Exclusive : කොමිසම හමුවේ බැදුම්කර මගඩියේ සියල්ල හෙලි කර රවී රනිල්ව පාවා දෙයි…

July 29, 2017 at 10:00 am | lanka C news
Exclusive : කොමිසම හමුවේ බැදුම්කර මගඩියේ සියල්ල හෙලි කර රවී රනිල්ව පාවා දෙයි…

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් විදේශ ඇමැති රවී කරුණානායක තම නීතිඥයන් මාර්ගයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමට සූදානම් වේ.

ඇමැතිවරයාට සමීප ආරංචි මාර්ග අනාවරණය කරන්නේ ලබන අගෝස්තු 02 දා ඇමැතිවරයා කොමිසම හමුවේ පෙනී සිටිනු ඇති බවයි.

බැඳුම්කර ගනුදෙනු සිදු වන්නේ මහ බැංකුව හරහා බවත්, තමන් මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන විට මහ බැංකුව තමන් සතුව නොතිබුණු බවත් නීතිඥවරුන් මඟින් කොමිසමට දැනුම්දීමට ඇමැතිවරයා සැලසුම් කර ඇත.

ඒ කාලයේ දී මහ බැංකුව පැවතියේ අගමැතිවරයා යටතේ බවත්, ඒ නිසා තමන්ට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බවත් අදාළ කොමිසම ඉදිරියේ පැවසීමට සැලසුම් කර ඇතැයි ද අනාවරණය වේ.

එසේම අර්ජුන් ඇලෝෂියස් යනු තමන්ගේ මිතුරකු බවත්, ඔහු සහ තමන් අතර සිදු වූ ණය ගනුදෙනුවකට ඇලෝෂියස් තමන්ට ලබා දුන් නිවස සම්බන්ධ බවත් පැවසීමට ද ඇමැතිවරයා සලසුම් කර තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇමැතිවරයා බැඳුම්කර කොමිසමට යාමට පෙර අගමැතිවරයා මුණ ගැසෙනු ඇති බවයි

පරාක්‍රම දිසානායක
– sathhanda

10 views

12 Comments to “Exclusive : කොමිසම හමුවේ බැදුම්කර මගඩියේ සියල්ල හෙලි කර රවී රනිල්ව පාවා දෙයි…”

  1. silva says:

    No matter he is Ranil or Ravi, people of this country eagerly waiting to see the real truth of the scam. It is the responsibility of the Judiciary to punish severely for the Rouges,(unlike 2000/= imposed to aSarana) . Same way should punish severely to the rouges in the previous regime too.

  2. ගමේජ් says:

    අර සුජිත් සේනසිංහට කිව්වනම් පොතක් ලියයි රවී නිදොස් කියල.. බැංකු හොරකම සිදුවූ ගමන්ම ලිව්වනේ පොතක්ම අර්ජුන වෙනුවෙන්…

  3. Lolla says:

    රනිල්ට Mr Clean කියන බූරුවො තවම ඉන්නවද ?

  4. Nalani says:

    Most of Politician are corrupted why this government is delaying audit act? Powerful and full Independent Audict Act is necessary to curb corruption that cannot Stop even Hon Rajapakshe /Ranil/Mahtri

  5. රාහුල කොලුවා says:

    පාවා දීම් නම් අතීතයෙත් වෙලා තියෙනවා.. ක්‍රිස්තුස්වහන්සේ පාවා දුන්නේත් උන්වහන්සේගෙම ගෝලයක්.. නමුත් ක්‍රිස්තුස්වහන්සේ වැරදි කලේ නෑ.. නමුත් මේ ඩබල ගැන දැන් මුළු රටම දන්නවා..

    • ගුරුළු says:

      මේ වෑයම ජාතියක් නිදි කරවීමට නොව නිදා සිටිනා ජාතියක් අවදි කරවීමටයි
      කාලකණ්ණි පාලකයො රට විකුනනව …රටේ කුණු ප්‍රශ්නය වත් විසදගන්න බැහැ ..සිංහලයෙනි ,උබලා නිදිද ?
      සහජීවනය ..සංහිදියාව කියමින් උතුර ,නැගෙනහිර, කදුරට කල්ලතෝණින්ට බෙදන්න හදනවා ..ජාතික සම්පත් විකුණනවා ..රටම අගදයේ .. මහා බැංකුවේ බැදුම්කර මගඩියට සම්බන්ද ලොක්කෝ නිදැල්ලේ ..රටේ පාලකයින්ම හොරු නම් රටක් වැනසී යෑම පුදුමයක්ද ?
      (යම )යහපාලනේ තොපිට ඕනෙ ඕනෙ දේවල් කරන්න මේක කිසිම දේශපාලුවෙක්ට ලියල දීල නෑ .මේක සිංහල අපේ රට.එක එකාගෙ කැමැත්තට මේකෙ විදේශිකයන්ට ලගින්න දෙන්නවත් කැලෑ කපන්නවත් බෑ. සිංහලය හැමදාම ජීවත් වෙන්නෙ මේකෙ. මේක විනාශ කරන්න තොපිට දෙන්නෙ නෑ
      මේ රට සිංහල ජනතාව ගේ බොලව් ..සිරිසේනගේ රනිල්ගේ බුදලය නොවේ සිහලුනේ අවදිවෙව් ..අපේ රට ජාතිය බේරාගනිව් ..පාරට බසිව් උද්ගෝෂණ කරව්
      අයුක්තියට අසාධාරණයට ඉඩ නොදෙව්
      අවට්න් තුඩ පොවන මාරක සතුරන්ට
      ඉඩ දෙන්නෙමුද රට ජාතිය වනසන්ට
      මළ වුන් සමග නිදහස් සැප වලදන්ට
      නැගී ටින් ඉතින් හොද නැහැ අලසව ඉන්න
      නිදහස් හැදින් මුළු රට හඩ නගන්නට
      උදහස් සතුරු සෙන් එඩි මන් මඩින්නට
      නිදහස් සිහල බල නංවා තබන්නට
      අදහස් කරව ,තරුණෙනි අද පටන් සිට

  6. Pravenidasa says:

    කලබල වුන බැබුන්ල වගේ තමුන්ගෙම අසූචි වලින් ගහගන්න පටන් අරන් වගේ!

Main News