Exclusive : කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..

June 7, 2019 at 10:15 pm | lanka C news
Exclusive : කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහක් පවතිද්දී සහ ජනාධිපතිවරයා ලෙස තමන් ද ඉන් තුනක වගඋත්තරකාරැවකු කර තිබියදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා කරුණු විමසීම, සාක්ෂි කැඳවීම නීති විරෝධී බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු එසේ සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ කැඳවා ද විශේෂ හදිසි කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.

නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එනිසා මෙම නීති විරෝධී කටයුත්ත දිගටම පවත්වා ගෙන ගියහොත් තමන් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක රාජ්‍ය මට්ටමේ කටයුත්තකට සහභාගී නොවන බවත් කැබිනට් මණ්ඩලයද නැවත නොකැදවන බවත් ජනාධිපතිවරයා දැඩිව සඳහන් කර තිබේ.

නමුත් ජනාධිපතිවරයා ලෙස දෛනික රාජකාරී වල තමන් යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

රාජකාරියේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ගෙනවිත් මෙම සිදුකරන විහිළු සහගත ක්‍රියාපටිපාටිය වහා නැවැත්විය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී කිසිදු අවස්ථාවක මෙම තේරීම් කාරක සභාව හමුවට සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධීපතිවරයා ප්‍රකාශ කර ඇත.

108,055 Viewers

23 Comments to “Exclusive : කැබිනට් මණ්ඩලය නැවත කැදවීම අත්හිටුවයි.. ඉදිරි කිසිදු රාජ්‍ය කටයුත්තකට ජනාධිපති නෑ..- හදිසි කැබිනට් මණ්ඩල හමුවේ විස්තරය මෙන්න..”

  1. David Milli-banda says:

    Ganu Kaduwa, yanu Satanata.

    • john says:

      Again, after key Intelligent officers had been questioned and filmed for days, he had seen the event may be by newspaper. Whats the point in taking those actions now? All damage they wanted and the exposure they wanted for international scams had been done already. Sleeping president

  2. Atik says:

    Excellent decision if this a truth

  3. වරදට දඬුවම නියතයි says:

    පොලිස්පති ජනාධිපතිගේ සරම ගලවලා ඔලුවේ එතුවා. ඒක අමු සිංහලෙන් කියමින් තමයි කලේ. අනෙක් නිලධාරීන් සම්බන්ධ කතා ඉංග්‍රීසියෙන්. දැන් කරන්න දෙයක් නැහැ. අමුඩෙත් තිබුනේ නැහැනේ.

  4. පොරමෝලා says:

    ජනාධිපතිට අවශ්‍ය නම් නීති විරෝධී ලෙස ක්‍රියා කරන කතා නායකව අත් අඩංගුවට පත් කර නීති මගින් කටයුතු කල හැකියි

  5. Nandasoma says:

    අවනීතිය හරහා රනිල්ව අගමැති කළ පාපය ගෙවා නිම කළ නොහැක……!

  6. කෝමද ටිකිරි මොළේ... says:

    බැඳුම්කර නඩුව තනිකර වංචාවක්.
    බැඳුමර මගෝඩියේ ප්‍රධාන චූදිතයා රනිල්. ඊලඟට මලික්, කබීර් සහ රවී. නමුත් නඩු දානකොට මේ මගෝඩිය මෙහෙයවපු මේ හතරදෙනාම කැපිලා. මහේන්ද්‍රන් ගෙන් පටන් අරං තියෙන්නේ.
    අපි දන්නවා එකම කාරණයකට දෙපාරක් නඩු නොදමන බව​. (ඒක නීතියට අනුව කොහොමද දන්නේ නෑ)
    ඉදිරියේදී යහපාලනය විනාශ වී බොහෝ දුරට ගෝඨාභය මහතාගේ නායකත්වයෙන් නව රජයක් පත්වනු ඇත​.
    අපි හිතමු, රනිල් හිතන විදියට ඒ සඳහා සම්භාවිතාව 0.001% කියල​. නමුත් “සුපිරි ගේම් කාරයෙක්” වන රනිල් තම අනාගතය සුරක්‍ෂිත කර ගැනීමට එම අවධානම නොසලකන්නේ නැත​. ඒ අනුව යමින් ඔහු එක වරම “විපක්‍ෂ නායකට වෙඩි නොවදින රථයක්” ගේන්නත් යෝජනා කරයි.
    යම් හෙයකින් ආණ්ඩුව පෙරලුනොත්, රනිල් වරදකරුකරමින් බැඳුම්කර මගෝඩිය අධිකරණයට ගෙන යනවා ඇත​. එය ඉර හඳ සේ විශ්වාස දෙයකි.
    දැන් මේ හදන්නේ, ආණ්ඩු පෙරලියකට පෙර රනිල්. මලික්, කබීර් සහ රවී නඩය “හලා දමා” ඊණියා “බැඳුම්කර චූදිතයන්ව​” අධිකරණයට දැක්කීමයි. එවිට එකම කාරණයට දෙවරක් නඩු දමන්න බැරි නිසා, රනිල් බේරී ඇත​.
    කෝමද ටිකිරි මොළේ…

    • Rathgama MC says:

      කැට තියල කියන්නම් ගෝටා කවදාවත් ජනපති තියා ජනපති අපේක්ෂකයවත් වෙන්නේ නැහැ

      • kawinda says:

        redda..!

