Exclusive : එල්ලා මරන්න නියම වූ පිරිස මෙන්න..

June 29, 2019 at 9:20 am | lanka C news
Exclusive : එල්ලා මරන්න නියම වූ පිරිස මෙන්න..

මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මෑතකදීය.

මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත් ඉදිරි සතියක කාලය තුළ එල්ලුම්ගස ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය ඉදිරියේ සහතික කර තිබේ.

මේ අතර බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ලේඛනය මේ වන තුරු බන්ධනාගාරයට ලැබී නැති බවයි.

නිල නොවන තොරතුරු අනුව අත්සන් තබන ලද සිව්දෙනා වන්නේ සිංහල ජාතිකයන් දෙදෙනකු එක් දෙමළ ජාතිකයකු හා මුස්ලිම් ජාතිකයෙකු ය.

නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද මරණ දඬුවම නියම වී ඇති වරදකරුවන් විසි දෙනෙකුගේ ලැයිස්තුවකින් හතරදෙනෙකුය අත්සන් තබා ඇති බව ද සඳහන්ය.

එම විසි දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වී එල්ලා මැරීමට නියම කර ඇති පිරිස වෙයි.

එසේ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති නම් ලැයිස්තුව මෙසේ වෙයි.

එම්.කේ. පියතිලක
එම්. ධර්මකරන්
එච්.එස්.එම්. මස්තාර්
ජේ.ඒ. බූට්
බී.ජී. බොල්සිං
එස්. පුණ්‍යමූර්ති
කේ.එම්. චමින්ද
එස්. ගනේෂන්
ඩබ්. විනයාගමූර්ති
එස්.ඒ. සුරේෂ් කුමාර්
එම්. කුමාර්
එස්. මසාර්
ඩබ්.ඒ. රංග සම්පත් ෆොන්සේකා
එස්. මුහම්මද් ජාන්
පෙරුමාල් කනේෂන්
ආර්.පී. සුනිල් කරුණාරත්න
සෙයිඩ් මොහොමඩ් උවයිස්
එම්.එස්.එම්. මිස්වර්
පී. කැමිලස් පිල්ලෙයි
පවුල් හමීඩ් හජමුල් නියා

55 views

47 Comments to “Exclusive : එල්ලා මරන්න නියම වූ පිරිස මෙන්න..”

  1. Malith says:

    What about former IGP Mahinda Balasuriya, who has received Kappam from Wele-Suda? What about Wele-Suda?

  2. omrw says:

    මෛත්‍රී නියම තීරණය මේක ගන්න ඔබට ඕනේ ජනාදිපති වෙන්න නම් මේක අන්තිම අවස්ථාව මේකෙන් නැතිවෙන්න සමාජ පිළිල මිසක් මම දැඩි බෝඋදයෙක් නමුත් මෙයට 200% එකගයි යුද්දෙකදී සතුරා නසන්න වෙනවා වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් එය කරන්න වෙනවා

  3. Aurora says:

    හොඳමදේනම් උසාවියේ අවසාන තීන්දුව දුන් දින සිට සම්පුර්ණ වසරකින් පසු එනම් දින 365 හෝ 366 කින් පසු එළඹෙන දිනයේදී හෝ එවන් ස්වයන්ක්‍රියව තීරණයවන දිනක එල්ලා මැරීම ක්‍රියාත්මක කිරීමයි. යම් විශේෂ කාරණයක් වේනම් (හිතුමතේජීවිතේ හෙවත් වඩුගහගේ දොන් සුමතිපාල නමැති තම සොයුරියගේ මිණීමරුවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා නීතිය අතටගත් මිනිසා වැනි) වෙනස්ම අපරාධකාරයන් පිළිබඳව පමණක් ජනාධිපතිට මැදිහත්වීමට අවස්ථාව තිබිය යුතුය. කුඩු ව්‍යාපාරිකයන්, පාතාල මිනීමරුවන්, සැලසුම් සහගතව මිනීමරන්නන් පිළිබඳව ජනාධිපති හට මැදිහත් නොවිය යුතුය. මෙවැනි අපරාධ කරන්නෝ වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක නොවන නිසා කුලියට හිරේට යන්න සුදානම් උන් සොයාගත හැකිය. නමුත් කුලියට එල්ලුම්ගස් යන්න අකමැති නිසා නියම අපරාධකරුට එල්ලුම්ගහ ඇර විකල්පයක් නැත. මේ සඳහා අවශ්‍ය නීති පැනවීම පාර්ලිමේන්තුව විසින් කලයුතුය. නිකම් බොරු කතා අවශ්‍ය නැත.

    • නිකිල් says:

      හරියට හරි ,ඒවගේම කාන්තාවන් වඳ බවට පත්කරන ලද එවුන්ටත් (නිතිය කාලයෙන් ආපස්සටද වලංගු වන සේ )මරණ දඩුවම ලබා දියයුතුයි .ඒ අනුව ශාෆි නමැති අන්තවාදී ඉස්ලාමිය ජඩ තිරිසනාට මරණ දඩුවම දියයුතුයි

  4. HENA says:

    මහා කුඩු වියාපාරික සහ විනිසුරු සරත් අබේපිටිය ගාතනයට වරදිකරුවූ සහ කුඩු ගෙන්වා වැරදිකරු වූ පොට්ට නවුෆර් මේ ලයිස්තුවේ නැත්තේ ඇයි?

    mekath political game da ?

  5. Mangala says:

    Garadi maranne nathuwa allapalla piburo tika.

  6. Love nature says:

    2009 දී ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයයේ අපරාධ නීතිය හා අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා සමාජ විද්‍යා අංශාධිපති Michael Redelect ඇතුළු පිරිස විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ මරණ දඩුවම අපරාධ අවම නො කරන බවයි. මේ අධ්‍යයනය ගැන තොරතුරු Criminal Law and Crimminology ජර්නලයේ පළ වී තිබිණි.

    ඔවුන් එම අධ්‍යයනයේ දී කළේa කීර්තිමත් අපරාධ විද්‍යාඥයන් රැසකට ප්‍රශ්නාවලියක්‌ යෑවීමයි. ඔවුන් ගෙන් මූලිකව ම විමසන ලද්දේ මරණ දඩුවම මගින් අපරාධ අඩු වීමට සාධනීය බලපෑමක්‌ සිදු වන්නේ ද යන්නයි. ඔවුන් ගෙන් සියයට අසූ අටක්‌ ම කියා සිටියේ එවැන්නක්‌ නො වන බවයි. ඔවුන් පෙන්වා දී තිබූ තවත් කරුණක්‌ වූයේ අපරාධ සඳහා පුළුල් සමාජ විද්‍යාත්මක කතිකාවතකට හා ක්‍රමවේදයකට මග ඇහිරීම හුදු මරණ දඩුවම පැනවීමකින් සිදු වන බවයි.

    දේශපාලනඥයන් මරණ දඩුවම ගෙන එන්නැයි කියන්නේ අපරාධ මැඩලීමේ වුවමනාවෙන් නො ව තමන් ගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්නට පමණක්‌ ම යෑයි ද ඔවුහු කී හ.

  7. Love nature says:

    මරණ දඬුවම ද මිනීමැරුමකි මෙය ගෙනා තැනැත්තා ද වග කිව යුතුය

  8. Ruwani says:

    pahu giya thorathuru walata anuwa bahuthrayak drugs gennanne muslims. me list eke inne nam tika denai. drugs nisa vinasha wenne sinhalayo witharai..

Main News