කොරෝනාවෙන් රට සුරැකි ආදර්ශය මහබැංකු සහනයෙන් ආර්ථිකය ගොඩදැමීමටත්.. අන්තිම රුපියල තෙක් වියදම් කරන හැටි ජනපති අදම මහජන බැංකුවට උගන්වයි..

June 17, 2020 at 10:02 pm | lanka C news
කොරෝනාවෙන් රට සුරැකි ආදර්ශය මහබැංකු සහනයෙන් ආර්ථිකය ගොඩදැමීමටත්.. අන්තිම රුපියල තෙක් වියදම් කරන හැටි ජනපති අදම මහජන බැංකුවට උගන්වයි..

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටි.

මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

මහබැංකුව සමග පැවති සාකච්ඡාවෙන් පසු රටේ ආර්ථිකය පුනරුදයට අවශ්‍ය පරිසරය සැකසීමේ අවස්ථාව රාජ්‍ය බැංකු වෙත පැවරී තිබේ. රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියාකළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් එතුමා සඳහන් කළේය. එහි පසුවිපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටින බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

බැංකුව ගමට ගෙන යාමට මෙය අවස්ථාවක් කරගත යුතු බවද ජනාධිපතිතුමා කීය. මේ මුදල් භාණ්ඩ ආනයනය සඳහා ණය වශයෙන් නොදිය යුතු බවද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුය. ඉදිකිරීම් කර්මාන්තයටද ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වෙයි. මධ්‍ය ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව සපුරාලීමට අවස්ථාව මහජන බැංකුවට විවෘත වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගතවූ මාස 08 තුළ මහජන බැංකුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සභාපති සුජීව රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ඉහළ කළමනාකරීත්වය සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

365 views

19 Comments to “කොරෝනාවෙන් රට සුරැකි ආදර්ශය මහබැංකු සහනයෙන් ආර්ථිකය ගොඩදැමීමටත්.. අන්තිම රුපියල තෙක් වියදම් කරන හැටි ජනපති අදම මහජන බැංකුවට උගන්වයි..”

  1. MD says:

    MAGE JIWITHAYA GANA LOKU SATUTAK DANENAWA JANAPATHI TUMANI.EKATA HETUWA MAGE JIWITHAYE NIWARADIMA KATIRAYA OBA WENUWEN LAKUNU KIRIMA.

    • වැඩ්ඩා says:

      රජයට සම්බන්ධ ආයතන සහ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනත් අහඹු ලෙස ගෙන්වා ඔය ආකාරයේ රැස්වීමක් පවත්වන්න. අහඹුලෙස ගෙන්වාගැනීමට අදහස් කරන ආයතන වල ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න එයින් එකක් ගෙන්වන්න. ඒවායේ වැඩ කිඩ අපි ලියන්නම්

  2. SL says:

    But why gvt is cancelling Coupon system for distributing cloths to students.With the coupon system many were benefited with the coupon system.Gvt can ask manufacturers to produce cloths n distribute

  3. දිමුත් says:

    බැංකු වලට වද දෙන්න එපා දෙවියනේ, ඒවාත් මහා අමාරුවෙන් දුවන්නේ. ඒ ගොල්ලන්ගේ කාර්ය ඒ ගොල්ල කරාපු වාවේ. යුධ නිලධාරියෙක් වෙන ජනාපතිට ඒවා තේරෙන්නේ නැහැ.

    • කංජිපානි says:

      උඹට තේරුනේ නැතිවට ජනාධිපතිතුමාට තේරෙනවා බං.
      ඒකනෙ ඊයේ නොතේරෙන උන්ට තේරෙන භාෂාවෙන් කියල දුන්නම අද උදේ වෙන කොට හොඳට තේරිලා වැඩේ කරේ.

    • jsk says:

      ඔව් ඔව් ! මෙච්චරකල් බැංකු ටික හොඳට වැඩ කරානෙ, නේද. මහ බැංකුවත් ඇතුලුව. නිකං පඩි කකා හිටපු නිලදාරින්ගෙන් වැඩක් ගන්න හදනකොට ඒකට විරුද්ධ ඇයි ?

    • අල්ලපු ගෙදර තිනන් says:

      බැංකු විතරක් දුවලා වැඩක් නෑ. ව්‍යාපාර වැටිලා ආර්ථිකය නතර වුනොත් බැංකු වලට යන්න වෙන්නෙත් හොම්බෙන්!

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      දිමුත්, බැංකු කියන්නෙ මොනවද කියලවත් උඹ දන්නවද​?ඒව ජනාධිපතිතුමා හරියට බලා ගනීවි.උඹ තියෙන දෙයක් කාල නිදා ගනින් මයෙ අම්ම​,,,

      • අනේ මගෙ කට says:

        බැංකු කියන්නෙත් බංකු වගේ කියල හිතං ඉන්න දිමුත් ල කොච්චර ඇත්ද රටේ තණකොළ කකා.

    • වරුන says:

      තමුසෙල වගෙ කාලකන්නි ගොන් නාම්බො හින්ද තමයි අපෙ රට කන්නෙ…. තමුසෙත් අයිස් පප්පෙක් වෙන්න ඇති…ප%ය

    • anura says:

      GON HARAKO: නිකං පඩි කකා හිටපු නිලදාරින්ගෙන් වැඩක් ගන්න හදනකොට ඒකට විරුද්ධ ඇයි ?

  4. Jude says:

    Its high time the central bank get its act together and render its duties. They should be ashamed that it took the presidents voice to trigger some action from them.

  5. Chan_SGP says:

    In order to promote money circulation By investing and doing business for profits, instead of People trying To earn free money on bank interest Paid for cash deposits should put at a low lead as Low as 1%. Then people think Creative ways of spending money for making profits on investments and as a result it will increase the economic development.

    • Wijebahu says:

      No deposit – no money in the bank.
      Then do you give all your money to the bank to do business.
      Looks like you are a member of ‘ වියත් මග ‘

  6. Ranjan says:

    Once I wanted to open a joint fixed deposit accont at Peoples Bank, Ratmalana branch and nominate my daughter as a claiment. But, I was informed that, they don’t accept joint fixed deposits with nominee declaraton on the instructions from the head office. I promptly gave my solution and the same in writing following day. Following day, I was informed by the branch that I can open the f/d with nominee declaration and they are free to do that thereafter. This is the calibre of top management of the Peoples Bank. This is my personal experience.

  7. Kabargoya says:

    Parippuwai, Salmon Tin Ekai Sathi Dekak Allan Hitinna Bariunata ..Maha Bankuwa Monawa Karannada ?

  8. lakdiwa says:

    Annthima Rupiyala Thek .wiyadam karanna ????
    loku Ayyaa Kamethi weida ?

  9. බන්ඩා says:

    මා දන්නා බොහෝ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් තමන්ගෙ ව්‍යාපාර නංවන්න කියල නස අරගෙන වාහන ගන්නවා ගෙවල් හදනවා පාටි දමනවා. අන්තිමට බිස්නසුත් නැතිව නය වෙලා බංකොලොත් වෙනවා. රජය මෙන්න මේකෙන් පරිස්සම් විය යුතුය්.

Main News