Exclusive : ගෝටාබය-හිස්බුල්ලා දුරකතන සංවාදයක් අන්තර්ජාලයට.. මිලියන ගාණක් සමග පවුල පිටින් මැලේෂියාවට..

November 6, 2019 at 9:20 am | lanka C news
Exclusive : ගෝටාබය-හිස්බුල්ලා දුරකතන සංවාදයක් අන්තර්ජාලයට.. මිලියන ගාණක් සමග පවුල පිටින් මැලේෂියාවට..

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා සහ ශ්‍රී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර රහසිගත දුරකතන සංවාදයක් සිදු වූ බවට දැක්වෙන රූප රාමු ද සහිත ව්‍යාජ වීඩියෝපටයක් හිස්බුල්ලා මහතාගේ හැඩරුවට ඉතා සමීප බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජාතිකයකු යොදාගෙන නිර්මාණය කිරීමට එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් සූදානම් වන බව ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කළේය.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර සිටියේය.

මෙම මඩ වීඩියෝව නිර්මාණය කිරීම සඳහා කොළඹ 01, වෝක්ෂෝල් වීදියේ පිහිටි එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් භාරදී ඇත්තේ SHIFT හා GROUP M නැමැති ප්‍රචාරක ආයතන දෙකට බව ද ජයන්ත සමරවීර මහතා මෙහිදී හෙළි කළේය. අදාළ මුස්ලිම් ජාතිකයාට මේ වන විට ලක්ෂ 50ක මුදලක් ගෙවීමට මෙම මඩ මෙහෙයුම් ප්‍රධානීන් එකගවී ඇති බවත්, මෙම රූගත කිරීම්වලින් පසුව එම තැනැත්තා ඔහුගේ පවුල සමග මැලේසියාව වෙත රැගෙන යාමට ද සජිත් ප්‍රේමදාස මඩ බලකායේ ප්‍රධානීන් සැලසුම් කර ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

සහරාන්ලාගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ මේ රටේ බහුතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයේ විසකුරු බවත් එකී අන්තවාදය පැරදවීමට හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ බවත් ඉතා හොඳින් තේරුම්ගෙන ඇති බවත් ජයන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.

ඒ නිසා ‘හිස්බුල්ලා හා ගෝඨාභය’ අතර සම්බන්ධයක් ඇති බව පෙන්වා, ගෝඨාභය රාජපක්ෂයන් වටා රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව තුළ සැක සංකා ඇති කිරීම මෙම මඩ ප්‍රචාරකයන්ගේ උවමනාව වී ඇති බවත් එවැනි නින්දිත උත්සාහයන් කල්තියා සොයාගෙන පැරදවීම දේශමාමක සියලු ජනකොටස්වල වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නොවැම්බර් 12 වැනිදා රාත්‍රියේ මෙම වීඩියෝපටය, අන්තර්ජාලය ඔස්සේ ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, යූටියුබ් සමාජ ජාල මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හැරීමට මෙම මඩකරියන් සූදානම්ව සිටින බවත් ඊට පිළිතුරු දීමට රාජපක්ෂ කඳවුරට ඉතිරිව ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කරන නොවැම්බර් දහතුන්වැනිදා පමණක් බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. හිස්බුල්ලා මහතා සිය සමීපතම අනුගාමිකයන් සමඟ කෙරෙන රහසිගත සාකච්ඡාවක දී ‘ආරක්ෂක ලේකම්තුමා, සර්’ යන ආමන්ත්‍රණය සහිතව ගෝඨාභය රාජපක්ෂ මහතා අමතන ආකාරයත්, ඔහුගෙන් උපදෙස් ගන්නා ආකාරයත් රූගත කර වීඩියෝව නිපදවා ඇති බවත් කී ජානිපෙ ජාතික සංවිධායකවරයා, මේවාට රැවටෙන ජනතාවක් අද නොමැති බවත් මෙවැනි මඩ ප්‍රචාර ජනතා සහායෙන් අනාවරණය කර ගැනීමට මහින්ද කඳවුරට හැකි බව එජාප මඩ බලකායට පෙන්වා දීමට කැමැති බවත් අවධාරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

115,774 Viewers

22 Comments to “Exclusive : ගෝටාබය-හිස්බුල්ලා දුරකතන සංවාදයක් අන්තර්ජාලයට.. මිලියන ගාණක් සමග පවුල පිටින් මැලේෂියාවට..”

  1. Vesamuni says:

    Early revelation of such mud-slinging campaigns largely neutralizes their harmful effect. Wimal and others of the SLPP must pay special attention to the possible misinformation that could be spread over the biased state, private, and international media after the 13th.

    • john the baptice says:

      මේවට තමා හොරාට කලින් කෙහෙල්කන වැට පනිනවා කියන්නෙ. මෙහෙම ඇත්තම විඩියෝ එකක් තියෙනව ඇති.

      • Just says:

        Read the book titled “Yuga Peraliya”, authored by Asoka Abayagunawardane (a Yahapalana supporter), published in 2015 in Sinhala medium. It will show you how they created false propaganda against MR during 2015 Presidential election campaign. Yahapalana group themselves admitted that they lied and created lies against MR et al.

  2. Ratnamalala says:

    ඔය ලක්තිලක කියන අමනයා මඩ ඔස්තාර් කෙනෙක්.මොන්ගලයටම හරියන එකෙක්.ජනතාව මේවාට රැවටෙන්නේ නැහැ.