      • vishnu says:

        රත්ගමයගේ පස්ස පැත්ත
        රත්වෙලා වගේ

      • පොරමෝලා says:

        අපට මතකයි ඉස්සර රත්ගමයා තනතුරක් බලාපොරොත්තුවෙන් මහින්ද පසුපස ගියා.ඒක හරි ගියෙ නැති නිසා දැන් අනික් පැත්තට ගිහිං.

    • Raj says:

      In a few months he will get that bullet proof car as the leader of the Opposition.That’s his plan. How’s the Tikiri brain?

  7. ON THE SPOT says:

    විල්පත්තුව වැනසූ උන් නිදැල්ලේ සිටියදී වඩු මඩු තහනම් කිරීම ආඳා යවා තබාලා වල්පත ගත්තා සේය.
    වඩු මඩු තහනම් කලා සේ කී දේ නාහන කථානායකගේ වැඩත් තහනම් කලා නම් වල් පත වීසි කර ආඳා අල්ලා ගත්තා සේය.

  8. Kamal says:

    Tamanta thibunu widayaka balaya nathi karan dan adanawa. Meka patanganna isselama nawathwanna thibune.

  9. D.Nimal says:

    We understand that nation security and nation safeguard of country is more important than any thighs else. But I have notice UNP gang of RW, RK ,Sarath Fonseka . Rajith Senartahn, TNA of Sumansiran Tamil separatist and Rafu Hakkem of Muslim anarchist wanted denied that.
    They are undermine that stabilization of national unity by using Pralimentry selects committed to as tools to expose and destroy intelligence services of Sri lakan.

    What has happen now Muslim Local Terror attack on 21/4/19 massacre of 400 people and 800 injuries kept silent by UNP leadership. of Wick Karu Jayasooriya and Nalin Diaasnayake.
    UNP wanted doge an issues of massacre of our people by Islam Terrorists.
    What they wanted to do give enough room to ISIS have an open new door to escaped point by Selected Committed of Parliament

  10. අපි ගොන්නු නොවේ....! says:

    පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා මහමැතිවරණයක් කැඳවන්න බැරි ජනාධිපති තනතුරක්….පොලිස්පති අයින් කරන්න බැරි ජනාධිපති තනතුරක්….මේ ඔක්කොම ඇති කලේ සිරිසේන-රනිල් කැඳ හවුල……ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්නයෙනම විනාස කරන්න තනතුරේ බලය උපරිම විධියට බාවිතා කල මහින්දව දේශපාලනයෙන් ඉවත්කරන්න….කරපු රෙද්දෙ යහපාලන ප්‍රජාතන්න්‍රවාදය..

    • රාහුල කොලුවා says:

      ඡනපතිට වසරක් ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවාලීමට බලය ලබා දුන්නේ ඡනතාවයි.. එහි යම් වෙනසක් කරනවා නම් එය කල යුත්තේද ඡනතාවයි. නමුත් එයට ඡනතා අනුමැතිය ලබා නොගෙන වසර 4 1/2 ක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරවීමට ඡනපති නොහැකි බවට නීතියක් හැදුවේ කෙලෙසද…? එය ඡනපතිගේ වරද නොවේ… වරද වන්නේ ඔහු ඒ ගැන උසාවියේ මතය නොවිමසීමයි. කපටි දේශපාලඥයෝ තම යටි අරමුණු ඉටු කර ගැනීමට 19 සංශෝධනය තුලින් ක්‍රියා කර ඇත.. රට අද මේ තත්වයට පත්ව ඇත්තේ ඡනතාව වෙනුවෙන් ඡනපතිට කල හැකි දේ අහුරා තිබිම නිසාය. නීතිය ඉදිරියේ ඡනපති අසරණ කිරීමෙන් රටත් ඡනතාවත් අද පීඩා විඳින බව කිව යුතුය. 19 සංශෝධනය හැදූ අයම අද රූපවාහිනිය ඉදිරියට පැමිණ අඳෝනා නගයි….

  11. Sadda says:

    රටේ ආරක්ශාව ,ජනතාවගේ සුරක්ෂිතව බව අබමල් රේනුවකවත් තැකීමක් නොකල මේ දෙපිරිස එකිනෙකාගේ වැරදි වසාගන්න මේ කරන නිර්ලජ්ජී උත්සාහයන් ලක්ශ 62ක් මෝඩයින් දැන්වත් තේරුම් අරන් ඇතැයි සිතමි. නොඑසේ නම් එය මහත් අභාග්‍යයකි .

  12. හිටන්ගෙදර අප්පුහාමි says:

    කෝ එල්ලුම් ගහ. ජනාධිපතිගේ කයිවාරු. කුම්බලා මාළු කෑවා නම් විදවාපන් බළලෝ.
    අපිට දුක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, ආසන 44ක් තිබුණු රනිල් අගමැති කිරීම වගේ ගමයගේ ගොන්, තකතීරු, මෝඩ වැඩ නිසා රටට සහ ජනතාවට දුක් විදින්න සිදුවීමයි.

  13. wasana says:

    දැන් ජනපති වී අවුරුදු හතරහමාර ඉවර නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් ඉවර නේ කතාව

  14. නිළමේ says:

    යකෝ මාර වැඩේ කියන්නේ කතානායක වැඩ කරන්නේ ජනාධිපතිටත් ඉහලින් වගේනේ. මොකක්ද මේ රට හිනස්සන ආණ්ඩුව?

Main News