යලි අවධාරණය කර ඇතැයිද වාර්තා වෙයි.
කෙසේ වෙතත් හෙට දිනයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද සඳහන්ය.
Love the logic
TNA මන්ත්‍රීල සල්ලි වලට අරන් ඇමති තනතුරු දෙනකෛාට උන් සිංහයො. රනිල්ට සහයෝගය දෙනකොට උන් කොටි. බයි තියරිය
mey naaki kari karu wa waa mata vinaakirit damala achhaaaru wak hadanna unt puluwan mey karana asaaadarana wada walata.Naaakiyo tho nam thwa tika kalakin Narakaaadiyatana yaaavi.lankaaawey anaaagathaya Vinaaasa vela natttata natiwanawa.
He should be brought to justice!
හරිනෙ ගැමුනුවො, දප්පුලයො, රනිල් තෝරන්නෙම රටට අහිතකර දේ,මහින්ද තෝරන්නෙ රටට හිතකර දේ. ඉතිං රනිල් තේරුවොත් කොටි, මහින්ද තේරුවොත් දේශප්‍රේමියො කියලා කවුරුත් කියනවා.