  3. සමන් says:

    කවුරුන් දේශපාලනය කරත් මේ වගේ තිරසන් වැඩ කරන්න එපා කියලා, රට වැසියන් දේශපාලකයින්ගෙන් ඉල්ලිය යුතුය! – දේශපාලනය කුමක් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි දෙයක් නොකරන බව අපි විශ්වාස කරමු!

  4. kawinda says:

    mechchara details denagenath ei police baladhaarinta kiyanne neththe. UNP karayonam melahakatath polici gihilla dengaa natanawane.. yanawa policiyata. nethnam kiyanawalako sirisenata.

    • කිරිමෙල් says:

      යෝජනා දෙකම හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ නේද?

  5. Criminal says:

    කොහොමත් හිස්බුල්ලා ගේ සහයෝගය රාජපක්ශලාට නේ .

    • කිරිමෙල් says:

      ඒක ඉතිං අපි නොදන්න දෙයක් ද? වැඩබැරි කාලකන්නි රැලකට 2015දී රට භාරදීපු හරක් තවමත් තප්පුලන බවත් අපි දන්නව.

  6. Kiritoyya says:

    Bayyane
    kawadda ban Hisbulla Umbalata “Mahatha” Une ?

    • කිරිමෙල් says:

      වැඩබැරි කාලකන්නි රැලකට 2015දී රට භාරදීපු හරක් තවමත් තප්පුලන බව අපි දන්නව.

  7. Boo says:

    කොළ-බයියන් හෙවත් බැංකු හොරාගේ වහලුන් දිවා-රෑ මන්හන්සිවී මෙසේ වැඩ කරන්නේ තම හිඟන ආත්මයේ නියම වහල් ස්වභාවය පෙන්වීමට මිස තම හැකියාවන්ගෙන් රටට වැඩක් කිරීමට නොවේ.

  8. ජනක says:

    හිසුබල්ලා “මහතා” උනේ කවද ඉඳලද ආයුබෝවන්ඩ ?

    • කිරිමෙල් says:

      වැඩබැරි කාලකන්නි රැලකට 2015දී රට භාරදීපු හරක් තවමත් තප්පුලන බව අපි දන්නව.
      අනේ තමුන්ලගෙ දැනීම හා උගත්කම! බල්ලගෙ අධෝමාර්ගයෙ බැඳපු මීයක් වගේ.

  9. Anoosh says:

    Someone from SLPP or SLFP (Dayasiri and Amara group) has done this silly thing. Internal conflict hoo……uha

  10. Don says:

    සජින් ද වාස් ගුණවර්ධන + මර්වින් සිල්වා + රවුෆ් හකීම් + චන්ද්රිකා කුමාරතුංග + රනිල් වික්රමසිංහ ….. වඳුරන් සහ රිලවුන් + හරක්
    බැංකු හොරාගේ වහලුන්ජ යග්රහණය මේ වන විට ස්ථිර වී ඇති බව !
    ජනතාව මේවාට රැවටෙන්නේ නැහැ.

  11. Hirugal Bandara says:

    Gota is completely paranoid now. He knows he committed so many crimes. He is suffering from the mental condition of paranoia!! If I’m correct he left the army due mental health issues.

  12. guru says:

    බොරුකීම pathological lying නමින් හඳුන්වන රෝගයකි.බොරු කියන්නන්ගේ මොළයේ තිබෙන amygdala යන කොටසේ සංවේදීතාවය අඩුය.බොරු කීමේදී ඇතිවන භය,ලැජ්ජාව,පසුතැවීම වැනි ලක්ෂණ උත්පාදනය වන්නේ මෙම කොටසේය.මෙම රෝගී ස්වරූපය පාරම්පරික ලක්ෂණයකි.
    රාජිත මෙම රෝගයෙන් පෙළෙන්නෙකි.ඔහුගේ පුත් චතුර එහි උග්‍ර ආකාරයවන compulsive lying නමැති රෝගී තත්වය පෙන්වයි.පොදුවේ ගත් කළ unp පාක්ෂිකයින් තුල මෙම රෝගයේ ලක්ෂණ දක්නට ලැබේ.රනිල්,සජිත්,රවී ,වැන්නවුන් උදාහරණය.මෑත කාලයේ එක්වූ jvp සාමාජිකයින්ද මෙම රෝගී තත්වය පෙන්නුම් කරයි .

  13. sathya says:

    ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා සහ ශ්‍රී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර රහසිගත දුරකතන සංවාදයක් සිදු වූ බවට දැක්වෙන රූප රාමු ද සහිත ව්‍යාජ වීඩියෝපටයක් හිස්බුල්ලා මහතාගේ හැඩරුවට ඉතා සමීප බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ වෙසෙන මුස්ලිම් ජාතිකයකු යොදාගෙන නිර්මාණය කිරීමට එජාප ජනාධිපති අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ සිටින මඩ මාධ්‍යකරුවන් සූදානම් – Boru nam ey Baya? Ey mechchara diga NEWS daanne?

    • Boo says:

      බොරු නෙමෙයි නම් ඇයි news එකට බය? ඇයි පොලිසිය ලවුවා නඩු නොදමන්නේ, මඩ වීඩියෝ වෙනුවට?

      • toka says:

        මොනවටද බං නඩු දාන්නේ ? රහසිගතව සාකච්ඡා කලාටද? මෙන්න බලපන් නියම බයියෙක්