Exclusive : ඒකාබද්දය දෙකට බෙදේ.. රනිල් පන්නන විශ්වාස භංගයේ කකුලෙන් අදී..

March 5, 2018 at 10:52 pm | lanka C news
Exclusive : ඒකාබද්දය දෙකට බෙදේ.. රනිල් පන්නන විශ්වාස භංගයේ කකුලෙන් අදී..

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 20කට වඩා වැඩි පිරිසකගේ අත්සනින් කතානායකවරයාට හෙට දිනයේ බාරදීමට සූදානමින් සිටි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ද විපක්‍ෂයේම ඇතැම් මන්ත‍්‍රීවරුන් බාදා කරමින් සිටිතැයි වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප හා එජාප මන්ත‍්‍රින් කිහිප දෙනෙකුගේ හෝ අත්සන් මෙම විශ්වාස භංග යෝජනාවට එක් කර ගත යුතු බව එම පිරිස් විසින් කියමින් සිටිති.

නමුන් යෝජනාව අත්සන් කරමින් සිටින පිරිස සදහන් කර ඇත්තේ එමගින් සිදුවන්නේ විශ්වාස බංග යෝජනාව ඉදිරිපත් කිරීම වැලැක්වීම බවයි.

විශ්වාස භංගය බාර දීමෙන් පසු ඡුන්ද විමසීමේදී ඡුන්දය ලබා දෙන බවට එජාප හා
ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් මේ වන විටත් එකග වී ඇති නිසා එම සැලැසුම අවුල් කිරීමට එකී පිරිස් පෙර යෝජනාව ගෙන විත් ඇතැයිද චෝදනා එල්ල වෙයි.

විශ්වාස භංග යෝජනාව බාර දීමට පෙර ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී අවසන් තීරණය ගනු ඇතැයිද සදහන්ය.

55 views

5 Comments to “Exclusive : ඒකාබද්දය දෙකට බෙදේ.. රනිල් පන්නන විශ්වාස භංගයේ කකුලෙන් අදී..”

  1. herath says:

    ඒකනේ කියන්නේ….කවදාවත් රනිල්ට විරැද්ධව විශ්වාස භංග යෝජනාවක්වත් කතානායකවරයා අතට එන්නේ නැත.

  2. සුදා says:

    මතක ඇතිව ඔය කකුලෙන් අදින පිරිසේ නම් අපිට දෙන්න .එතකොට අපි ඒ ගොල්ල ගැන ඉලංග චන්දෙ දී බලාගන්නම් .මතකතියාගන්න අපි ඔය හැමදෙස්පාලකයෙක්ටම බලය දෙන්නේ තමුන් කරන කියන දේ අනුව බව .එහෙම නැතිව අපි කැපුවත් කොළ ,නිල් ,රතු නෙවෙයි පොහොට්ටුවේ ප්‍රතිපත්ති එපා කට්ටියට යන්න ආසනම් අපි යවන්නම්

  3. chithral says:

    Bambuwak gei vishwasa banga.ranil liyanne gal adageth hodama eka.

Main News