Exclusive : ඒකාබද්ද විපක්ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..
June 5, 2018 at 10:53 pm | lanka C news
තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡුන්ද විමසීමේදී ඒකාබද්ද විපක්ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබින.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා වූ අතර විපක්ෂය වෙනුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය.
ඒ සදහා පැවති රහස් ඡුන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡුන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡුන්ද 43ක් පමණි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැුස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ එම අදහසට විරුද්දව ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට පක්ෂව ඡුන්දය දිය නොහැකි බවයි.
එහිදීද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ මොහෝතේ එජක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පරාජය කරවුවහොත් එය දේශපාලන වශයෙන් ජයග්‍රහණයක් බවත් එනිසා ඔහු පැරදවීම සදහා සුදර්ශනීට පක්ෂව ඡුන්දය දෙන ලෙසත්ය.
කෙසේ වෙතත් ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්ෂයේ 15 දෙනෙකු පමණ පිරිසක් එය මගහැර සභා ඝර්භයෙන් පිටවී ගොස් ඇත.
උත්සාහයක් දැරුවේ නම් ජයග්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය ඒකාබද්ද විපක්ෂය විසින් ගන්නා ලද තීරණයක් ක්‍රියාත්මක නොකරන ලද පලමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.
මීට විරෝදය පල කිරිමක් ලෙස අද පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.
මේ කාරණය ඒකාබද්ධය දෙකඩ කරන්න හේතුවක් ලෙස දකිනව නම්, මෙතෙක් ඒකාබද්ධය කියල බොරුවක් කරල තියෙන්නෙ?
යූ ඇන් පී එකට විරුද්ධව කාට හරි ඡන්දය දෙන්න තීරණය කළා නම් ඒ තීරණයෙ හැම දෙනාම සිටිය යුතුයි….!
මේ පාර්ලිමේන්තුව තුළ යූ ඇන්පී ආණ්ඩුව පරාජය කරන්න නම් ඒකෙ ඉන්න කාගෙත් සහයෝගය ගත යුතුයි….!!
ආණ්ඩුව විතරක් නෙවෙයි, රටට අහිතකර අණ පනත් පරාජය කරන්නත් නම්, ඒ විදියටම එකතු විය යුතුයි….!!!
කොහොම උනත් පොදු තීරණයකදී එම තීරණය ක්‍රියාත්මක විය යුතුයි…..!!!!
ඒකාබද්ද විපක්ෂය නොහොත් පොහොට්ටුව වටා ලක්ෂ පනහකට වඩා ජනතාව පසුගිය මැතිවරණයේදී ඒකරාශී වුයේ මේ දේශද්‍රෝහී රජය පන්නා දැමීමටයි .මේ උක්ත කරණය වෙනුවෙන් හැකි සෑම කණ්ඩායමක්ම තවදුරටත් සම්බන්ධ කරගත යුතුයි .ඔවුන් අතීතයේ වැරදි දේශපාලන තීන්දුවල ඉන්න ඇති .අඩුපාඩු සහ වැරදි තිබෙන පිරිස් එකබද්දය තුලත් නැතුවා නොවේ .කතානායක තෝරන අවස්ථාවේදී ඒකාබද්දයේ පිරිසක් තමන්ගේ පුද්ගලික තීරණ මත එය මගහැරීම 50 ලක්ෂයක් චන්දය දුන් අපි අනුමත නොකරමු .චන්දය දුන් ලක්ෂ 50 ක ජනතාව විනය ගරුක වුවත් ,සමහර ඒකාබද්ද මන්ත්‍රීවරු සහ නායකයින් තුල තවම විනයක් නැති බව නම් අපිට සත් සුදත් සේ පැහැදිලිය.අතීතයේ මෙන් නොව ජනතාව ඉතාමත් බුද්ධිමත්! ඒ අනුව කටයතු කිරීමට ඒකාබද්ද්යට නොහැකි වුවහොත් ,අපි සියලුදෙනා අඳුරේය.
Meyala giyaa kiyala apata paaduwey.
මහින්ද මහත්තයෝ සීරැවෙන් ඉන්න 16 කණ්ඩායමේ කළගුණ නොදත් සර්පයො 16 දෙනා වැඩ කරන්නෙ සිරිසේනගෙ න්‍යාය පත්‍රයටයි ඔබතුමාට අසීරැකාලෙ ළග හිටිය අයගෙ අදහස් වලට මූලිකත්වය දීලා තීන්දු ගත්තොත් හොද අනාගතයක් තියෙයි
පැරෂුට් කාරයො ට්‍රයි කරන්නෙ ආප්පයා ආයෙ බලයට ගේන විදියක් ඒ නිසා ඔබතුමාගෙ පරිණත දැනුමෙන් පරණ අයට මූලිකත්වය දීලා තීන්දු තීරණ ගන්න කල්පනා කරන්න මහින්ද මහත්තයා
16 කල්ලියෙ ගුන්ඩු, අසු නොවන්න, කොමෙන්ට්ස් නැත
එකම පක්ෂයේ දෙන්නෙක් පත්කිරීම ගැන විස්වාස බංග යොදනාවක් ගෙන ආ යුතුය
නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී
ඒකාබද්ධය යනු පරාජිත අයෙකු ගේ අණ විචාරයෙන් තොරව පිළිගන්න පක්ෂයක් නොවේ
ALL OF THEM ARE USELESS POLITICIANS
THEY ONLY CARE ABOUT THEIR FUTURE
NOT AT ALL CONCERNED ABOUT WHAT IS HAPPENING TO COUNTRY OR THE PEOPLE
STUPID OPPOSITION…..IF THEY HAVE THE NUMBERS WHY CANT THEY TOPPLE THE GOVERNMENT ?
WAIT ANY LONGER AND WE WILL NOT VOTE FOR POHOTTUWA EITHER