EXCLUSIVE : එජාපයෙන් ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සූදානම්…
August 25, 2017 at 10:02 pm | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට හිදිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා වන යෝජනා ඉදිරි නොවුවහොත් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු යයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය-රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් හා පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්චා කර ඇත.
නව ව්‍යවස්ථාවක් සදහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලියේ පක්ෂ නායක ජනාධිපතිවරයාගේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව තිබිය යුතුම බවත් එසේ නොවුනහොත් මෙම පියවර ගත යුතු යයි මෙම පිරිස එකගතාවයකට පැමිණ ඇත.
දැනටමත් එක්සත් ජාතික පක්ෂයට 106ක් ආසන ඇති අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ප්‍රමුක ඒකාබද්ද විපක්ෂයකද විධායකය අහෝසි කිරීමට සහාය දෙන බව පවසා ඇති නිසා ඔවුන් සතු ආසන 52ක් දෙමල සන්ධානයේ ආසන 16ක්, ජවිපෙ 06ක් සමග පහසුවෙන්ම දෝෂාභියෝගයක් ජයගත හැකි 2/3 බලය ලැබෙනු ඇතැයිද ඔවුනගේ තක්සේරුවයි.
මේ සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම්වරයා සමගත් නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගත් සාකච්චා කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වන ඇතැම් තොරතුරු මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවිවල මෙන්ම සමාජජාලා පිටුවලද පල කරමින් තිබෙයි.
Good idea !!!!
Please do that immediately !!!
Bambuwa thama!!!!!!
Ela ela. Mun munwama maran kala iwarayak wai wage
Yes. Good show!! Enough is Enough! It is the time that Greens should wake up and show their colors.We are your Voters.