Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..

September 8, 2019 at 12:02 am | lanka C news
Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණෙන් ජ්‍යෙෂ්ඨයන් එකොළොස් දෙනෙකු සමඟ පෙරේදා දින පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදීය.

තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය බහුතරය එකඟත්වය ලැබී ඇති බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තම පළමු ප්‍රචාරක රැස්වීම හම්බන්තොටින් ආරම්භ කරන බවද අගමැතිවරයා එහිදී පවසා තිබේ.

ජනාධිපතිවරුන්ට ඉදිරිපත්වීමේ තම තීරණය වෙනස් නොකරන බව ද අගමැතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ඇමතිවරු ප්‍රකාශ කරන්නේ අගමැතිවරයා එවන් ප්‍රකාශයක් එම හමුවේදී සඳහන් නොකළ බවය.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂපාති ලෙස කටයුතු කල එජාප සමාජ ජාල ගිණුම් ගණනාවක් ඊයේ පස්වරුවේ සිට රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස වර ගන්වමින් සටහන් පල කරමින් ඇත.

44 views

18 Comments to “Exclusive : එජාප අපේක්‍ෂක රනිල්.. කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය ලැබේ.. ජනාධිපතිවරණ පලමු රැුළිය හම්බන්තොටින් අරඹයි..”

  1. Gamini says:

    රනිල් සජිත් සීතල යුද්ධය 2015 මෙන් නැවත ජනතාව රැවටීමටය.

  2. නියමයි, ශ්‍රිලනිපය දෙකට කැඩූ රනිල්, සිරා යුවලටම මේ ජීවිත කාලෙම එහි ප්‍රතිපල අත් විදලම මිය පරලොව ගිය හැකියි. කවදා හෝ සජිත් පක්ෂ නායකත්වයට එන දිනට, යූඇන්පිය හේදී ගිය කුඩා බෝඩ් ලෑලි පක්ෂ‍යක් පමණයි.
    කණගාටුයි සජී..
    එහෙත්..රට වෙනුවෙන්..ඉතා සතුටුයි..

  3. p.d goonawardena says:

    මුන් දෙන්නම කරන්නේ රටට විනාශයක්……..අනිතිමට තේරිලා එන එකාට ආයිත් අර ඉස්සෙල්ල වගේ එක එකා පස්සේ යන්න වෙයි මොනවා හරි කරගන්න ඕනි වෙනකොට…..මුන්ගේ අන්ගේ තියෙන්නේ පරයන්ගේ ලේ….

  4. Gayantha says:

    දැන් රනිලාට බහුතරය නෑ අගැමති කම කරන්න. දැන් පුලුවන් සිරිසේන මහත්තයාට අලුත් කෙනෙක් පත්කරන්න… මේක තමයි වෙලාව කාලකන්නි රනිලව එලවන්න..

  5. UNP-GALIBBA says:

    ආන්න එහෙම කොල්ල වගේ පතවල බොඩිය ඉස්සරහට දමලා වැඩ පෙන්න්වන්න එපාය දිනන පරදින එක වෙනම වැඩක්????

  6. Saradiel says:

    හම්බන්තොට ගුවන් තොටුපලේ වී ගබඩා කරලා දැන් ලැජ්ජා නැතුව යන්නේ කොහොමද ජනතාව පිළිතුරු දේවි අම්බානකට

  7. ගොං ප_යා says:

    ජය වෙවා උතුමනි හැබැයි අලියගෙ ලොකු කෑල්ල අපිටයි.

Main News