Exclusive : කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..

June 7, 2019 at 10:15 pm | lanka C news
Exclusive : කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහක් පවතිද්දී සහ ජනාධිපතිවරයා ලෙස තමන් ද ඉන් තුනක වගඋත්තරකාරැවකු කර තිබියදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා කරුණු විමසීම, සාක්ෂි කැඳවීම නීති විරෝධී බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු එසේ සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ කැඳවා ද විශේෂ හදිසි කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.

නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එනිසා මෙම නීති විරෝධී කටයුත්ත දිගටම පවත්වා ගෙන ගියහොත් තමන් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක රාජ්‍ය මට්ටමේ කටයුත්තකට සහභාගී නොවන බවත් කැබිනට් මණ්ඩලයද නැවත නොකැදවන බවත් ජනාධිපතිවරයා දැඩිව සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපතිවරයා ලෙස දෛනික රාජකාරී වල තමන් යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

රාජකාරියේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ගෙනවිත් මෙම සිදුකරන විහිළු සහගත ක්‍රියාපටිපාටිය වහා නැවැත්විය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී කිසිදු අවස්ථාවක මෙම තේරීම් කාරක සභාව හමුවට සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධීපතිවරයා ප්‍රකාශ කර ඇත.

55 views

23 Comments to “Exclusive : කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..”

  1. Sadda says:

    රටේ ආරක්ශාව ,ජනතාවගේ සුරක්ෂිතව බව අබමල් රේනුවකවත් තැකීමක් නොකල මේ දෙපිරිස එකිනෙකාගේ වැරදි වසාගන්න මේ කරන නිර්ලජ්ජී උත්සාහයන් ලක්ශ 62ක් මෝඩයින් දැන්වත් තේරුම් අරන් ඇතැයි සිතමි. නොඑසේ නම් එය මහත් අභාග්‍යයකි .

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    කෝ එල්ලුම් ගහ. ජනාධිපතිගේ කයිවාරු. කුම්බලා මාළු කෑවා නම් විදවාපන් බළලෝ.
    අපිට දුක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, ආසන 44ක් තිබුණු රනිල් අගමැති කිරීම වගේ ගමයගේ ගොන්, තකතීරු, මෝඩ වැඩ නිසා රටට සහ ජනතාවට දුක් විදින්න සිදුවීමයි.

  3. wasana says:

    දැන් ජනපති වී අවුරුදු හතරහමාර ඉවර නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් ඉවර නේ කතාව

  4. නිළමේ says:

    යකෝ මාර වැඩේ කියන්නේ කතානායක වැඩ කරන්නේ ජනාධිපතිටත් ඉහලින් වගේනේ. මොකක්ද මේ රට හිනස්සන ආණ්ඩුව?

Main News