EXCLUSIVE : උමාඔය ගිවිසුම අත්සන් නොකොට ලේකම් අස්වුනේ නෑ.. අත්සන් කලේ ඔහුමයි.. ටෙන්ඩර් කොමිටි සමාජිකයා අද මුදල් ලේකම්.. මෙන්න ගිවිසුම..

July 7, 2017 at 1:20 pm | lanka C news
EXCLUSIVE : උමාඔය ගිවිසුම අත්සන් නොකොට ලේකම් අස්වුනේ නෑ.. අත්සන් කලේ ඔහුමයි.. ටෙන්ඩර් කොමිටි සමාජිකයා අද  මුදල් ලේකම්.. මෙන්න ගිවිසුම..

උමාඔය බහු කාර්යය යෝජනා ක්‍රමයට සම්බන්ධ ගිවිසුමට අත්සන් කිරීමට බැහ කියා එදා අමාත්‍යාංශයේ සිටි ලේකම් ඉල්ලා අස්වුවා කීවත් ඔහු එසේ ඉල්ලා අස්නොවු බව එම ගිවිසුමට 2008 අප්‍රියෙල් 28 වෙනිදා අත්සන් කිරීමෙන් සනාථ කරගත හැකිය. එදා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්ව සිටියේ මෙරටේ වාරි කර්මාන්තය ගැන ප්‍රවීනයකු වු විද්‍යාජෝති ඉංජිනේරු ඒ ඩි එස් ගුණවර්ධන මහතාය.  ඔහු සහ ඉරාන නියෝජිතයා අතරයි. එම අත්සන් කල ගිවිසුම මෙතනින්

එමෙන්ම එදා මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමේ සඳහා කටයුතු කලේ අමාත්‍යාංශය 3 ක ලේකම්වරුන් වන වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග. එදා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ෆර්නැන්ඩස්ඩෝස් සහ ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම් නිශශංක විජේරත්න යන අමාත්‍යාංශ ලේකම්වරුන් ය.

එමෙන්ම එදා තාක්ෂණය කොමිටියේ සභාපති ලෙස කටයුතු කලේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ එදා තිබු මහවැලි අමාත්‍යාංශයට අයත් මාධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ CECB සභාපති වන නිහාල් රූපසිංහ මහතායි. අද ඔහු චම්පික රණවක අමාත්‍යවරයා ගේ මෙගාපොලිසි අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස සිටි.

උමා ඔය සඳහා කිසිම පරිසර වාර්තාවක් නැතයි පැවසීම විශ්වාස කල හැකිද, එනම් එදා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යවරයා වූයේ චම්පික රණවක අමාත්‍යවරයා ය. ඔහු යටතේ මාධ්‍යම පරිසර අධිකාරිය තිබු අතර උමාඔය බහු කාර්යය යොජනාව ව්‍යපතියට අවශ්‍ය අනුමැතිය දිමේ සාකච්ඡාවකට එදා අස්වෙලා ගියා කියන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ ඩි එස් ගුණවර්ධන මහතාට සහභාගි ලෙස එදා මාධ්‍යම පරිසර අධිකාරිය සභාපති ලෙස සිටි උදය ගම්මන්පිල මහතා 2008 මාර්තු මස 7 වෙනිදා යැව් ලිපිය මගින් සනාථ කරගත හැකිය. එම ලිපිය මෙතනින්

ජනාධිපතිවරයාගේ කතාව

0 views

7 Comments to “EXCLUSIVE : උමාඔය ගිවිසුම අත්සන් නොකොට ලේකම් අස්වුනේ නෑ.. අත්සන් කලේ ඔහුමයි.. ටෙන්ඩර් කොමිටි සමාජිකයා අද මුදල් ලේකම්.. මෙන්න ගිවිසුම..”

  1. බන්ඩය්යා says:

    කවුරැ අත්සන් කොලත් මේ වෙනකොට 78%ක් ඉවර කරල තියන උමා ඔය ව්‍යාපෘතිය දැන් වහන්න බැහැ. වැඩේ පටන් ගත්ත එදා මහවැලි අැමති හිටං අද අමරය වගේ මෝඩයො ලවා බය්ල කියවන්නෙ නැතුව බන්ඩාරවෙල ලිං හිදෙන එකට රටේ ජනාධිපති හැටියට ප්‍රතිකර්ම යෙදිය යුතුමය්. මෙතන මූලික වැරැද්ද ව්‍යාපෘතිය පරක්කු කල එක බව විශේසඥයො පැහැදිලිව කියනවා. දෙවැනි වැරැද්ද වසර දෙකකට පෙර යෙදීය යුතුව තිබුන ප්‍රතිකර්ම නියම වෙලාවට නොකිරීමය්.

  2. fidel says:

    මේවට අයිතිකාරයො හොයා ගන්න එක යුද්දෙට අයිතිකාරයො හොයා ගන්නව තරම් ලේසි නෑ බොලව්. ඒක තෙරුම් ගනිල්ල.

  3. KEPPA SIRA says:

    This.man is the one who toled about golden horse and labogini , We should focused he is let

  4. daham says:

    yako inna tika kale kata wahagena hitahnko,kata arina warayak pasa gonkama pradrshanaya karanne nathiwa.

  5. රජින්ද says:

    හරි දැන් මේ භයානක ව්‍යාපෘතිය ගැන කිසිම අධ්‍යනයක් නොකොට අනුමැතිය දුන්නු මේ ආණ්ඩුවේ ඉන්න එවුනුයි කලින් ආණ්ඩුවේ ඉන්න එවුනුයි උන් මොකක් දික් කරගත්තත් මේ විනාශය ගැන කිසිම ඇහිල්ලක් බැහිල්ලක් නැතුව අනුමැතිය දීපු රටේ නායකත්වයත් වගකිව යුතුයි. මොකද මේ වගේ අති දැවැන්ත පරිසර විනාශකාරී ව්‍යාපෘති බුද්ධිමත්, රටට ආදරයක් ඇති නායකයෙක් නම් කවදාවත් ගන්නේ නැහැ. කලින් හිටපු උනුත්, දැන් ඉන්න උනුත් ඔක්කොම එකයි. එකෙක්වත් මේ රටේ පරිසරයට අංශු මාත්‍රයක් තරම්වත් ආදරයක් නැහැ.

  6. M de silva says:

    It’s a shame that we have a President of this calibre. First he should have cross checked before saying these serious things to the nation. Grow up man.

  7. Andi says:

    This Joker has no shame. He was the Mahawli minister at that time and he had forgotten his joint responsibility.
    He is still lying about Mr Gunawardena and Mr.Jayasekara.