ගෝටා ජය මාවතේ පෙරටම.. දිනපතා නඩු අහන අධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..

July 25, 2019 at 11:20 am | lanka C news
ගෝටා ජය මාවතේ පෙරටම.. දිනපතා නඩු අහන අධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..

මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සළකා බැලූ බුවනෙක අලුවිහාරේ,ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළේය.

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.

එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එම පෙත්සම විභාග කිරීමට තමන්ට බලයක් නොමැති බව සඳහන් කළ අභියාචනාධිකරණය පසුව එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන්නේය.

මෙම අභියාචන පෙත්සම් විභාගය ඔක්තෝබර් 1 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් මෙම අතුරු නියෝග නිකුත් කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා , නීතීඥ සුගත් කල්දේරා යන මහත්වරුන් ද නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

– lankadeepa

50 views

40 Comments to “ගෝටා ජය මාවතේ පෙරටම.. දිනපතා නඩු අහන අධිකරණයේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි..”

  1. Wimal Deera says:

    Saharange Baappa …Thawa Nadu issarahata

  2. Aurora says:

    කෞතුකාගාරය ඉදිකරන්න පහත්බිම් සංවර්ධන මණ්ඩලේට කොන්ත්‍රාත් දුන්නම ඒ ඇණවුමට අනුව වැඩේ කරලා බිල දැම්මම මුදල් ගෙවන්න ඕන. ඒ ගිවිසුම කව්රුහරි කැඩුවනම් අලාභය අයකරගන්න සිවිල් නඩුවක් දානවා මිසක් අපරාධ නඩු දමන්න පුලුවන්ද? ඔය විධියට CTB බස් එකක හරි දුම්රියක හරි ටිකට් නැතුව ගිහින් අහුවුනොත් අපරාධ නඩුවක් නියතයි. මොකද රාජ්‍ය දේපල අවභාවිතය. CTB බස් එකක හරි දුම්රියක හරි පෝස්ටරයක් ඇලෙව්වොත් නැත්නම් හිඟා කෑවොත් අපරාධ නඩුවක් නියතයි. ඇප නැහැ. මොකද රාජ්‍ය දේපල අවභාවිතය. යහපාලන ගොන් තියරි.

  3. Ayotallah says:

    Jayawewa our Future President

  4. Ranjith says:

    Good luck

  5. සකුරා says:

    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!

  6. Ratata Adhare says:

    A good start toward the victory! Congratulation!

  7. Homapala says:

    Nil, Kola, .. okkoma neela Pal Horu.. Gota aye nadu walata ochchara Baya….. We need only Naga 😃😃😃
    ..

  8. බෙරලියන්තු says:

    ගෝඨාභය රාජපක්ෂ මැතිඳුනි, මේ රට වැටී තිබෙන අගධයෙන් මුදවා ගතහැක්කේ ඔබ තුමාට පමණි.

    මේ රටට සැබැවින්ම ආදරය කරන සියලූම දේශප්‍රේමීන්ගේ එකම පැතුම ඔබයි.

    සියලු බාධා බිඳඟෙන පෙරට එන්න!

  9. URD says:

    දැන්වත් ඉගෙන ගන්න. ඇමෙරිකාවේ හෝ අනිත් බටහිර රටවල පෙට්‍රල් ගහන ජොබ් එක කරන්නේ හුඟක්ම ඉගන ගන්න සිසුවන් . ඒ තමන්ගේ අධ්‍යාපන වියදම් වලට හා පොකට් මනි සඳහා. අමෙරිකවෙනම් හොඳ තැන් වල වැජඹෙන උදවිය කොපමනනම් මෙවැනි රැකියා කරපු අයද . මෙය ලජ්ජාවට කරුණක් සිතන්නේ ලිං වල ඉන්න ගෙම්බෝ පමනය්.

  10. namal,s says:

    Gotabaiia told to srilankan news papers that Gnanasara monk suffering from cancer !!!please share this message to each srilankan Buddhist…

Main News