Exclusive : ඉල්ලා අස්වන්න රනිල්ට අන්තිම පැය 24 දෙයි… රවි සමග එජාප මැති ඇමතින් 50ක් විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි..

April 2, 2018 at 10:18 pm | lanka C news
Exclusive : ඉල්ලා අස්වන්න රනිල්ට අන්තිම පැය 24 දෙයි… රවි සමග එජාප මැති ඇමතින් 50ක් විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි..

රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර හෙට (03) දිනය ඇතුලත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි තදබල බලපෑමක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයන් පිරිසක් සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

හිටපු ඇමති රවි කරුණානායක ඇතුළු 50කට ආසන්න එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් විසින් මෙම ඉල්ලීම කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.

මෙම පිරිසේ අරමුණ වී ඇත්තේ අවසන් පැය 24 ඇතුලත කෙසේ හෝ අගමැතිවරයා ඉල්ලා අස්වීමට එකග කරවා ගැනීමයි. එසේ ඉල්ලා අස් නොවුනහොත් මෙම පිරිස විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමේ තීන්දුවක් ගනු ඇති බවද සදහන්ය.

තමන්ගේම දේශපාලන කදවුරෙන් එල්ල වන දැඩි පීඩන තත්වය මත අගමැතිවරයා හෙට දිනයේ ඉල්ලා අස්වනු ඇති බවට ඉහල පෙලේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.

මේ තත්වය සම්බන්දයෙන් කරුණු පැහැදිලි කිරීමට රවි කරුණානායක මන්ත‍්‍රීවරයා අද (02) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවු තිබුනද පසුව එය අවලංගු කර ඇත්තේ සෙසු පිරිස විසින් කරන ලද ඉල්ලීමක් මත යයිද වාර්තා වෙයි.

හෙට දිනයේ සියළු දෙනා එක්වී උපරිම උත්සාහයක් දරා රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමට බල කිරීමටත් එසේ කල නොහැකි වුවහොත් සියළු දෙනා එක්ව ඊළග පියවරට යාමටත් යෝජනා කල නිසා එසේ මාධ්‍ය හමුව කල් දැමූ බවද පැවසෙයි.

6 views

8 Comments to “Exclusive : ඉල්ලා අස්වන්න රනිල්ට අන්තිම පැය 24 දෙයි… රවි සමග එජාප මැති ඇමතින් 50ක් විශ්වාස භංගයට පක්‍ෂ වෙන්න සූදානම්.. මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    ඒකාබද්ධ විපක්ෂයේ පැහැදිලි බෙදීමක් තියනවා දෝෂාභියෝගය ගැන. මහින්ද ඇතුළු ප්‍රායෝගික දේශපාලඥයන් මේකට විරුද්ධයි – එදා වේල ටුවර්ස් අය මේකට පක්ෂයි
    එදා වේල ටුවර්ස් අය තමයි මේ වගේ නිව්ස් අයිටම්වලට මූලාශ්‍ර වන්නේ
    ඒ වුනත් අපේ ගරු අගමැතිතුමා 120ක් ගන්න බවයි මම නම් කියන්නේ
    මමත් නිර්මාල් දේවසිරි සර් එක්ක එකතුවෙලා මේ දවස්වල යාඥා කරනවා එහෙම වෙන්න කියලා

    • සනත් ඉතාලිය says:

      මේ පෙරේරා නේද සුදතුම් රනිල්ට කඩේ යන

    • gamini says:

      දැනවත් පච කියන එක නවත්වල පොහොට්ටුව කුජීත වෙන එක නතරකර ගන්න බලන්න.

    • I.O.Sirisena says:

      Thoge ammata the

    • Asanka says:

      කන්ස්තන්තීනූ ලා වගේ ප්අ‍ෘට්ගුගීසි. කාරයො තමන්ගෙ වරිගෙ වුන්ට කඩේ නොයා කොහොමද ඉතින්

      • කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

        මම ක‍ඩේ යන්නේ යුක්තිය හා සාදාරනත්වය වෙනුවෙන්
        බංගොයියලාට ඕව තේරෙන්න් නැහැනේ

  2. සමිත says:

    කොන්ත මෝඩයෝ
    දෙයියෝ හොරෙක්,මිනිමරුවෙක්,අරක්ශා කරවාද පිස්සු පූසෝ

  3. Ruwan says:

    Ane umbala wage NGO karayo gana api dannawa.dan umbalata mewa nawatwanna baha.Elanga chandenpasse thipiwa api allagannam.Thopi tamai rata kanna munta boru kiyala chande gatte.

Main News