Exclusive : ගෝටාට මඩ ගහන වැඩසටහන වටලන්න මැතිවරණ කොමිසම රූපවාහිනියට පනී.. වීඩියෝව අතේ කෝට්… වරදකරුවන් විසින් මැතිවරණ නිලධාරීන් සිරකරති.. රූපවාහිනියේ උණුසුම් තත්වයක්..
November 7, 2019 at 10:32 pm | lanka C news
ජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට මැතිවරණ නිලධාරීහු පිරිසක් රූපවාහිනි සංස්ථාව වෙත අද සවස පැමිණියහ. කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී K.C නිරෝෂන් මහතා ප්රමුඛ දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සංස්ථා භූමියට පැමිණ තිබේ. කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ප්‍රධාන පොලිස් නිලධාරීන් පස් දෙනෙක් ද මීට අයත්.
ප්‍රධාන පාලක මැදිරිය වෙත පැමිණි මැතිවරණ නිලධාරී කණ්ඩායම එහි සිටි සංස්ථා නිලධාරීන්ගේ අවසරය මත සිදුවෙමින් පැවති සංස්කරණ කටයුතු විමර්ශනය කළේ ය .එහිදී සංස්කරණය වෙමින් පැවති සැකකටයුතු වැඩසටහනක් සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගැනීමට කේසි නිරෝෂන් මහතා ක්‍රියා කළේය. ඒ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පහසු වක් වන බව පවසමිනි.
එම අවස්ථාවේ එහි පැමිණි කාර්යභාර නිලධාරී එරින් විජේකෝන් මහත්මිය මැතිවරණ නිලධාරීන් ගේ අනන්‍යතාව පරික්ෂා කළාය.ඊට සහයෝගය ලබා දුන් මැතිවරණ නිලධාරි හු තම හැඳුනුම්පත ඉදිරිපත් කළහ.තමන් පැමිණියේ කුමන රාජකාරියට ද යන්න ලිඛිතව ලබාදෙන මෙන් කාර්ය භාර නිලධාරී විජේකෝන් මහත්මිය දිස්ත්‍රික් සහකාර තේරීම් භාර වරයාගෙන් ඉල්ලා සිටියාය .ඊට පුර්ණ එකඟතා පළ කළ කේ.සි නිරෝෂන් මහතා තම අත්අකුරින් පැමිණි කාරණය සටහන් කර අදාළ ලියවිල්ල එරින් විජේකෝන් මහත්මිය වෙත ලබා දුන්නාය.
අනතුරුව විමර්ශනය සඳහා සැක සහිත වැඩසටහනනේ සංස්කරණය වෙමින් පැවති කොටස ජංගම දුරකථනයෙන් පටිගත කළ ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු කණ්ඩායම පැමිණි රාජකාරිය අවසන් කරමින් සංස්ථා භුමියෙන් නික්ම යාමට තම මෝටර් රථය අසලට පැමිණියහ. ඒ සමඟම එම ස්ථානයට පැමිණි කාර්යභාර නිලධාරී එරින් විජේකෝන් , වැඩ වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ නිලාර් කාසිම් , දමිළ ප්රවෘත්ති සහකාර අධ්යක්ෂ එම් යකූබ් ඇතුළු පිරිසක් මැතිවරණ නිලධාරීන්ට විරෝධය පළ කරමින් තම අඩස්සියේ රඳවා ගැනීමට ක්‍රියා කළහ. මැතිවරණ නිලධාරීන් සංස්ථා භූමියෙන් පිටවීම වළක්වන ලෙස කාර්ය භාර නිලධාරිනිය රූපවාහිනි සංස්ථා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ සමඟ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුවත් කිරීමට සහකාර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ක්‍රියා කළේය. පැය භාගයකට ආසන්න කාලයක දී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිලධාරීන් අඩස්සිය් රඳවා ගැනීම පිළිබඳව දැඩි විරෝධය පළ කළේය. සිය රාජකාරි ජීවිතය තුළ ඍජු තීරණ ගත් තමාට මෙවන් අවස්ථාඅභියෝගයක් නොවන බව කියා සිටියේ ය .
දර්ශන රූපගත කරමින් සිටි රූපවාහිනී සංස්ථාවේ කැමරා ශිල්පීන් ඇමතු දේශප්‍රිය මහතා ලබාගත් දර්ශන තමා ඉදිරියේ ම මකා දමන ලෙස නියෝග කළේය. සංස්ථා පාලන අධිකාරියේ නියෝග මත එය රූපගත කල කැමරා ශිල්පීන්ට අදාළ දර්ශන තම කැමරා තුළම මකා දැමූහ.
මැතිවරණ නිලධාරීන් අඩස්සියේ තබා ගැනීමට කාර්යභාරය නිලධාරීනිය හා කීපදෙනෙකු ගත් උත්සාහයට සංස්ථා සේවකයන්ගේ සහයෝගය හිමි නොවූ අතර ඔවුන් මෙම සිදුවීමෙි ප්‍රේක්ෂකයන් බවට පමණක් පත් විය . සිද්ධිය පිළිබඳව ප්‍රධාන සහකාර මැතිවරණ තේරීම් භාර නිලධාරී නිරෝෂන් මහතා කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇත
– රූපවාහිනී වාර්තා කරු
Aiyoo.
“VERY GOOD MACO “
Hi! I could have sworn I’ve visited this website before
but after looking at some of the articles I realized it’s new to me.
Anyhow, I’m certainly happy I discovered it and I’ll be bookmarking it
and checking back frequently!
My God …. only Rupavahini. Why not Derana and Hiru……….may be in the coming days.
The subject that’s truly loyal on the Chief Magistrate will neither
advise nor submit to arbitrary measures. mortgage rates canada Signs may also be appearing that
other European markets are starting to pick up steam also.v